Loading...
අගෝස්තු 1වනදා සිට TNL නාලිකාව සිය විකාශන කටයුතු නවතා දමයි

වසර 31ක් වැනි දීර්ඝ කාලයක් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික නාලිකාව වූ TNL රූපවාහිනී නාලිකාව අගෝස්තු 01 වන දා සිට සිය විකාශන කටයුතු නවතා දමන බවට නිවේදනය කොට තිබෙනවා.

1993 සිට වසර 31ක පමණ කාලයක් විකාශය වූ TNL නාලිකාව මෙලෙස විකාශන නවතා දමමින් Supreme TV නාලිකාව වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ලබා දී තිබෙනවා.

මෙතෙක් CSN නාලිකාව සතුව පැවති සංඛ්‍යාත ඔස්සේ විකාශය වූ Supreme TV නාලිකාව අගෝස්තු 01වන දා සිට TNL සංඛ්‍යාත ඔස්සේ නැරඹිය හැක.

  • UHF 49 (695.25 MHz) - කොළඹ
  • VHF 11 (217.25 MHz) - පිළියන්දල
  • UHF 21 (471.25 MHz) - බම්බලපිටිය
  • UHF 26 (511.25 MHz) - අවිස්සාවේල්ල
  • UHF 26 (511.25 MHz) - ගොන්ගල
  • UHF 26 (511.25 MHz) - මහනුවර
  • VHF 11 (217.25 MHz) - කරගහතැන්න
  • UHF 21 (471.25 MHz)- බදුල්ල
  • UHF 26 (511.25 MHz) - රත්නපුර
  • VHF 04 (67.25 MHz) - නුවර එළිය

මේත් සමඟ Dialog TV නාලිකා අංක 20ඔස්සේ විකාශය වූ Supreme TV නාලිකාව මෙතැන් පටන් නාලිකා අංක 12 ඔස්සේ විකාශය වනවා. තවද PEO TV නාලිකා අංක 13 සහ Freesat නාලිකා අංක 07 (SD) සහ 20(HD) ඔස්සේ ද Supreme TV නැරඹිය හැකි වනවා.

Supreme TV නාලිකාව පෙර භාවිතා කරන ලද (CSN නාලිකාවේ) දීපව්‍යාප්ත සංඛ්‍යාත නිදහස් වීම හේතුවෙන් නව නාලිකාවට ඉඩ කඩ සැපයීම මෙන්ම Dialog TV නාලිකා අංක 20 ඔස්සේ වෙනත් නාලිකාවක් විකාශය කිරීමට ද අවස්ථාව පවතී.

Source: FMTV Facebook Page