Loading...
Gas Factory එකක R600a Gas Cylinders වලට පුරවන්නේ මෙහෙමයි

Gas Factory එකක Gas පිරෙන අකාරය දැකලා තියෙනවද? මේ ලිපියේ තියෙන Video වල තියෙන්නේ මම වැඩ කරන Factory එකේ මම Operate කරන Machineවල R600a Gas එක Filling වෙන ආකාරය.

මොකද්ද මේ R600a කියන්නේ?

මේ R600a කියනේ ඕසෝන් ක්ෂය වීමේ අවධානමක් නොමැති HFC-Free ශීතකාරක ගෑස් එකක් වන අතර පෙර භාව්තා කළ Refrigerant Gas වලට ආදේශකයක් ලෙස භාවිතයට ආපු ගෑස් වර්ගයක්. R-22 කියන ගෑස් එක තමා අපි කලින් පාවිච්චි කරේ. මේවටම තමා HCFC-22, Chclf2 කියලා කියන්නෙත්.

Chlorodifluoromethane කියලත් මේවට කියනවා. 2020 වසරේදි මේ ගෑස්වලට අලුතින් නීති සම්පාදනය කරා. ඒ අනුව මේ R22 නිසා ඕසෝන් ස්තරය හානී කිරීම හා ගෝලිය උෂ්ණත්වය ඉහළ නැංවීම යනාදි කරුණු ප්‍රධාන වශයෙන් සලකා 2030 වර්ශයේදී පමණ ලෝකයෙන් මේ ගෑස් වර්ගය විශ්‍රාම ගැන්වීමට නියමිතයි.

ගෘහාශ්‍රිත ශීතකරණ සමග කලින් භාවිතා කළ R-22 සමග සසදද්දී සාපේක්ෂව ඉතාමත් අඩු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අවධානමක් තමා මේ R600a වල තියෙන්නේ. ඒ කියන්නෙ එහෙම අවධානමක් නැතිම තරම් කියන එක. යුරෝපය තුළ නම් 2022 ජනවාරි වන විට සියලුම ගෘහාශ්‍රිත ශීතකරණ (ලොකු ගොඩ නැගිලිවල ඇති ශීතකරණ සහ අධිශීතකරණ හැර) ඔසෝන් ස්ථරය හානි කිරීමෙ අඩු අවධානමක් ඇති මෙම R600a පාවිච්චි කිරීම අනිවාර්යෙන් භාවිතා කිරීමට රෙගුලාසි පැනෙව්වා ලොකයේ අනිත් රටවල් වලටත් මේ විදිහටම රෙගුලාසි පනවලා ඇති කියලා මම අනුමාන කරනවා.


ගැස් එක ගැන විස්තරේ ඔලුවට දාගන්න ඇති කියලා මම හිතනවා. දැන් මෙතන සිදුවෙන Process එක ගැන මම විස්තර කරන්නම්. පළවෙනි Video එකේ තියෙන්නෙ Capping Process එක මේකෙදි වෙන්නෙ හිස් Canister එකට Cap එක වදින එක. Cap එක වැදුනට පස්සේ මෙ Canister එක ඇතුලෙ තියෙන වාතය සම්පූර්ණ එලියට ඇද දමලා Canister එක සම්පූර්ණ හිස් කිරීමකට ලක් කරනවා. උඩ Cap එක කිව්වෙ මෙ Canister එකට අදාල කැප් එක. සාමාන්‍යයෙන් මේ Canister එන්නෙ උඩ කැප් එක නැතුව. මෙ කැප් එකෙ තියෙන වෑල් එකෙන් තමා Canister එක ඇතුලෙ තියෙන ගෑස් එලියට ක්‍රමානුකූලව මුදා හරින්නෙ.

ඊට පස්සෙ දෙවෙනි එකෙ තියෙන්නෙ මුලින් Canister එකට තියපු Cap එක සීල් කිරීම හා R600a Liquid Gas 420g ක් 23Bar යන පීඩනයක් යටතෙ පිරවීම. මෙතනදිත් ගෑස් පිරිච්ච Canister එක එක්කම ඊළඟ අදියරට යන්න කලින් ගෑස් නියමිත ප්‍රමානෙට පිරි තිබෙනවාද හා ලීක් තිබෙනවාද යන්න පරික්ෂා කරනවා. මෙතනදි පළමු වතාවට ගෑස් ලීක් වෙනවද කියලා Gas Leak Detector එකකින් පරික්ශා කරනවා.

මේ තුන්වන විඩියෝ එකේ තියෙන්නේ සම්පූර්ණම පිරිච්ච Canister එකක් 420g කියන නියමිත බරට තියෙනවාද Leak තිබෙනවාද යන්න තහවුරු කරා ගැනීම හා Safety Cap එක හා එම දවසට අදාල නිශ්පාදිත දිනය හා කාණ්ඩ අංක Canister එක මත මුද්‍රනය කිරිම හා පැකින් කිරිමයි. මේ Quality Control කරන Stage එකෙදි මැන බලන මෙම Canister එකේ බර ප්‍රමාණය අවමය 415g හා උපරිමය 425g යන සීමවන් ඉක්මවා ගොසින් ඇති Canister Reject කරනවා. Quality Control පැත්තෙ සියළුම වැඩ ඉවර වුණායින් පස්සෙ Packing Section එකට මේ Canisters එනවා. Packing කිරීමෙදි R600a Gas 420g සමන්විතව පිරවිච්ච ගෑස් Canisters 12ක් එක Cardboard Box එකකට යන්ත්‍රානුසාරයෙන්ම ඇසුරුම් කරනු ලබනවා.

හතරවන විඩියෝ එකෙ තියෙන්නෙ අපි Safety Test එක කරන විදිහ. සැම Canisters 1000කටම Randomly තෝර ගන්න කැනිස්ටර් 10 අපි මෙහිදි පරික්ෂා කරනවා. මේක අනිවාර්ය නීතියක් හැබැයි මෙතනදි අපි ගෑස් වෙනුවට මේ Canister එකට පුරවන්නෙ වතුර. වතුර පුරවන්නෙ මේ ටෙස්ට් එක කරන Operator ආරක්ෂාව සඳහා. මෙතනදි මේ Canister එකට වතුර 26Bar ඉක්මවා යන පීඩනයක් යටතේ පිරවෙනවා. මේ පිරවෙන අතරේ 24Bar කියන සිමාව ඉක්මවා යන්න කලින් මෙ කැනිස්ටර් එක පුපුරා ගියොත් අන්න ඒ කැනිස්ටර් එකෙ නියමිත තත්වෙන් නෑ කියලා අපි නිගමනයකට එනවා.

මෙ විදිහට 1000කින් 10ක් අරන කරන Test එකෙ 3කට වඩා Fail උනොත් ඒ 1000හෙ කොටසම Safety නැති කැනිස්ටර් විදිහට Reject කරනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති 10ක් Reject උනාම 1000ක්ම අයින් කරන්නේ අපරාදෙනේ කියලා. හැබැයි ඒක අපරාදෙකට වඩා ඒක තමා Factory එක විසින් Clientට දීලා තියෙන විශ්වාසය හා Factory එකෙ Quality එක. කැනිස්ටර් 1000ක ගාන වගේ නෙවෙයි ගින්නක් ගත්තොත් ඒකෙන් වෙන හානිය. මොකද මේ R600a Order යද්දි අඩුම 20,000L, ඒ කියන්නෙ එක Orderඑකකට සාමන්‍යෙන් Canister 40,000ක් 50,000ක් විතර යනවා.

මොනම යම් ​හෝ හේතුවකින් මේ එකක් ලීක් වෙලා, ගිනි ගත්තොත් අර ඉතුරු ඔක්කොම ගිනි ගන්නවා. හැබැයි Factory එක ඇතුලෙ නම් මෙ Canister එකක් හො කුමනම හො ​ආකාරයක ගෑස් කාන්දු වීමක් ගින්නක් ඇති වෙන්න තියෙන ප්‍රතිශතය ගෙදර තිබෙන LNG සිලින්ඩර් එකක් ගිනි ගන්න තියෙන ප්‍රතිශතේට වඩා අඩුයි. එකිනෙක වෙන්ව වැඩ කරන කරන්ට් එක නැති වෙලාවකදි පවා වැඩ කරන Safety System හතරකින් ආරක්ෂා කරනවා. අපි වැඩ ඉවර කරද්දි මේ ගෑස් Store කරලා තියෙන Tank එකෙ ඉඳන් Filling කරන Machine එක දක්වා එන බට Line වල තියෙන R600a ගෑස් ඉවත් කර ඒවට Nitrogen පුරවනවා. නැවත උදේට වැඩ පටන් ගද්දිත් ආයතනය විසින් ලබාදි තිබෙන Safety Checklist එක Complete කරලා තමා මේ Machine එක ක්‍රියාකාරි මට්ටමට ගේන්නෙ.


මම උඩ කිව්වා මතකද Liquid Gas ගැන. මෙ Gas වර්ග Liquid කරන එක ගැන වෙනම කතාවක් තියෙනවා. ඒක මම වෙනම ලිපියක් විදිහට දෙන්නම්. මේක තමා R600a වල කතාව ඔයාලා අලුතින් යමක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් හැමෝටම ජය වේවා!