Loading...
Twitter එකටත් reactions ලබා දීමට යන ලකුණු

මෙච්චර දවස් twitter එකේ තිබ්බේ Favorite button එක විතරයි. මේ වෙනකොට Facebook එකේ වගේ reactions 6ක් test කරගෙන යනවා. Facebook එකේ වගේම Twitter එකේත් favorite button එක උඩ long tap කරගෙන හිටියම තමයි මේ reactions එන්නේ. මීට කලින් Twitter එක විසින් direct messages වලට reactiona ලබා දුන්නා මේ අවුරුද්ද මුලදී.

Twitter mobile app එකේ beta version එක reverse engineering කරපු Jane Manchun Wong විසින් තමයි මේ reactions 6 හෙලිකරගෙන තියෙන්නේ. ඇයට පහත reactions සොයාගැනීමට හැකි වී ඇත.

? Smiley face
? Crying face with laughter
? Shocked face
? Thanks
?100%
? Strikethrough

සාමාන්‍ය පුරුදු අන්දමට react කරනවාට අමතරව Twitter එකට අලුතෙන්ම එකතුවුනු feature එක වෙන Fleets ඔස්සේද react කිරීමේ option එකක්ද ලබා දී ඇති බව ඇය තව දුරටත් හෙලි කරනවා.

SocialMediaToday පවසන අන්දමට Twitter එක emoji reactions සඳහා කටයුතු කරමින් සිට ඇත්තේ Facebook විශින් ඔවුන්ගේ reactions develop කරමින් සිටි 2015දී තරම් ඈතකදී සිට බවයි. කෙසේ වුවත් නුදුරු දිනකදීම Twitter reactions අපට බලාගත හැකිවනු ඇත.

Twitter විසින් නිකුත් කල නවතම feature එක වන Fleets ගැන පහතින් ඔබට කියවිය හැක.

Source: iDownloadBlog