Loading...
Headphones ගැන අපි නොදත් සහ තෝරා ගැනීමේදී අපි අනිවාර්‍යෙන් සැලකිලිමත් විය යුතු දේවල්

හෙඩ්ෆෝන්ස් කියන්නේ බොහොමයක් වෙලාවට සාමාන්‍ය සමාජයේ අපි දකින්නේ සංගීතය රසවිඳින්න ගන්නා එක මාධ්‍යක් විදිහට. ඒත් අත්තටම හෙඩ්ෆෝන්ස් ඊට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න භාවිතා කරනවා. අපි බලමු මුලින්ම හෙඩ්ෆෝන්ස් වලින් අපි කරගන්න වැඩ

  1. සංගීතය රසවිඳින්න
  2. ගේම්ස් ප්ලේ කරන්න
  3. Music production
  4. වෙනත්, ඒ කිව්වේ උඩ කියපු ප්‍රධාන කරුණු 3ට අමතරව අවශ්‍ය වෙන අනෙකුත් දෑ.

මේ ආකාරයට විවිධ කරුණු වලට භාවිතා කරන හෙඩ්ෆෝන්ස් තෝරා ගැනීමේදී අපි විසින් සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා සහ එම ප්‍රධාන කරුණුත් තව උප කරුණු කීපයකට බෙදෙනවා.

මේ දේවල් දැනගෙන හිටියොත් ඔයාට ගැලපෙන හරිම හෙඩ්ෆෝන් එක අඩු මිලකට හොඳ කොලිටියකින් මිලදී ගන්න පුළුවන්.

උදාහරණයකට ගත්තොත් මේ Article එක ලියන මට ගොඩක් වෙලාවට In-ear headset/headphones use කරන්න අමාරුයි, වම් කනේ බිත්ති ඉතාමත් සිහින් නිසා ඉක්මනට ආසාධන තත්වයන් එන නිසා. මට In-ear භාවිතා කරන්න පුළුවන් එකම headset එක Apple earbuds සහ Earpods විතරයි. ඒකත් මේ අලුතෙන්ම ආපු Earpod pro එක භාවිතා කරන්න බෑ.

අන්න ඒ හේතූ නිසා මං බොහොමයක් වෙලාවට පෙලඹෙනවා Over the ear headphone එකක් වැඩි මිලක් ගෙවල හෝ මිලදී ගන්න.

මෙන්න මේ වගේ කරුණු ගැන තමයි අපි මේ article එකෙන් කතා වෙන්නේ.

කනට සෙට්වෙන විදි

Earphons සහ head phons කනට සෙට් වෙන විදිහට වර්ග කීපයකට බෙදනවා.

  1. In-Ear Headphones සහ Earbuds
  2. Over-ear
  3. On-ear

අපි බලමු මොනවද මේ වර්ග තුන කියල.

1. In-Ear Headphones සහ Earbuds

කනේ ඇතුළු කුහරයටම කිඳාබහින හෙඩ්ෆෝන් අයිති වෙන්නෙ මේ කැටගරියටයි. ඒ කියන්නෙ දැනට තියෙන හෙඩ්ෆෝන් ලෝකෙ වැඩිම ප්‍රමාණයක් හෙඩ් ෆෝන් අයිති වෙන්නෙ මේ කැටගරියටයි. බොහෝවෙලාවට මේව වෙළඳපොලට එන්නෙ කනට කිඳා බහින ප්‍රමාණ වෙනස් කරවන එක එක හැඩයේ රබර් ටිප්ස් ටිකකුත් එක්කමයි. මොකද ඒ විදිහට ආවම ක්‍රියාශීලි මිනිසෙකුට වුනත් මේව ගැලවීමකින් තොරව තබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ විදියට හදපු උපාංග වලට අවට ඝෝෂාව මගහරින්නට උපන් ගෙයි හැකියාවක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයෙන් සහ මිලෙන් උසස් මේවායේ හඬ ගුණාත්මක භාවය ප්‍රමාණයෙන් විශාල හෙඩ්ෆෝන්වලට හොඳ තරඟයක් දෙන්නටත් සමත්.

ඉයර් බඩ්ස් වල පොඩි වැටියක් තියෙනව කන වටේ සෙට් වෙන්න. ගාණ අඩු වුනාට මේවයින් එන කොලිටිය නං අඩුයි. බොහෝමයක් පෝටබල් උපාංග එක්ක ලැබෙන්නෙ මේ උපාංග තමයි.

2. Over-ear

Arounf ear හෝ full size හෙඩ්ෆෝනයක් විදියට මේක හඳුන්වනවා. කන් හොඳින් සංවෘත වෙන්න cushion කරපු earcups මේවයෙ තියෙනවා. කතාවෙ හැටියටනං ඉතිං සංගීතය හොඳින් අත්විඳින්න තියෙන හොඳම විදිය මේක තමයි. passive noise reduction කියන නමින් හඳුන්වන අවට ශබ්දය මගහැරීමේ හැකියාව ඒ cushioned cups නිසා මේකට අනිවාර්යෙන්ම ලැබෙනවා.

3. On-ear

හැඩයෙන් නම් ඕවර් ඉයර් හෙඩ්ෆෝන්වලට සමානයි තමයි. හැබැයි කලින් එකේ විදියට කන සීල් වෙන්නෙ නෑ. කන වටේට තමයි කුෂන් එකසෙට් වෙන්නෙ. හොඳ ගුණාත්මක භාවයක් ශබ්දයේ තිබුනාට බේස් එක ටිකක් අඩුයි. ඒ වගේමයි මේක දාගෙන ඉද්දි ඔයාට වටපිටාවෙ ශබ්ද ඇහෙන්න ඉඩ තියෙනව වගේම ඔයා අහන දේත් වටපිටාවට ඇහෙන්න ඉඩ තියෙනවා.

Headphone වල වර්ගය අනුව කැටගරි

අපි උඩ කතා කරා කනට සෙට් වෙන විදිහ අනුව කොහොමද headphones වර්ග වෙන්නේ කොහොමද කියල. මෙතනදි අපි කතා කරන්න යන්නේ කොහොමද headphons වල වර්ගය අනුව category කරන්නේ කියලා.

  1. Wired headphones
  2. TrueWireless Headphones
  3. Wireless Headphones
  4. Neck-sitting

1. Wired headphones

වයර්ඩ් හෙඩ්ෆෝන්ස් ඉතින් අපි හැමෝම දන්න දේනෙ. මිලිමීටර් 3.5 ජැක් එකක් හරහා ෆෝන් එකට සෙට්වෙන මේ හෙඩ්ෆෝන් විශේෂය පොඩ්ඩක් ගැස්සිලා ගියේ ප්‍රසිද්ධ සමාගමක් ඒ ජැක් එක අයින් කළාට පස්සෙයි. හැබැයි ඉතින් කට්ටිය ඒ හේතුවෙන් ඒ සමාගමට පොඩි දෝෂාරෝපණේකුත් දැම්මා. හැබැයි ඉතින් තාම වයර්ඩ් හෙඩ්ෆෝන් ජැක් වඳවෙලා ගිහින් නැහැ.

ඒ විතරක් නෙවෙයි දැන් 3.5mm ජැක් එකට අමතරව දැන් USB-C, Lightning

2. TrueWireless Headphones

ඔය එළිපහලියෙ ගැවසෙන, ස්පෝට්ස් කරන අයට ගැලපෙනම දේ තමයි මේ. බ්ලූටූත් හරහා ඔබට අදාළ උපාංගයට සම්බන්ධ වෙලා ඔබට පැටළිලි නැති හඬ අත්දැකීමක් ලබාදෙන්න මේක සමත්. ඇපල් මේ තාක්ෂණයට නිකුත් කරපු ඉයර් බඩ්ස් නිසා තමයි කට්ටිය කලින් හෙඩ්ෆෝන් ජැක් නැති දුකට කෑගැහුවෙත්. කොහොම හරි මේ තාක්ෂණය ටිකක් මිල අධික වුනාට භාවිතයට තියෙන පහසුව නම් ඉහළයි.

3. Wireless Headphones

වයර් නෑ කිවුවට මේවයෙ වයර් නැත්තෙම නෑ. මොකද මේක චාර්ජ් කරන්න නම් අනිවාර්‍යෙන්ම කේබල් එකක් හරහා චාර්ජ් කරන්න වෙන නිසා.

4. Neckband

ඉස්සර මේක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ නෑ. ඒත් Youtube channel කරන කීප දෙනෙක් මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මේ වර්ගයේ හෙඩ්ෆෝන්ස් ලංකාවේ මේ වර්ගය වේගයෙන් ජනප්‍රිය වෙන්න ගත්තා. සාමාන්‍ය හෙඩ්ෆෝන් දැම්මම කොණ්ඩෙ අවුල් වෙන නිසා හෙඩ්ෆෝන් දාන්න අකමැති අයට තියෙන කොලිටි විසඳුමක් තමයි මේ. ඔලුව උඩ තියෙන බෑන්ඩ් එක වෙනුවට බෙල්ලට සෙට් වෙන බෑන්ඩ් එකක් ගැනයි මේ කියන්නෙ.

විශේෂතා අනුව වර්ගීකරණය

හෙඩ්ෆෝන් සතුව ඇති විශේෂතා අනුව කරන වර්ගීකරණය තමයි ඔයාට මෙතනදි බලාගන්න පුළුවන්

  1. Noise Cancelling and Sound Isolating
  2. Volume Limiting
  3. Bone Conduction
  4. Surround Sound
  5. Microphones and Controls

1. Noise Cancelling and Sound Isolating

Noice Cancellation සහිත Sony MDR-1000X/B
Noice Cancellation සහිත Sony MDR-1000X/B

පිටතින් ඇහෙන ඝෝෂාවත් එක්ක හෙඩ්ෆෝන් දාගෙන හිටියත් වැඩක් නැති තත්ත්වයක් තමයි තියෙන්නෙ. Noise Cancelling වලින් මූලිකව සිද්ධ වෙන්නෙ මෙහෙමයි. හෙඩ්ෆෝන් එකේ තියෙන පොඩි මයික්‍රොෆෝන් එකකින් අවට ශබ්දය රෙකෝඩ් කරනවා. ඊටපස්සෙ ඒ සද්දෙ රිවර්ස් කරලා ස්පීකර් අවුට් එකෙන් ඔබේ කනට නිකුත් කරනවා. ඒකෙන් සද්දෙ කැන්සල් වෙලා යන එක තමයි සිද්ධ වෙන්නෙ.

Sound Isolating සිද්ධ වෙන්නෙ ඒ වගේ යාන්ත්‍රණයකින් නෙමෙයි. ඒකට හොඳම උදාහරණය තමයි ඉන් ඉයර් හෙඩ්ෆෝන්ස්. ඉන් ඉයර්ෆෝන්ස් කන ඇතුළටම කිඳා බහින හින්දා ශබ්දයක් පිටතට නිකුත් වීමක් සිද්ධ වෙන්නෙ ගොඩක් අඩුවෙන්.

2. Volume Limiting

ඔන්න මේකනං අසන්නාගේ සුබසිද්ධිය වෙනුවෙන් සිද්ධ කරන දෙයක්. කනට අවුල් යන්න පුළුවන් ශබ්ද ගොඩදාන එක තමයි මෙයින් සිද්ධ වෙන්නෙ. ඒ කියන්නෙ කනට හානියක් වෙන්න පුළුවන් අධි හඬක් හෙඩ්ෆෝනයෙන් නිකුත් වීම පාලනය කරන එක. මේවයේ උපරිමය බොහෝවිට වෙන්නෙ ඩෙසිබල් 85යි. මේවා ගොඩක් නිපදවන්නේ ළමයින්ට වුනාට, මේවා පාවිච්චි කළ යුත්තේ ළමයින් පමණක්ම නොවෙයි.

3. Bone Conduction

කන් බෙරය පසුකරලා ඇතුළු කනට ශබ්දය කාන්දු කරන්න තමයි මේ උපාංගය නිපදවලා තියෙන්නෙ. බෝන් කන්ඩක්ෂන් හෙඩ්ෆෝන් සෙට්වෙන්නෙ කම්මුලට පොඩ්ඩක් උඩින් කන කිට්ටුවටයි. මේක හරියන්නෙ නිතර මහමග යන අයට. මොකද ඉයර්ෆෝන් ගහගෙන යනකොට අවට ශබ්දය ඇහෙන්නෙ නැති වෙන්න පුළුවන්. මේ උපාංගයෙන් කන් ආවරණය නොවෙන නිසා එවැනි අවස්ථාවෙක අනතුරු වෙන්න තියෙන ඉඩත් අවම වෙනවා.

4. Surround Sound

හොඳ හයිඑන්ඩ් හෙඩ්ෆෝන්ස් (ගේමින් හෝ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් භාවිතා කරන) වල තියෙන ෆීචර් එකක් තමයි මේ. වැඩේ සිද්ධ වෙන්නෙ සාමාන්‍ය හෝම් තියටර් පද්ධතියක තියෙන ක්‍රමයටම විවිධ මානයන්ගේ ශබ්ද තනි තැනකින් නොගිලිහෙන විදියට කන තුළට කිඳා බැහීමත් සමගයි.

5. Microphones and Controls

මේකත් බොහෝවිට දැකගන්න පුලුවන් වෙන්නෙ ගේමින්වල තමයි. මේ මයික්‍රොෆෝන් පහසුකම නිසා අනිත් නෙට්වර්ක් කරගත්තු ගේම් යාළුවොත් එක්ක ගේම් එකේ තත්ත්වය කතා කරගන්න පුලුවන්. ඒ වගේම ස්මාට්ෆෝන් එක්ක එන හෙඩ්ෆෝන්වලත් කෝල් ගැනීමේදී පහසුකමක් විදියට මේ මයික්‍රොෆෝනයත් හඬ පාලකයත් හොඳින් ක්‍රියාකරනවා.

Technically හෙඩ්ෆෝන්ස් වර්ගීකරණය

මෙතනදී අපි headphones වර්ග කරන්නේ එම හෙඩ්ෆෝන් වලට භාවිතා කරල තියෙන තාක්ෂණික සාධකත් එක්ක.

  1. Stereo සහ Mono
  2. Frequency Response
  3. Sensitivity
  4. Impedance

1. Stereo සහ Mono

ස්ටීරියෝ ශබ්දයේ තියෙන්නෙ කන් දෙකට වෙනස් ලයින් දෙකකින් සද්ද ඇහෙන විදියට. ඒකෙන් වෙනත් මානයකින් ශබ්දය ඇහෙන විදියට හැඟීමක් අසන්නාට ඇතිවෙනවා. මොනෝ සවුන්ඩ් එකනං ඒ විදිය නෙමෙයි. කන් දෙකෙන්ම ඇහෙන්නෙ එකම දෙයක්.

2. Frequency Response

හැම බ්‍රෑන්ඩඩ් හෙඩ්ෆෝන් ඩිසයින් එකකටම තියෙනව ඒකට අදාළ ශබ්ද පරාසයක්. සද්දෙ ලොකුවටම ඇහෙන එකෙන් සවුන්ඩ් කොලිටිය මනින්න බැහැ. සාමාන්‍යයෙන් මිනිස් කනට ඇසෙන්නේ හර්ට්ස් 20ත් කිලෝ හර්ට්ස් 20ත් අතර නිසා ඒ ගැනත් ඔලුවෙ තියාගෙනම අහන දෙයක් අහන එකයි හොඳ.

3. Sensitivity

හෙඩ්ෆෝන් එකකට ඇදගන්නා බලයට අනුපාතව හෙඩ්ෆෝන් එකෙන් පිටතට දෙන ඩෙසිබල් ප්‍රමාණය අතර අනුපාතයට තමයි හෙඩ්ෆෝන් එකක සෙන්සිටිවිටිය කියන්නෙ. එතකොට ලබාගන්නා mW එකකට නිකුත් කරන ඩෙසිබල් ප්‍රමාණය හැටියට තමයි ඒක මැනෙන්නෙ. සාමාන්‍යයෙන් පෝටබල් උපාංග වෙනුවෙන් යෝජනා වෙන්නෙ 100dBmWට වැඩි හෙඩ්ෆෝන් දෙකක් තමයි.

4. Impedance

මේක මනින්නෙ ඕම්වලින්. මේකත් මුලින් කියපු සෙන්සිටිවිටිය හරහා මනින දෙයක්. මේ මැනෙන්නෙ විද්‍යුත් ප්‍රතිරෝධය. සාමාන්‍ය භාවිතයට සරිලන ගුණාත්මක හෙඩ්ෆෝන් දෙකක මේ මිණුම ඕම් 16ත් 64ත් අතර තියෙන්න ඕන.