Loading...
ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා ප්‍රවාහක බලඝණ ඇණිය සෑදී ඇති ආකාරය

වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය සතුව ගුවන්යානා ප්‍රවාහන නෞකා 11 ක් ඇති අතර ඒවා සියල්ලම Super Carriers ගණයට අයත් වනවා. Aircraft Carriers යෙදුම ගත් විට එයට අයත් වන වර්ග කිහිපයක් තිබෙනවා. Helicopter carriers, amphibious assault ship, light aircraft carrier, Escort Carriers, Super carrier වැනි වර්ග ගණනාවක් විවිධ රටවල් විසින් භාවිතා කරනු ලබනවා.

Super Carriers යනු මේ අතුරින් විශාලතම, වැඩිම Aircraft ප්‍රමාණයක් මෙහෙයවිය හැකි ප්‍රබලම ගණයේ නෞකා වර්ගයක් වන අතරම මෙය නිල යෙදුමක් නොවන Aircraft 90 ගණනක් රැගෙන යන Carriers මෙයට අයත් වේ.

Aircraft Carriers කිසි විටෙකත් තනිව මෙහෙයුම් කටයුතු සඳහා යොදවන්නේ නැත. ඩොලර් බිලියන 4 ක් පමණ වටිනා නෞකාව මෙන්ම ඒ තුළ බිලියන ගණනක්‌ වටිනා අවි ආයුධ හා තාක්ෂණික පද්ධති මෙන්ම 4000 කට අධික මිනිසුන් පිරිසක් සිටින නැවක් තනියම යැවීම අවධානමට අත වැනිමකි.

එම නිසා Aircraft carrier නෞකාවකට Destroyers, Cruisers, Drones, Attack submarines හා Aircrafts වලින් ආරක්ෂාව සපයනු ලබයි. මේ සියල්ල එක්ව ගත්විට නැව් සමූහය Carrier Battle group ලෙස හඳුන්වනු ලබයි. වර්තමානයේ රටවල් 6 ක් විසින් Carrier Battle Groups පවත්වා ගෙන යන අතර ඒ අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇමරිකාව සතුව ඇත. ඇමරිකානු Carrier battle groups සමූහයන් Carrier Strike Groups (CGS) යන විශේෂිත නමින් හැඳින්වේ.

ඇමරිකාව සතුව Nimits class Aircraft Carrier නෞකා 10 ක් මෙන්ම Gerald R Ford Class Aircraft carrier නෞකා 1 ක‍් පවතී. එයින් නෞකා 9 කට Carrier Strike groups පවතී.


එක්සත් ජනපද CGS එකක පවත්නා සාමාන්‍ය සංයුතිය විමසා බලමු,

ගුවන්යානා ප්‍රවාහන නෞකා (Aircraft carrier) - අවම 1​ක්

කණ්ඩායමේ කේන්ද්‍රය වන්නේ ගුවන්යානා නෞකාව වේ. CGS වෙත අණ දීම හා මෙහෙයවීම කරනු ලබන්නේ Carrier නෞකාවෙනි. සරලව බලගණය තුළ Flag ship එක ලෙස ක්‍රියාත්මක වේ.

කෲසර් ( Guide Missile Cruisers) - 1​ හෝ 2​ක්

ප්‍රධාන වශයෙන් ගුවන් ආරක්ෂාව, බැලස්ටික් මිසයිල ආරක්ෂාව හා ගොඩබිම් වෙත දිගුදුර කෲස් මිසයිල ප්‍රහාරක හැකියාව ලබාදෙයි. Aegis combat system වලින් සියල්ල සමන්විත වේ.

ඩිස්ට්‍රෝයර් (Guide missile Destroyer) - 2​ක් හෝ 3​ක් (ඇතැම්විට 5, 6​ක්)

Destroyer බලඝණ (Squadron)  වශයෙන් යොදවයි. ගුවන්යානා නාශක කාර්යය, සතුරු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම, ASW ප්‍රහාරක හැකියාව මෙන්ම ඇතැම් විට කෲස් මිසයිල ප්‍රහාරක හැකියාව CGS වෙත සපයයි.

සබ්මැරීන් ( Attack submarines) - 2 ක් දක්වා

CGS වෙත දිය යට සිට එන තර්ජන වලින් ආරක්ෂාව සපයයි. සබ්මැරීන් වලට මෙන්ම ඇතැම්විට සතුරු නෞකාවෙතද ප්‍රහාර එල්ල කරයි. කෲස් මිසයිල ප්‍රහාරක හැකියාවද ලබා දිය හැකිය.

ප්‍රවාහකය මත පදනම් වූ ගුවන්යානා 60-70 ක‍ ගුවන් බලඇණියක්

Carrier එක මත ක්‍රියාත්මක වන අතර එහි ප්‍රධානම කාර්ය වන ගුවන් ප්‍රහාරක බලය ලබා දෙන්නේ මෙමගිනි. එසේම බලඇණිය වෙත ගුවන් ආරක්ෂාව හා අනතුරු ඇඟවීමේ කාර්යයද ඉටු කරයි. ගුවන්යානා සියල්ල බලඝණ 9 කට වෙන් කර ඇත.

එක් සැපයුම් ද්‍රව්‍ය රැගත් නෞකාවක්

අනෙකුත් නෞකාවලට අවශ්‍ය ඉන්ධන, ආහාර, ජලය හා අමතර අවි, උණ්ඩ ආදිය රැගෙන යයි.

Image - navalanalyses.com

මේ පරිවාරක ප්‍රමාණයන් නිශ්චිත නොවන අතර එක් එක් CGS වෙත පවරා ඇති නැව් සංඛ්‍යාව එකිනෙකට වෙනස් වේ. එසේම 80,90 දශකයේ Lowa Class Battleships ද 2000 දශකයේ Oliver Hassard Perry Class Frigates ද CGS තුළ දක්නට ලැබුණු නෞකා වර්ග විය.


ඇමරිකාවේ විශාලතම CSG කණ්ඩායමේ සංයුතිය

ඇමරිකානු CSG අතුරින් විශාලතම Carrier Strike group එක වන්නේ USS Ronald Reagan පෙරටු කර ගත් CSG -5 කණ්ඩායමයි. එක්සත් ජනපද සත්වන බලඇණිය යටතේ Yokosuka සිට ක්‍රියාත්මක වන මෙය දකුණු චීන මුහුදු කලාපය නියෝජනය කරන ප්‍රධාන ඇමරිකානු CSG එක වේ. Csg උදාහරණයක් ලෙස Ronald reagan ගේ CSG සංයුතිය පිළිබඳව බලමු.

Image - airpac.navy.mil

Aircraft Carrier - Nimits පන්තියේ ගුවන්යානා වාහකය

  • USS Ronald reagan (CVN - 76)

Cruisers - Ticonderoga පංතියේ Cruiser 3​ක්

  • USS  Antietam  (CG 54)
  • USS  Chancellorsville  (CG 62)
  • USS  Shiloh  (CG 67)

Destroyers - Burke පංතියේ Destroyer 8 ක්

  • USS Barry (DDG-52)
  • USS Benfold (DDG-65)
  • USS Milius (DDG-69)
  • USS Higgins (DDG-76)
  • USS Howard (DDG-83)
  • USS Dewey (DDG-105)
  • USS Ralph Johnson (DDG-114)
  • USS Rafael Peralta (DDG-115)

Aircraft බලගණය

සියල්ල උප බලගණ 9 කට බෙදා ඇත. අදාළ ගුවන්යානය අනුව බලඝණ දක්වා ඇත.

  • F/A-18E Super Hornet (බලඝණ 4ක්)
  • E-2D Hawkeye
  • EA-18G Growler
  • C-2A Greyhound
  • MH-60S Seahawk

MH-60R Seahawk

Submarine

CSG5 සමග යන සබ්මැරීන් නිශ්චිතව දක්වා නැත. නමුත් අවශ්‍ය වූ විට බලඇණියේ වෙනත් සබ්මැරීන් බදවා ගත හැක. බලඇණියේ submarine කිහිපයක්

  • USS Chicago (SSN-721)
  • USS Key West (SSN-722)
  • USS Oklahoma City (SSN-723)

Supply Ship

  • Henry J. Kaiser පංතියේ සැපයුම් නැවක්

වර්තමාන CGS ප්‍රමාණයන් හා ඒවායේ මූලස්ථාන


ඇමරිකානු නාවික හමුදාව සතුව ගුවන්යානා ප්‍රවාහන නෞකා 11 ක් පැවතියද සක්‍රීය තත්ත්වයේ CSG කණ්ඩායම් ඇත්තේ 9 ක් පමණි. පහතින් එම CSG 9 ද අයත් ගුවන්යානා ප්‍රවාහන නෞකාව, CSG කණ්ඩායම් අංකය හා එහි මව් වරායන් දැක්වේ.

  1. USS Carl Vinson (CVN-70 ) - [CSG 01] - සැන් දියාගෝ, කැලිෆෝනියා
  2. USS Dwight D. Eisenhower (CVN-69) - [CSG 02] - නෝෆෝක්, වර්ජිනියා
  3. USS Abraham Lincoln (CVN-72) - [CSG 03] - සැන් දියාගෝ, කැලිෆෝනියා
  4. USS Ronald Reagan (CVN-76) - [CSG 05] - යොකොසුකා, ජපානය
  5. USS Harry S. Truman (CVN-75) - [CSG 08] - නෝෆෝක්, වර්ජිනියා
  6. USS Theodore Roosevelt (CVN-71) - [CSG 09] - සැන් දියාගෝ, කැලිෆෝනියා
  7. USS George H. W. Bush (CVN-77) - [CSG 10] - නෝෆෝක්, වර්ජිනියා
  8. USS Nimitz (CVN-68) - [CSG 11] - එවරට්, වොෂින්ටන්
  9. USS Gerald R. Ford (CVN-78) - [CSG 12] - නෝෆෝක්, වර්ජිනියා

කණ්ඩායම් සංඛ්‍යාව 9 ක් වී ඇත්තේ Aircraft Carriers 2 ක‍් නඩත්තු කටයුතු සඳහා යොදවා ඇති බැවිනි. USS Gourge Washington හා USS John C stennis එලෙස ඉවත් වී ඇත.


CSG එකක වටිනාකම

ගුවන්යානා ප්‍රවාහන නෞකා කණ්ඩායමක් කොපමණ වටිනවද යන්න නිශ්චිතවම කිව නොහැක. ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 25 - 27 ක් පමණ වේ. මෙයද Ronald reagan කණ්ඩායම ඇසුරෙනි බලමු.

  • ගුවන්යානා ප්‍රවාහකය $ 6.2 billion
  • Burke Class යාත්‍රා 7 ක් $ 12.6 billion
  • Ticonderoga Class 3 ක‍් $ 3 billion
  • F/A18 Super Hornet 48 ක් $ 3.36 billion
  • E2C Howkeye 4 ක‍් $ 704 million
  • E/A Growler 5 ක‍් $ 350 million
  • C2A Grayhound 2 ක‍් $ 80 million
  • MH 60 Sea Howks 28 ක් $ 1008 million

මෙහි ආසන්න වශයෙන් ගණන් දක්වා ඇත. එසේම මෙහි ගුවන්යානා ආදියේ අවි හා තාක්ෂණික උපාංග වල පිරිවැය දක්වා නොමැත. තවද සබ්මැරීන් වල වියදම මෙහි දක්වා නොමැත.


ඩොලර් බිලියන 25 ක් පමණ වන CSG එකක් නඩත්තු කිරිමේ පිරිවැය කොපමණද ?

8000 ක‍ පමණ නාවිකයන් වෙනුවෙන් වැටුප් ගෙවීමට, අවි හා නෞකා නඩත්තු වියදම් ආදිය ගත්විට වසරකට  ඩොලර් බිලියන 20 ක් පමණ වන වියදමක් දැරීමට සිදුවේ. ඇතැම් මූලාශ්‍ර වල දැක්වෙන පරිදි දිනකට ඩොලර් මිලියන 6.5 ක‍ පමණ වියදමක් දැරිය යුතුය.

Rear Admiral (upper half) 


මෙතරම් වටිනා CSG එකක් භාරව තරු 2ක අද්මිරාල්වරයෙක් ( රියර් අද්මිරාල් ) කටයුතු කරයි. ඔහු කෙලින්ම අදාල බලඇණියේ ප්‍රධානියාට වාර්තා කරනු ලබයි. ඔහු යටතේ අනෙකුත් නෞකාවල කැප්ටන්වරු හා බලඝණවල ප්‍රධානීන් කටයුතු කරන අතර බලඇණියකින් බලඇණියකට මාරු වීමේදී අදාළ ප්‍රධානියාට වාර්තා කල යුතු වේ.

ගුවන්යානා වාහක බලඇණියක් බිඳ හෙළීම සඳහා කණ්ඩායමේ එක් ආරක්ෂක හිඩැසක් ප්‍රමාණවත් වේ. එම නිසා ඕනැම ජාතියක ගුවන්යානා ප්‍රවාහක කණ්ඩායමක් ආරක්ෂාව වෙනුවෙන් උපරිම විධිවිධාන ක්‍රියාත්මක කරනු ලබයි. රුසියාවේ Poseidon, චීන DF 21D ඇමරිකානු CGS වෙත ඇති ප්‍රධාන තර්ජන ලෙස සැලකිය හැක.