Loading...
යන එන ගමන් Electric vehicle charge කල හැකි පාරක් නිපදවයි

දැනට පෘථිවිය මුහුණදෙන කොරොනා වෛරසය හැරුන කොට අනෙක් විශාලතම  අභියෝගය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. එබැවින් electric vehicle යනු අද පවතින විශාල ම අවශ්‍යතාවයකි. දැනට පවතින electric vehicle වල මූලිකම ගැටළුව වන්නේ ඒ charge කිරීමයි. එබැවින් එහි අයිතිකරුවන්ට විටින් විට එහි බැටරි මට්ටම පරික්ෂා කිරීමට සිදුවෙයි. Electreon යනු මෙම ගැටළුවට වාහනය ගමන් කරන අතරතුර charge කල හැකි ක්‍රමයක් ඉදිරිපත් කළ සමාගමකි.

ඊශ්‍රායලය පදනම් කරගත් මෙම සමාගම ලොව ප්‍රථම විද්‍යුත් මාර්ගය මේ වන විට නිර්මාණය කරමින් පවති. මෙම මාර්ගයට වාහනය ධාවනය වන අතරතුර charge කිරීමේ හැකියාවක් පවතී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් electric vehicle charging points තවදුරටත් අවශ්‍ය නොවේ. අනෙක් අතට එය ඔබගේ electric vehicle ගමන් කිරීම අන් කවරදාටත් වඩා පහසු කරාවි.

දැනට ඊශ්‍රායලයේ Tel Aviv නගරයේ මෙම මාර්ගය ඉදිවෙමින් පවතී. මෙය විශ්වවිද්‍යාලෙ සිට 2km දුරින් පවතින දුම්රිය ස්ථානය දක්වා විහිදෙයි. තවද එම මාර්ගයට electrec vehicle වල කිසිදු වෙනස්කමක් සිදු නොකර charge කිරීමේ හැකියා පවතී. මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සමාගම මාර්ග තවදුරටත් දීර්ඝ කිරීමට සැලසුම් කොට ඇත.

මාර්ග යටින් දිවෙන coils භාවිතා කරමින් මෙම charge කිරීම සිදුකරයි. මෙම coil වාහනේ ඇති "receivers" ට electrical signals යවයි. සමාගම ට එක් රාත්‍රියක් තුල සැතපුම් දෙකක් - තුනක් පමණ දිග coils එලීමේ හැකියාවක් පවතී. ඉතින් මෙම මාර්ගය අපට සිතා ගත වත් නොහැකි තරම් වේගයකින් ඉදි කළ හැක.

Kia Motors හා BMW වැනි විශාල සමාගම් elitech vehicle charge වීම වැඩිදියුණු කරමින් පවති. මෙම සමාගම විසින් සපයා ඇත්තේ electric vehicle charging කිරීමට හොඳ ක්‍රමයක්  මිසක් charge වීමට හොද ක්‍රමයක් නොවේ.

ජර්මනිය එංගලන්තය වැනි රටවල් මෙවැනි තාක්ෂණයක් අත්හදා බලෙමින් පවතින අතර අපට ඉදිරි කාලයේදී සැබෑම electric-charging road දැක ගැනීමට ලැබෙනු ඇත.