Loading...
Port City එක නිර්මාණය කරන්න මුහුද ගොඩ කරපු නැව් හෙවත් Trailing Suction Hopper Dredgers කියන්නේ මොනවාද?

කට්ටිය ගිය ටිකෙ ගෝල්ෆේස් එක පැත්තෙ ගියානම් අනිවාර්යෙන්ම දකින්ඩ ඇති මම මේ කියන නැව. අපේ පෝට් සිටි එක ඉදිකළේ සම්පුරණයෙන්ම මුහුද ගොඩ කරලා. එතොකොට මුහුද ගොඩ කරන්න තරම් වැලි කන්දරාවක් කොහෙන්ද ගෙනාවේ කොහෙන්ද? රට අභ්‍යන්තර​යේ තියෙන ගඟවල් ඇලවල් වලින් වැලි ගොඩදාලාවත්ද?

නැහැ මේ වැලි ලබාගත්තේ මුහුදෙන්මය්. මේ විදිහට මුහුදේ තියෙන වැලි අරගෙන ගොඩබිම් නිර්මාණය කරන්න අමුතුම ජාතියේ නැව් වර්ගයක් භාවිතා වෙනවා. මේ නැව් වලට කියන නම තමා Trailing Suction Hopper Dredgers (TSHD) කියල. නමුත් මේවට dredger vessel කියලා කිව්වත් වැරදි නැහැ.

මේ TSHD කියන නැව් පාවිච්චි කරන්නෙම මුහුද ගොඩ කරලා අලුත් ගොඩබිම් නිර්මාණය කිරිම මෝ​ය කටවල් ගැඹු​රු කරන්න මුහුදෙ ඇතිවන කුණාටු සුනාමි වගේ ආපදාවන් නිසා තැම්පත් වන මුහුදු වැලි ඉවත් කරන්න. මේ නැව් වල තියෙන බලවත් පොම්ප වලින් මුහුදේ තියෙන වැලි, මැටි, රොන් මඩ වගේ දේවල් ඇදලා අරගෙන ගොඩබිම් නිර්මාණය කිරීමේ හැකියාව මේවට තියෙනවා.

ටිකක් විශාල නැව් වල නම් දෙපැත්තේ තියෙනවා විශාල නල දෙකක් (suction pipes). සමහර කුඩා නැව් වලනම් එකක් විතරයි තියෙන්නේ. මේ නළ වලට සම්බන්ද වු කේබල් මගින් හෝ හය්ඩ්‍රොලික් ආම් වලින් මේ නල මුහුදු පතුළට පහත් කිරීමටත් නැවත එසවීමට​ත් හැකියාව තියෙනවා.

මේ නළ කෙළවරේ තියෙනවා trailing drag head නමින් හැදින්වෙන උපාංගයක්. මේක නිකන් හරියට වැකුම් ක්ලිනර් මැශින් එකක බ‍ටේ කෙලවර කොටුවට ඇති කොටස වගේ කොටසක්. මේක මුහුදු පතුළ දිගේ ඇදගෙන යනකොට මුහුදු පතුලේ තියෙන වැලි රොන් මඩ වගේ දේවල් මෙම කොටසට සම්බන්ද වී ඇති අධිබලැති පොම්ප මගින් අධික පීඩනයක් යටතේ ඇදගනු ලබනවා. ඊට පස්සේ ඒහෙම ඇදගනු ලබන වැලි සහ මඩ එම  නැවේ තියෙන ලොකු තටාකයක් (Hopper) වගේ එකකට එකතු කරනවා.

හැබැය් මේ වැඩේ හරියට කරන් යන්න නම් නැව එකම වේගයකින් ඉදිරියට හෝ පසුපසට යාත්‍රා කරන්න ඕනේ. වේගය වැඩි උනොත් ඇදගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම වේගය අඩු වුනො​ත් එකම තැන trailing drag head එක තියෙන හින්දා ගොඩක් වැලි සහ මඩ ඇදගෙන නළ වල හිර වෙලා හානියක් වෙන්නත් පුළුවන්. ඒ​ක හින්දා නැවේ වේගය කියන්නේ මේ වැඩේදි පරිස්සමටම කරන්​න ඕන වැඩක්.

දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ විදිහට වතුර​යි මඩ​යි වැලි​යි ඔක්කොම ඇදලා ගත්තාම නැවේ ඉඩ වැඩිපුර වැයවෙනවා ඇතිනෙ කියලා. නැහැ එහෙම වෙන්නෙ නැහැ ඒකට හේතුව මෙ නැ​ව් විසින් නැවේ ගබඩා කරන ටැන්කි (hopper) එක ජලය මිශ්‍ර වැලි සහ මඩ වලින් පිරුණට පස්සේ hopper එකේ එකතු වෙන මුහුදු ජලය නැවත මුහුදට මුදා හරිනවා. එතොකොට වැලි සහ මඩ වැඩි ප්‍රමාණයක් ගබඩා කරන ටැන්කි වල (hopper) එකේ ගබඩා කරගන්න පුළුවන්. ගබඩා කරන ටැන්කි (hopper) එක සම්පුරණයෙන් පිරුණට පස්සේ වැලි සහ මඩ ගොඩබිමට මුදා හරින්න පටන් ගන්නවා. නමුත් මේක කරන ආකාරයන් කිහිපයක්ම තියෙනවා.

මේකෙ​දි භාවිතා වන ක්‍රමයක් තමා Rainbowingy කියන්නේ. මේකෙදි වෙන්නේ අධි පීඩන පොම්ප මාර්ගයෙන් අර hopper එකේ තියෙන ජලය මිශ්‍ර මඩ සහ වැලි අධික පීඩනයකින් ගොඩබිමට පොම්ප කරන එක. ඒක තමයි මුහුද ගොඩ කරන්න භාවිතා කරන ප්‍රධානම ක්‍රමය. අපේ පෝට් සිටි එක ගොඩ කලෙත් ඔන්න ඔය ක්‍රමයට තම​යි.

මේකෙ​දි Pressing කියලා කියන්නේ තව ක්‍රමයක්. මේකෙදි වෙන්නේ අර ටැන්කිය එහෙමත් නැතිනම් hopper එකේ තියෙන මඩ සහ වැලි නළ මාර්ගයෙන් දුරස්ථ ප්‍රදේශ වලට පොම්ප කරන එක. අනිත් ක්‍රමය තමා Dumping කියන්නෙ. මේකෙදි කරන්නේ අර hopper  එක සම්පුරණයෙන් විවෘත කරලා මුහුදු පත්ලට අර මඩ සහ වැලි මුදා හරින එක.

අපේ පෝට් සිටි එක හදන්න මුහුද ගොඩකරන්ඩ පාවිච්චි කරපු නැව තමයි චීනයට අයි​ති Jun Yang 1 කියන්නේ. මේ වර්ගයේ ආසියාවේ තියෙන ලොකුම නැව තමයි මේක. මෙ නැව දිගින් මීටර් 170ක් වනවා. ටොන් 33,033 ක බරක් දරාගන්න පුලුවන්. ​ඒ වගේම මෙ නැවේ සක්ශන් ටියුබ් දෙකක් තියෙනවා. ​මේ එක ටියුබ් එකක් සාමාන්‍යයෙන් 40m-60m අතර දිගකින් යුක්ත වන අතර මේ ටියුබ් 90m දක්වා දිගු ක​ල හැකි​යි.

​මේ ජාති​යේ නැ​ව් වලින් දැනට ලෝකයේ තියෙන විශාලතම නැව විදිහට සැළකෙන්නේ Cristobal Colon නැමති නැව​යි. මේ නෞකාවේ දිග මීටර් 223 ක්. එයට මුහුදු පත්ලේ මීටර් 155 දක්වා ගැඹුරක ඇති වැලි සහ මඩ ඇදගැනීමට හැකියාව තියෙනවා. මෙම නෞකාවට ටොන් 78,000 ක බරක් ප්‍රවාහනය කරන්නත් පුළුවන්.