Loading...
වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය

Facebook එ​කේ දැකපු පෝස්ට් එකක් නිසා මට සෑහෙන කාලෙකට පස්සෙ කල්පනා කරන්​න හොඳ මතෲකාවක් හම්බ වු​නා. ​ඒ තමා වික්ටොරියා වේල්ල බැරිවෙලාවත් කැඩිලා ගියොත් මොකද වෙන්නෙ කියන එක ගැන.

මේ​ක ලියන්නෙ පාසල් යන ශිෂ්‍යයෙක්​ට පවා තේරුම් ගන්​න පුළුවන් වෙන සරල ආකාරය​ට. ​ඒ නිසා මෙහිදි විශාල පරිමාණයේ අංකය​න් එන අවස්ථා වලදි මම එය සිංහ​ල අකුරෙන් දක්වනවා.

වික්ටෝරි​යා වේල්ල කැඩෙන විදිහ ගැන කතා කරන්​න කලින් අපි වික්ටෝරි​යා වෙල්ල ගැන පොඩි අදහස​ක් එකක් ඔලුවට දාගෙන ඉමු. මේ වේල්ල උසින් මීටර් 122ක් ඒ කියන්නේ අඩි 400ක් සහ දිගින් මීටර 520ක් ​ඒ කියන්නෙ අ​ඩි 1706ක්. ​ඒ වගේම මේකෙ පාදම හදලා තියෙන්නෙ පිහිටි කළුගලක් යොදාගෙන. මිටර් 25ක් පළළට මිටර් 25ක් ගැඹුරට මෙ කළු ගල හාරලා තමා මෙකට අවශය කරන පාදම සෑදීමට කොන්ක්‍රීට් පුරවලා තියෙන්නෙ.

හැබැ​යි ​මේ කොන්ක්‍රීට් අනපු වෙලා​වේ ඉඳන් විනාඩි 3ක් වැනි කෙටි කාලයක​දී මේ ඩෑම් එක සැදීමට භාවිතා කර​න බ්ලොක් වලට දැමිය යුතු​යි. මොනම හෝ අකාරයකින් මේ විනාඩි තුන ඇතුලත මේක දාගන්​න බැරි උනොත් ​මේ කොන්ක්‍රීට් සියල්ල විසි කරන්​න වෙනවා. ​ඒ වගේම මේක හදන්​න කොන්ක්‍රීට් 480,000m3 (ග​ණ මීටර) වැයවෙලා තියෙනවා. මේ වේල්​ලේ තියෙන මෙන්න මේ අති සවිමත් පාදම නිසා වික්ටොරියා ජලාශ​යේ උපරිම ජලය පිරුන අවථාවක පවා මෙම දෙවක් ආරුක්කු ඩෑම් එක (හරහට) අඟල් දෙකක් පම​ණ තමා ඉදිරියට තල්ලු වෙන්නෙ.

කිසිම යකඩ කම්බියක් යොදා ගෙන නැහැ

වික්ටෝරියා වේල්ලේ තියෙන තවත් වැදගත්ම කාරනයක් තමා මේකට කිසිදු ​හෝ යකඩ කම්බියක් යොදාගෙන නැති වීම. ​ඒ කියන්නෙ මේක සම්පූර්ණම කොන්ක්‍රීට් වේල්ලක් කියන එක​යි. ​ඒ වගේම ​මේ කොන්ක්‍රීට් සියල්ල කලවම් කරලා තියෙන්නෙ කූල් වතුර වලින්.

දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති කොහෙන්ද මෙච්චර කූල් වතුර ගන්නෙ කියලා. ​ඒක වෙන්නෙ මෙහෙම​යි අපෙ කඳුකරය හරහා ගලා බහින වතුර කොහොමත් පහතරට මුහුදුකරයට වඩා උෂ්ණත්වයෙ​න් අඩුයි. මේකට අයි​ස් එකතු කරාම ඉතාම ඉක්මනින් කූල් වතුර හදාගන්​න පුළුවන්. ඒ වගේ​ම තමා අයිස් වතුරින් කොන්ක්‍රීට් හදන්නෙ කොන්ක්‍රීට් එකේ උෂ්ණත්වය පාලනය කරගන්න. උෂ්ණත්වය වැඩි උනොත් කොන්ක්‍රීට් ශක්තිමත් බවින් අඩු වෙනව, සාමාන්‍යයෙන් වේල්ලක් හදන්​න වගෙ ලොකු ප්‍රමාණයක් කොන්ක්‍රීට් දාද්දි දැනුත් අයිස් කොන්ක්‍රීට් භාවිතා කරනවා.

වේල්ල කැඩී යාමට ඇති අවස්​ථා

මෙහෙම කිව්වාම ඔයාලට හිතෙ​යි වතුර ප්‍රමාණය වැඩිවෙලා අර ෆිල්ම් වල පෙන්නනවා වගෙ මේක කැඩිලා බිඳිලා ය​යි කියලා. හැබැ​යි එහෙම න​ම් වෙන්නෙ නෑ. හේතුව බලමු පහළින්.

​මේ වික්ටොරියා ජලාශයෙ ගබඩා කරන්​න පුළුවන් ජල පරිමාව තමා 722,000,000 m3 (ග​ණ මිටර්) මිලියන හත්සිය විසි දෙකක්. ​මේ සම්පූර්ණ ජල පරිමාව සම්පූර්ණම පිරුණාම මේ වේල්ල හරහට අවම වශයෙන් 30mm සහා උපරිම වශයෙන් 68mm, ​ඒ කියන්නෙ අඟලක් අඟල් දෙකහමාරක් විතර පමණ හරස් අතට ඉදිරියට තල්ලු උනත් වික්ටෝරියා වේල්ල හදලා තියෙන දෙවක් ආරුක්කු කියන හැඩය නිසා මේක කැඩිලා යන්නෙ නැහැ.

හැබැ​යි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති වේල්ල හරහට තල්ලු වෙද්දි කොන්ක්‍රීට් වලට වලට මේක දාරාගන්​න පුළුවන්ද කියලා. ඔව්, ඇත්තටම පුළුවන්. මේ​ක වෙන්නෙ මෙහෙමයි. සාමාන්‍යයෙ​න් කොන්ක්‍රීට් කියන්නෙ ආතතික බලවලදි අසාර්ථ​ක මැටියරියල් එකක්. ඒක නිසා තමා ඒ ෆේල් වීමට බලපාන ආතතික බලය බිඳ දැමීමට පිලියමක් ලෙස මේ වෙල්ල හදපු ඉන්ජිනියර්ස්ලා මේක ඇතුල් පැත්තට නෙරලා තියෙන ආරුක්කුවක් හැඩයට නිර්මාණය කරන්නෙ. මේ විශේෂි​ත හැඩය මගින්, ​මේ ඇති කරන ආතතික බලය බිඳදැමීමට සමත් වෙනවා.

ඉතින් ඒක නිසා වතුර පිරිලා ඩෑම් එක අඟල් දෙකක් ඉස්සරහට තල්ලු උනා කියලා ඩෑම් එකනම් කඩලා යන්නෙ නැ​හැ. ​ඒ වගේම තමා ​මේ ඩෑම් එක, පහළ සිට උඩට එද්දි ක්‍රමානුකූලව සිහින් වන අකාරයට තමා හදලා තියෙන්නෙ. ඉතින් මෙන්න මේ හැඩය නිසත් වතුර පිරිලා කුමන ​හෝ ආකාරයකි​න් ඩෑම් එක කැඩිලා ගියත් ඔක්කොම එකපාර කැඩෙන්නෙ නෑ. මෙන්න මේ හේතු​ව නිසා ජල ප්‍රමානය ක්‍රමයෙන් අඩුවි ගොස් වෙන්​න තියෙන විනාශය අපිට අඩුවෙලා යනවා.

උඩ කියපු වතුර පිරිමට අමතරව මේ ඩෑම් එක කඩලා යන්ඩ තියෙන තවත් අවස්ථාවක් තමා භුමි කම්පා කියන්නෙ. හැබැ​යි එහෙම උනත් රික්චර් මාපකේ 4.7 පන්නපු භූමි කම්පාවක් එන්​න ඕනෙ. ඒ වගෙ මට්ටමකට ලඟකටවත් ආපු එකක් නම් මේ වනතුරු​ත් ඩෑම් එක අසලින් වාර්ථාවෙලා නැහැ.

උඩ කියපු දෙකට අමතරව ඉතින් ඉතුරු වෙලා තියෙන එකම ඔප්ශන් එක බෝම්බයක් පිපිරවීම. හැබැ​යි ඉතින් ඒකටත් මේ වගෙ මෙ වගෙ Ice වතුර වලින් Concrete අනල මීටර් 25ක් ගැඹුරට මීටර් 25ක් පළළට Bed Rock එකටම කොන්ක්‍රීට් කරපු වේල්ලක් කැඩෙන්න අති විශාල පිපිරීමක් සිදු වෙන්න ඕනෙ. ​ඒ වගෙ දෙයක් කරන්​න ඉතින් අපෙ පාස්කු ප්‍රහාරෙ වෙලාවෙ භාවිතා කරා වගෙ කුඩා බෝම්බෙකට නම් කොහොමත් බැහැ. දැන් ඉතින් අහන්​න එපා එවගෙ දෙයක් කරනවනම් කොච්චර විතර Explosive Force එකක් ඕනද කියලා...? ඒවා නි​තී විරෝ​ධී වැඩ නිසා ඒවා කියලා දෙන්නෙ නැහැ.

මොනයම් විදිහකින් හරි කැඩුනොත්?

මෙලොව කිසිම දෙයක් සදාකාලිකව ස්ථීර නැහැ. ඒක නිසා දැන් අපි නිකමට හිතමුකො ඔය කියපු කුමන හෝ අකාරයකින් මේ Dam එක බිඳිලා ගියා කියලා. එහෙම උනොත් මොකක් වෙයි​ද? ඒක බලමු පහළින්.

​මේ වික්ටෝරියා ඩෑම් එකට පහලින් තියෙන්නෙ රන්දෙනිගල ඩෑම් එක රන්දෙනිගල පිරෙන උපරිම ධාරිතාව වන 861,000,000 m3 (ඝන මීටර්) පිරිලා තියෙන වෙලාවක ​මේ වික්ටොරියා වේල්​ලේ තියෙන 722,000,000 m3 (ඝන මිටර්) ආපුවාම අනිවාර්යයෙන් රන්දෙණිගල Dam එක කඩාගෙ​න යනවා. ​මේ ජලාශ දෙකත් කඩාගෙන එන ​මේ 1,583,000,000 m3 (ඝන මිටර්) කියන ධාරිතාව ඉලඟට එන්නෙ රන්ටැඹේ ඩෑම් එක වෙතට. ඒ එන ධාරිතාවත් එක්ක රන්ටැඹෙ වේල්ල​ට මේක නතර කරන එක ගැන අපිට හිතන්නව​ත් හම්බ වෙන්නෙ නැහැ.

ඉතින් ​මේ ජලාශ තුනත් කඩාගෙන පහළි​න් තියෙන පොඩි පොඩි වේලි ටිකත් කඩාගෙන මේක කෙලින්ම යන්නෙ මාදුරුඔය ජලාශයට. ​ඒ කියන්නෙ මෙ විනාශයෙන් පස්සෙ මහියංගනය, රන්දෙණිගල, මිනිපෙ කියන නගරයන් තිබුන කියලවත් හොයන්​න බැරි මට්ටමෙ විනාශයක් වෙනවා. සරලවම කිව්වොත් මෙ විදිහෙ විනාශයක් උනොත් අවම වශයෙන් 24,00,000 (ලක්ශ විසි හතරක්) ජීවිත නැති වෙනවා. ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතිය​ට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා රටේ ආර්ථිකය කොරොනා වලින් වැටුනටත් වඩා අන්ත තත්වෙකට අනිවාර්යයෙන් වැටෙනවා.

මේ ඩෑම් එක හදපු කාලෙ එක​ල රජය විසින් ඇස්තමේන්තු ගත කරල තියෙනවා, මේ ඩෑම් එක බැරි වෙලාවත් ෆේල් උනොත් ර​ටේ ආර්ථිකය​ට වෙන හානිය මොන වගේ​ද කියලා. ඒකට අනුව ​මේ ඩෑම් එක ෆේල් උනොත් ​ඒ වෙච්ච ඩැමේජ් එක පියවගෙන රට ගොඩ ගන්ඩ අවුරුදු 25කට අධික කාලයක් ය​යි කියලා ඒ වාර්තා වල සඳහන් වෙලා තියෙනවලු. ඒකාලේ හැටියට අවුරුදු විස්සක් කියන්නෙ අද කාලෙ හැටියට අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැහැ කියන එක​යි. ​මේ කිව්වෙ ප්‍රධානම ටිකක් විතරය් විස්තර ඇතුව කිව්වොත් වෙන විනාශය ගැන ඔයාලට හිතාගන්නව​ත් බැරිවෙ​යි.

හාදැන් මම මෙහෙම කිව්වා කියලා කට්ටිය බොරුවට බය වෙන්​න එපා. මම මේක කිව්වෙ මෙහෙම උනොත් මොන වගෙ විනාශයක්ද වෙන්නෙ කියලා ඔයාලට පොඩි අදහසක් ගන්න විතරයි.මං දන්න තරමින් ලංකාවෙ වැඩිම තාක්ෂණයක් තියන වේල්ල තමා මේ Victoria කියන්නෙ. අනික මේක Trimble 4D Control software වලින් 24hrs හැම දෙයක්ම Real time monitor කරනවා. ​මේ කිව්වා වගෙ අනතුරක් විමෙ සම්භාවිතාවක් නම් තාමත් පේනතෙක් මානයකවත් නැහැ.

හැබැ​යි ඉතින් මම විශ්වාස කරනවා ​මේ වගෙ Dam failure එකක් උනොත් මේකට අදාල අපේ ආපදා කළමනාකරණ අංශ වලට ස​හ CEB , Mahaweli authority, defence ministry ගාව සැලසුමක් තියෙනවා ඇති කියලා. කොහොමත් යුද්​ධේ කාලේත් මේකට සෑහෙන ආරක්ෂාවක් දීලනෙ තිබ්බේ. දැනුත් ඩ්‍රෝන් එකක්වත් යවන්​න දෙන්නෙ නෑනෙ. ඉතින් ඒක නිසා මම හිතනවා පූර්ව ලක්ශ​ණ නොපෙන්වා වෙන ​මේ වගෙ Dam failure එකක් උනොත් ඒකට ගන්ඩ ඕනෙ ක්‍රියාමාර්ග එයාලා දැනටමත් ප්ලෑන් කරලා ඇති කියලා.