TikTok විසින් Instagram වෙත තරඟයක් ලබා දීම සඳහා වන නව යෙදුමක් හදුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මෙය දැනට ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ තෝරාගත් Android සහ iOS පරිශීලකයන් වෙත ලබා දී ඇති අතර මෙය සෑම දෙනාටම තවමත් ලබා ගත නොහැකියි. නමුත් පහත දැක්වෙන link හරහා ඔබට එය App Store සහ Google Play වෙතින් නිරීක්ෂණය කල හැකියි.

/2 We hope that the TikTok community will use TikTok Notes to continue sharing their moments through photo posts. Whether documenting adventures, expressing creativity, or simply sharing snapshots of one's day, the TikTok Notes experience is designed for those who would like to… pic.twitter.com/KPXJqbaOdG
— TikTokComms (@TikTokComms) April 17, 2024
මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන විශේෂාංගය වනුයේ images වලට headlines යෙදිය හැකි වීමයි. මෙම පහසුකම Instagram පරිශීලකයන් වෙත ලබා නොදුන් පහසුකමකි.

TikTok Notes හි මුල් පිටුව ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන අතර එය "For You" සහ "Following" යනුවෙන් දැක්වෙනවා. එමෙන්ම feed එක තීරු දෙකකට බෙදා ඇති අතර එය Pinterestහි homepage එකට සමානතාවයක් දක්වනවා.
මේ සුළු වෙනස්කම් කිහිපය හැරුණු කොට TikTok Notes යෙදුම Instagram වෙත බෙහෙවින් සමානකමක් දක්වන බවයි වාර්තා වන්නේ. Meta සමාගම මීට පෙර TikTok අනුගමනය කරමින් Instagram වෙත Reels පහසුකමද, Snapchat අනුගමනය කරමින් Stories පහසුකමද හදුන්වා දුන්නාක් මෙන් මෙවර TikTok විසින් Instagram අනුගමනය කරමින් TikTok Notes හදුන්වාදී තිබෙනවා.
කෙසේ නමුත් මෙම නව යෙදුම අනෙකුත් region වලට එලිදක්වන කාල සීමාව පිළිබඳව නම් තවමත් පැහැදිලි ඉඟියක් වාර්තා වී නෑ.
Source: notes.tiktok.com www.theverge.com beebom.com