Loading...
මොනවද මේ Ripped, Reloaded සහ Repack games කියන්නේ?

Cracked/ pirated games කියන්නෙ කවුරුත් දන්න දෙයක් නේ. දැන්නම් ගොඩක් sites වලින් ransomware එන නිසා සහ දැන් දැන් release වෙන games multiplayer based නිසා ගොඩක් අය games legitimate විදියට එහෙම නැත්තම් original game එක buy කරලා play කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. සමහර වෙලාවට Pirated games එක්ක keyloggers, mining software වගේ දේවල් රොත්ත පිටින් අර pirate කරපු games ඇතුලෙ තියෙනවා. අපි ඒ දේවල් ගැන වෙනම කතා කරමු.

ලංකාවෙ බහුතරයක් අයට ඇත්තටම $40 - $50 වගේ දීලා game එකක් සල්ලි දීලා ගන්න තරම් වත්කමක් නෑ.ඒක නිසා ඉතින් pirated games download කරන්න පෙළඹෙන එක සාමාන්‍යයි. ඒත් මතක තියාගන්න game එකක් හදනව කියල කියන්නෙ ලොකු process එකක්, Developers ල ගොඩක් මහන්සි වෙලා තමයි අන්තිමට ලස්සන product එකක් එලියට දාන්නෙ. ඉතින් එයාලට Support එකක් දෙන්න පුලුවන් කමක් තියෙනව නම් original game එක buy කරල play කරන්න කියල පොඩි ඉල්ලීමක් මුලින්ම කරන්නම්.

මේ ලිපිය Pirated games download කරන්න පෙළඹවීමක් නම් නෙවෙයි, ඇත්තටම මොනවද මේ pirated games? මොනවද මේ Ripped, Reloaded සහ Repack games කියන්නෙ කියල පුංචි අදහසක් දෙන්න තමයි මේ හදන්නෙ.

Ripped Games

හරි මුලින්ම බලමු මොනවද මේ  Ripped games කියන්නෙ කියලා. මේවා GameRip කියලත් හඳුන්වනවා. නමෙන්ම තේරෙනව නේ මේකෙදි වෙන්නෙ Game එකේ Size එක පුලුවන් තරම් අඩු කරන එක. ඒකට කියනවා “Game RIP” කරනව කියලා. කලින් ලියපු Post එකේ දි “Films RIP” ගැන අපි කතාකලා ඒක බලපු නැති අය මෙතනින් බලන්න.

මොනවද මේ CAMRIP, DVDRIP, HDTS, HDTV?
ගොඩක් අය Movies බලන්න කැමතියි, ඒ වගේම හොඳ තත්වයේ පැහැදිලි රූප එක්ක ෆිල්ම් බලන්නතමයි ගොඩක් අය ආස. ඒත් Film එකක් download කරන්න ගියාම තියෙන ලොකුම ප්‍රශ්නෙ කොහොමදහරිම Torrent එකක් තෝරගන්නේ කියලා. ඇත්තටම මොනවද මේ HDRip/ DVDRip කියන්නෙ? අද කතාකරමු ඒ ගැන. Pirated movies එහෙම නැත්තම් අපි එදිනෙදා Downlo…

දෙකේදිම වෙන්නෙ Size එක අඩු කරන එක උනත් Ripped games වලනම් size එක විතරක් නෙවෙයි අඩු වෙන්නෙ. Game එකෙ සමහර Scenes පවා අඩු වෙනවා. කෙටියෙන් කිව්වොත් Ripped games කියන්නෙ. Original game එකෙන් කපල, කොටල Size එක අඩු කරලා ගත්ත එකක්.

මොනවද Original game එකෙන් GameRip කරද්දි අයින් කරන්නෙ?

ගොඩක් වෙලාවට Rippers ලා එහෙම නැත්තම් GameRip කරන අය, post-credits, extra video content, official soundtracks, Background music, conversational audio (දෙබස්) වගේ දේවල් අයින් කරනවා. මේ ඔක්කොම දේවල් අයින් කලාට පස්සෙ ඔන්න ඊළඟට අපි use කරන Winrar, 7zip වගේ tool එකක් වගේ, ඒත් ඊට වඩා advanced tool එකක් use කරලා game එක highly compress කරලා release කරනවා. ඊටපස්සෙ ඒවා Download කරලා තමන් කැමති location එකක් දීලා extract වෙන්න දීලා (බොහෝ වෙලාවට 30 - 45 mins) game එක play කරන්න පුලුවන්.

සමහර වෙලාවට RIP කියන එක Original file එකක backup එකකටත් හඳුන්වනවා. උදාහරණයක් විදියට Game එකක් release එකෙන් පස්සෙ ඒ game එකේ original source (DVD) එකෙන් අපි copy එකක් අරන් ISO file එකක් හැදුවම ඒකටත් RIP එකක් කියලා හඳුන්වනවා. එතනදි අර වගේ කැපීමක් කෙටීමක් නෑ Original file එකේම backup එකක් විතරයි.

Reloaded Games

Reloaded කියන්නෙ බොහොම සංවිධානාත්මක Warez group එකක් (Warez group එකක් කියන්නෙ games/ software/ movies rippers ලගේ කණ්ඩායමක්). Reloaded ලා ගොඩක් games release වෙන්නත් කලින් games leak කරල තියෙනවා. සමහර අය Torrent වල දැකල ඇති Game එක අගට “Reloaded” එහෙම නැත්තම් “RLD” තියෙනවා, ඒ මෙයාල pirated කරපුවා.

Reloaded ලා වගේ තව Warez groups ගොඩක් තියෙනවා.

  • EMPRESS
  • CODEX
  • SKIDROW
  • 3DM

ඒ අතරින් ප්‍රධාන කිහිපයක්.

ඇත්ත්ටම මේ Game එකක් Crack කරනව කියන එකනම් ලේසි පහසු දෙයක් නෙවෙයි. Game එකේ Source එක reverse engineering කරලා තමයි. ඒ Activation එකට අදාල කොටස ඉවත් කරන්නෙ එහෙම නැත්තම් වෙනස් කරන්නෙ. Reverse engineering කියන එක හරිම ආස හිතෙන මාතෘකාවක් ඒක ගැනත් පස්සෙ Post එකක් ගේන්නම්.

සමහර වෙලාවට “Reloaded” කියන term එක පරණ files ටිකම නැවත Upload කිරිමකදිත් යොදාගන්නවා. හිතන්නකො Game එකක් download කරන්න තිබ්බ තැනකින් අයින් කලා කියලා. ඊට පස්සෙ වෙන Uploaders ලා කරන්නෙ game name එක සහ අගට “Reloaded” කියන වචනෙ දාල upload කරන එක. ඒ වගේ වෙලාවට කියන්නෙ Reloaded ලා කලා කියල නෙවෙයි. නැවත පළකිරීමක් කියල.

Repack Games

Repack එකක්දි Rip එකකදි වගේ game content ඉවත් කිරීමක් වෙන්නෙ නෑ. නමුත් Ripped games වලට වඩා ටිකක් Advanced highly compressing method එකක් use කරනවා. Repacks වල selective installation method එක තමයි ගොඩක් use වෙන්නෙ. ඒ කියන්නෙ අපිට අවශ්‍ය content එක විතරක් select කරල install කරන්න පුලුවන්.

උදාහරණයක් විදියට අපිට ඕන English cutscenes, conversational audio විතරක් කියල හිතමු එතකොට අපිට පුලුවන් English language pack එක විතරක් download කරගන්න. එතකොට අනිත් language වලට යන Hard disk එකේ ඉඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන්. Fitgirl repacks, RG Mechanics, and Xatab වගේ Repackers ලා repack release කරන අය අතර උඩින්ම ඉන්නවා.

ඇත්තටම මේකෙදි Original source එක අරගෙන pre-cracked game එකක් නම් crack එක apply කරල ඊට පස්සෙ cutscenes videos, audios වල වගෙ quality එක අඩු කරගන්නවා. Quality එක අඩු කරනව කිව්වට අපිට ඒකෙ සැලකිය යුතු වෙනසක් පේන්නෙ නෑ මොකද 4K තියෙන එකක් 2K වගේ අඩු කරාට ලොකු වෙනසක් පේන්නෙ නැති නිසා. Audio quality එකත් එහෙමයි, නොදැනෙන ගානට quality එක අඩු කරගන්නවා. (320kbps ->256kbps)

ඉතින් එහෙම quality එක අඩු කරගත්ත file එක. FreeArc වගේ tool එකක් use කරගෙන compress කරලා Inno Setup වගේ tools use කරලා installer එකක් හදලා release කරනවා. ගොඩක් වෙලාවට repack games නම් extract වෙන්න කාලයක් යනවා මොකද අනිත් ඒවට වඩා highly compress කරන නිසා size එක අඩු කරගන්න.

ඉතින් ඔය ටික තමයි Ripped, Reloaded, Repack games ගැන මම දන්න සත දෙක. සමහර දේවල් වැරදි ඇති එහෙම වැරදුනානම් සමාවෙන්න.

එහෙනම් අපි තවත් මේ වගෙ interesting post එකකින් හමුවෙමු. එහෙනම් කොල්ලො අපි ගියා.