Loading...
ඇමරිකා​වේ මොන්ටානා ප්‍රාන්තය TikTok තහනම් කරයි, ඊට විරුද්ධව TikTok නඩු මගට බ​සී

පසුගියදා එක්සත් ජනපදයේ Montana ප්‍රාන්තය මගින් පරිශිලකයන්ගේ පෞද්ගලික උපාංග වල TikTok යෙදවුම භාවිතා කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට කටයුතු කර තිබුණා. මේ සඳහා Montana ප්‍රාන්තයේ ආණ්ඩුකාර Greg Gianforte විසින් අත්සන කළ අතර මෙම නියෝගය 2024 වසරේ ජනවාරි 01 වන දා සිට බලාත්මකවීමට නියමිත බවට සඳහන් කර තිබෙනවා.

ඉතින් මේ ආකාරයට සමාජ මාධ්‍ය යෙදවුමක් සඳහා තහනමක් ඇති කිරීමට ආසන්නතම හේතුව විදිහට සඳහන් කරන්නේ චීන රජය විසින් මෙම යෙදවුම් හරහා පරිශීලක දත්ත ලබාගැනීම සිදුවීම හේතුවෙන් එය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඇමෙරිකාව තුළ විවිධ ප්‍රාන්ත TikTok සඳහා යම් යම් ආකාරයෙන් තහනම් පැමිණවූවත් මෙලෙස සියලුම පරිශීලක උපාංග සඳහා තහනමක් නිකුත් කළ පළමු ඇමෙරිකානු ප්‍රාන්තය වන්නේ Montana ප්‍රාන්තයයි.

පහත සඳහන් කර තිබෙන්නේ ඇමෙරිකාව තුළ TikTok යෙදවුම සඳහා තහනම් පනවා ඇති ප්‍රාන්ත නිරූපණය කරන සටහනක් වේ.

ඇමෙරිකාවේ ප්‍රාන්ත වල TikTok යෙදවුම සඳහා තහනම පනවා ඇති ආකාරය පෙන්නුම් කරන සටහනක්. (මෙය මෙම මස 18 වන දින වන විට යාවත්කාලීන වී පවතින සටහනක් බව සලකන්න) Source: CNN.com

ඉහත සටහනෙහි දක්වා ඇති පරිදි ඇමෙරිකාවේ ප්‍රාන්ත සඳහා විවිධ මට්ටමෙන් තහනම් පනවා ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මෙම සැබැඳිය ඔස්සේ පිවිසෙන්න.

Source: twitter.com

මෙලෙස TikTok සඳහා තහනමක් පනවා ඇති පසුබිමක විවිධ පාර්ශවයන් විසින් මෙලෙස ගෙන ආ තිබෙන නීතිය පිළිබඳව තර්ක සහ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් TikTok විසින් Montana ප්‍රාන්තය මෙලෙස ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එම ප්‍රාන්තයට එරෙහිව නඩු පැවරීම පසුගියදා සිදුකරන ලදී. ඔවුන් එමගින් සඳහන් කරන්නේ මෙලෙස සමාජ මාධ්‍ය යෙදවුමක් කෙරෙහි තහනමක් පැනවීම එම යෙදවුම භාවිතා කරන්නාවූ දහස් සංඛ්‍යාත පරිශීලකයන්ගේ අදහස් දැක්වීමේ නිදහස සීමා වීමකට ලක්වන බව සඳහන් කරයි.

විචාරකයන් සඳහන් කරනු ලබන ආකාරයට මෙම නීතිය බලාත්මක කිරීම ඉදිරියේදී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වීම සිදුවනවා ද යන්න නිශ්චිතවම පැවසීම අපහසු බවත් ඉදිරියේදී විවිධ ආකාරයේ පාර්ශවයන් මගින් ඇතිකරනු ලබන බලපෑම් සමග මෙම නීතියෙහි සංශෝදනයන් වුව ද සිදුවිය හැකි බවට සඳහන් කරයි.

Sources: edition.cnn.com www.aljazeera.com www.bbc.com