Loading...
මොනවද මේ Under Display Camera Phones?

කාලයක් තිස්සේ බලාපොරොතුවෙන් හිටපු technology එකක් Samsung වගේම Android Phones භාවිතා කරන ගොඩක් අය මේ ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්නේ. කොහොම උනත් අපිට සැලකිය යුතු මට්ටමේ ආරංචී කිහිපයක්ම දැන් දැන් ලැබෙමින් පවතිනවා මේ Under Display Camera එකක් සහිත Globally Release වෙන Device එකක් ගැන. (දැනට Phone Companies 2 වගේ Showcase Device පෙන්නලා තිබුනත් තවමත් කිසිම Company එකක් මේ Under Display Camera සහිත Phone එකක් Globally Release කරලා නැ)


Samsung ලා මේ වන විටත් Under Display Camera සහිත Device එකක් Release මට්ටමේ තිබෙන බවට ගොඩක් Hints පල කරලා තිබුනා දැනට සති කිහිපයකට පෙර Samsung ලා විසින් පල කර Air conditioner add එකක පවා Under Display Camera සහිත Note Device එකක් ඉදිරි පත් කර තිබුනා. ඒ වගේම දැනට ටික දවසකට කලින් Korean T.V Series එකකද Under Display සහිත Note Device එකක් පෙන්නලා තිබුනා. කොහොම උනත් මීට වඩා Trust කල හැකි Hint එකක් දීලා තිබුනේ Ice Universe විසින් 2021 S21 Device එක Under Display Camera සහිතව Release කරන්න යන බව සදහන් කර තිබුනා.

ඇයි Under Display Camera සහිත Device එන්න මෙච්චර කල් යන්නේ ?

හැමෝටම මේ දේත් ප්‍රශ්නයක් වෙලා තිබුනා ඒකට මම දන්න තරමින් ලොකුම හේතුව වෙලා තිබුනේ Lighting Issue එකක්. හරියටම කිව්වොත් Camera Sensor එකට ඇති තරම් එලිය නොපැමිනීම මෙකට එක හේතුවක් උනා ( ඒ කිව්වේ Photos ටිකක් Dark ඒ වගේම Focus Hunt කරන ගන්න ටිකක් අමාරු ගතියක් ආවා ) තවද මේ Sensor එක සැගවී යන ප්‍රදේශයේ ප්‍රමානවත් තරම් Pixel නොරැදීම එක හේතුවක් වෙලා තිබුනා. මේ හේතුව මත Oppo ආයතනය විසින් පෙන්නපු Prototype Device එකෙහි White හෝ Gray Screen Clr එකක් මතු වෙන තැන් වලදි Under Display Camera Sensor එක චායාවක් මෙන් පිටතට පෙනෙන්න ගත්තා මේ මම උඩ සදහන් කරපු Camera එක Cover වෙන්න Pixel මදි එකේ එක ප්‍රතිපලයක් ලෙස දකින්න පුලුවන්.

මේ අවුල තාමත් කාටවත් හරියටම හදා ගන්න බැරි වෙලා තිබෙනවා. හැබැයි දැනට මුලු ලෝකයටම OLED Panels Supply කරන්නේ Samsung ආයතනය කියලා කවුරුත් දන්න කාරනයක් මේ අවුල පැහැදිලිවම සාර්තකව විසදන්න පුලුවන් එකම කෙනා තමා Samsung ලා ඉතින් අපිට විශ්වාස කරන්න පුලුවන් මේ අවුල Samsung ලා දැනටමත් විසදලා ඇති බවට.