Loading...
Android ෆෝන් එකේ USB හරහා පරිගණකයට Internet දෙමු

අද ඔයාලට ගෙනත් තියෙන්නේ අලුත් වැඩක්. කවුරුත් phone එකේ wifi Hotspots on කරගෙන Laptop වලින් නැත්නම් wifi තියන PC වලින් Internet ගිහින් ඇතිනේ. අද කියන්න යන්නේ wifi Hotspots වලින් නැතුව Smart Phone එකෙන් Data cable එක හරහා PC එකට Internet Connection ගන්න විදිය ගැන.

මුලින්ම ඔයාගේ Phone එකේ ඩේටා on කරල හරි wifi network එකකට connect වෙලා හරි අන්තර්ජාලය සම්බන්ධතාවය ලබාගන්න. ඊට පස්සේ දුරකථනය Computer එකට Data Cable එක හරහා connect කරන්න. ඊට පස්සේ දුරකථනයේ ඇති settings වල Connections වල ඇති Mobile Hotspots and Tethering click කරන්න. ඊට පස්සේ ඒකෙ තියනවා USB Tethering කියල option එකක්. දැන් ඒක On කරන්න. ( නැත්නම් settings වල දකුණු පස උඩ ඇති search click කරල ගන්නත් පුළුවන් ).

දැන් තියෙන්නේ computer එකේ වැඩ කොටස. ඔයාගේ computer එක windows 8 හෝ 10 නම් පහත ආකාරයට තිරයේ දකුණු පසින් Box එකක් විවෘත වෙයි.

ඊට පස්සේ ඒක Yes කරන්න. පසුව ඔබේ පරිගණකය දුරකථනය හරහා අන්තර්ජාලය සම්බන්ධවේ.

දැන් අපි බලමු මේක වැඩ කරේ නැති වුනොත් මොකද කරන්නේ කියල. ඒක නම් සලයි. ඔයාට තියෙන්නේ තිරයේ දකුණු පස යට තිබෙන network එකට අදාල Button එක මත right click කරන එක.

ඊට පස්සේ Troubleshoots problems එක click කරන්න. ටික වෙලාවකින් ස්වයංක්‍රීයව අන්තර්ජාලය හරහා සම්බන්ධ වනු ඇත.