Loading...
ඔබගේ කටහඬින්ම tweet කරන්න Voice Tweets, Twitter සමාගම විසින්  හඳුන්වා දෙයි

අද Twitter සමාගම විසින් Twitter එකට අළුත් feature එකක් හඳුන්වා දුන්නා. මේ අළුත් feature එක හරහා tweepsලට, එහෙම නැත්තම් Twitter පරිශීලකයන්ට පුලූවන් මෙච්චර දවස් එයාල අකුරු 280කින් කරපු වචන හරඹය, තමන්ගේ කටහඬින්ම Twitter අවකාශයට උපරිමය තප්පර 140ක කාලයක් තුල මුදා හරින්න. 140 කියනකොට මතක් උනේ, ඉස්සර Twitter එකේ තිබ්බෙත් අකුරු 140ක සීමාවක්, පසුකාලීනව ඒක අකුරු 280ක් දක්වා වැඩි උනා.

මේ පිළිබඳ නිවේදනය කරමින් Twitter සමාගම ඔවුන්ගේ blog අඩවියේ සටහනක් තැබුවේ පහතාකාරයෙනි.

Twitter is where you go to talk about what's happening. Over the years, photos, videos, gifs, and extra characters have allowed you to add your own flair and personality to your conversations. But sometimes 280 characters aren't enough and some conversational nuances are lost in translation. So starting today, we're testing a new feature that will add a more human touch to the way we use Twitter - your very own voice.

ඊට අමතරව Twitter එකේ නිල Twitter ගිණුම විසින් පහත ආකාරයෙන් Voice Tweets එලි දැක්වීම නිවේදනය කර තිබුනා.

ඊට අමතරව Twitter Support ගිණුම තුලින් Twitterහි ප්‍රථම Voice Tweet එක tweet කර තිබුනේ පහත අයුරිනි

කොහොමද Voice Tweet එකක් දාන්නේ?

මං මගේ tweet account එකෙන්ම ගත්තා screen record එකක් ඔයාලට තවත් ලේසි වෙන්න. ඒක GIF එකක් විදොහට හදලා ඔන්න දැම්මා.

ඉතිං ඔය විදිහට ඔයාට දෙන්න තියෙන පණිවිඩය තප්පර 140ක්, එහෙමත් නැත්තම් විනාඩි 2යි තප්පර 20ක කාලයක් ඇතුලත ඔයාට ලබා දෙන්න පුළුවන්. මේ විදිහට දාපු Voice Tweet එකක් play කරලා, ඒ tweet එක play වෙන අතරතුරේදී ඔයාට පුළුවන් වෙනදා වගේම ඔයාගේ Time Line එකේ පල්ලෙහාට යන්න.

දැනට Voice Tweets iOS වලට පමණක් නිකුත් කරල තියෙන අතර, සීමිත ප්‍රමාණයකට පමණක් නිකුත් කර ඇත.

එක් tweep කෙනෙකුන් විසින් තමන්ට Voice Tweets ලැබී නැති බවට දන්වමින් මැසිවිලි නගමින් දැමූ Tweet එකක්.

මීට අමතරව මේ අළුත්ම feature එක ගැන ශ්‍රී ලාංකීය Tweepsලා අතර ඇති මතය මේ ආකාරයෙන් ඔවුන් තම Twitter අවකාශයට මුද හැර තිබුණේ පහතයුරිනි.

මීට අමතරව අපේ ලංකාවේ Tweepsලා ඔන්න සුපුරුදු විදිහට #VoiceTweetsහැමෝටම hash tag එකක් ගහල time line එක හාන්න අරගෙන. ඔයාලටත් ගිහිං බැලුවොත් උඩ තියෙන Tweets වලට අමතරව ගොඩක් tweets බලාගන්න පුලුවන්.

නුදුරේදීම සේරම Twitter usersලාට, iOS, Android, iPadOS සහ අනෙකුත් මෙහෙයුම් පද්ධති භාවිතා කරන Voice Tweets ලබා දෙන බව Twitter සමාගම නිවේදය කරල තිබ්බා.

මේ Article එක ලියන මගේ නම් අදහස, මේ අළුත්ම feature එක ගොඩක් හොඳයි, ඒත් ඒක පිළිවෙලකට, නියම විදිහට අවශ්‍ය අවස්ථාවට භාවිතා කරන්න. නැත්තම් Twitter කේ ජීව ගුණය නැති වෙලා තවත් Facebook එකක් වගේ වෙයි.

Source: Twitter Blog