Loading...
2021දී වෙළඳපලට නිකුත් වන සුපිරිම Electric vehicles 07

මේ වෙනකොට ලෝකය බලපාල තියෙන වායු දූෂණය සහ ඉදිරියේදී ඇති වීමට නියමිත ඛණිජතෙල් අර්බුද හේතුවෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන වලට ඇති ලෝක ඉල්ලුම ඉතාමත් සීඝ්‍රයෙන් ඉහල යමින් තිබෙනවා. මේ 2021 වර්ෂයේදී නුකුත් වීමට නියමිත විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන අතුරින් සුපිරිම වාහන 07 ගැන කෙටියෙන් ඔබට ගෙන එන විස්තරයක්.

1. Tesla Cybertruck

මෙම රථයට stainless steel body එකක් ඇති අතර මේ වෙද්දි කිසිම වාහනයකට නැති body design එකක් මේ වාහනයට තියෙනවා. Cybertruck එක Single Motor RWD, Dual Motor AWD හා Tri Motor AWD වශයෙන් මාදිලි 3 කින් මිලදී ගැනීමට පුලුවන්. Tri Motor AWD Model එකට තත්පර 2.9 ට අඩු කාලයකින් 0 mph සිට 60 mph වේගයක් ලබාගැනීමට පුලුවන්. Tri Motor AWD Model එකට 500 miles ක range එකක් තියෙනවා.
පෙර සදහන් කළ models 39900$ - 79900$ මිල පරාසය තුළ මිලදීගන්න පුලුවන්.

2. GMC Hummer EV

මේක තමයි ලෝකෙ පලවෙනි All Electric Super Truck එක වෙන්නෙ.මේක Models 4 කින් release උනත් 2021 දි මිලදී ගන්න පුලුවන් වෙන්නෙ මේක ගණන් වැඩිම Model එක වෙන Hummer EV Edition 1. මේක 3 Motor model එකක්. මේකට තත්පර 3 ට අඩු කාලයකින් 0 mph සිට 60 mph වේගයක් ලබාගන්න පුලුවන්. මේ Model එකට 350 miles ක range එකක් තියෙනවා. මේකේ විශේෂම කාරණයක් විදියට මේකට මිනිත්තු 10 ක charge එකකින් 100 miles දුරක් යන්න පුලුවන්. 2021 දි මිලදී ගන්න පුලුවන් මේකෙ මිල 112000$ + වෙනවා.

3. Rivian R1t

Quad Motor Setup එකක් එක්ක එන මේ vehicle එකට තත්පර 3 කින් 0 mph සිට 60 mph වේගයක් ලබාගන්න පුලුවන්.මේකට 300 miles range එකක් තියෙනවා. ඒවගේම extra feature එකක් විදියට 10000$ ගෙවල 400 miles range එකක් ගන්නත් පුලුවන්.
මේකෙ මිල වෙන්නෙ 67500$ න් පටන් ගන්නවා.තමන් කැමති customizations එක්ක මිල ඉහල යනවා.

4. Volkswagen Id.4

මේ vehicle එකට 250 miles range එකක් තියෙනවා. ඒ වගේම මිනිත්තු 10 කින් 60 miles range එකකට charge කරගන්න පුලුවන්. මේකෙ මිල 40000$ වල ඉදන් ඉහලට වෙනවා.

5. Ford Mustang Mach-E

මේ vehicle එක models 5 කින් release වෙනවා. මේකෙ GT model එකට 0 mph සිට 60 mph වේගයක් තත්පර 3.8 කින් ලබාගන්න පුලුවන්.ඒ වගේම 250 miles range එකක් තියෙනවා. මේ vehicle එකේ first edition කියන model 270 miles range එකක් තියෙනවා.
මේකෙ මිල 42000$ ඉදන් ඉහලට වෙනවා.

6. Nissan Ariya

මේ vehicle එකට 300 miles range එකක් තියෙනවා. ඒ වගේම තත්පර 5 කට වඩා අඩු කාලයකින් 0 mph සිට 60 mph දක්වා වේගයක් ලබාගන්න පුලුවන්.
මේකෙ මිල 40000$ ඉදන් ඉහලට වෙනවා.

7. Lucid Air

මේ vehicle එක air, air touring, air grand touring, air dream edition විදියට models 4 කින් release වෙනවා. මේ හැම model එකක් මිනිත්තු 20 කින් 300 miles range එකක් charge කරගන්න පුලුවන්. මේකෙ air dream edition model එකට 0 mph සිට 60 mph දක්වා ලගාවීමට ගතවන්නේ තත්පර 2.5 ක කාලයක්. එම model එකේ range එක 465 miles පමණ වෙනවා. මෙහි air grand touring model එකේ range එක 517 miles පමණ වෙනවා.
මේ vehicle එකේ මිල 77000$ සිට 169000$ දක්වා වෙනවා.

Sources: The Verge YouTube, tesla.com, gmc.com, rivian.com, vw.com, ford.com, caranddriver.com, nissanusa.com, lucidmotors.com