මේ DDoS නැත්තම් Denial of service attack  එක තවත් Cyber attack  එහෙක වෙනත් form එකක් විතරයි.

DDoS ගැන කෙටි පැහැදිලි කිරීමක් කරොත් හිතන්න කඩයක්  Customers ලගෙන්  කියලා overload වෙනවා කියලා එතකොට ඒ කඩේ services degrade වෙලා buyer ( users ) ලට එපා වෙනවා වගේම සමහර වෙලාවට කඩේ වහන්නත් වෙනවා ඔය දේම තමා DDoS attack එහෙකින් වෙන්නෙ.

මෙතනදි Specific machine එකක් හෝ server එකක් target කරලා , access attempts වලින් flood  කරනෙක කරන්නෙ server එක ටික ටික slow වෙලා අන්තිමට fail වෙනකන් මේවා බොහෝ විට temporary attacks විතරයි. නමුත් Google server එකක් හෝ වෙනත් ලොකු website එහෙකට මෙගෙම උනොත් සැලකිය යුතු හානියක් සිදුවෙනවා.

DDoS attacks වැරදීමකින්ද සිදු වෙන්න පුළුවන් හිතන්න retailer කනෙක් sale එකක් දාලා ඒක internet එක පුරා spread  උනොත් site එක users ලගෙන් flood  වීමක් සිදු වෙනවා කියලා. මෙහෙම උනාමත් crash එහෙකට මුහුන දෙන්න වෙනවා retailer ට.

DDoS attacks online servers පැවතුන මුල් කාලේ ඉදලම තිබිලා තියෙනවා. පළවෙනි widely reported  attack එක සිදු වෙන්නෙ 1995 දී විතර ඒ French government එකට අයිති sites වලට.

Types of DDoS

Primary classes තුනක් තියෙනවා DDoS attacks වල.

Volume-based attacks

මේකෙදි ලොකු fake traffic  එකක් යුස් කරනවා website එක හෝ server එක overload කරන්න මේවට include වෙනවා ICMP, UDP සහ spoofed-packet flood attacks. Volume based attack එහෙක size එක measure කරන්නෙ bits per second (bps) වලින්.

Protocol හෝ Network layer DDoS attacks

මෙතනදි target කරපු network  එහෙක infrastructure එක සහ infrastructure management tools වලට packets විශාල ප්‍රමාණයක් යවනෙක කරන්නෙ.මේ protocol attacks වල include වෙනවා SYN floods සහ smurf DDoS.මේවයේ size එක measure වෙන්නෙ packets per seconds වශයෙන් (PPS)

Application layer attacks

මේකෙදි Application flood  කරනෙක කරන්නෙ maliciously  craft කරපු requests වලින්. Application layer attack  එහෙක size එක measure කරන්නෙ Request per second (RPS) වලින්.

මේ හැම attack type එහෙකදිම slow හෝ unresponsive  වෙන එක තමයි වෙන්නෙ.

DDoS attack එකක් වෙන්නෙ කොහොමද බැලුවොත්

DDos attack එකක් ප්ලෑන් කරන්න අමාරු නෑ. මේක ගොඩක් වෙලාවට  කරන්නෙ අනුන්ගේ pc වලින්.

Virus වලින් හෝ malware වලින් hackers ලට වෙනත් pc control කිරීමේ හැකියාවත් තියෙනවා.ඒවා හදුන්වන්නෙ zombie හෝ bot යනුවෙන්,ඊට පස්සෙ ඒවට attack කරන්න කමාන්ඩ් එක දෙන්වා target  කරපු website එකට හෝ server  එකට. මේක හදුන්වන්නෙ botnet කියලා.මෙතනදි systems සිය ගානක් හො දහස් ගානක් එකම වෙලාවෙදි යූස් වෙනවා server එකට attack කරන්න.

Information වලින් Systems flood වීමක් තමයි මෙතනදි සිදු වෙන්නෙ server එක down යනකන්, regular users ලට යුස් කරන්න බැරි වෙන්න මොකද DDoS කියන එකේ තෙරුමම Denial of service නේ.

DDoS attack එකක් වීමට හේතු බැලුවොත්

මෙහෙම attack එකක් හේතු ගොඩක් මත වෙන්න පුළුවන්.

තරහා කාරයෙක් තියෙන තරහකට ඌමනාවෙන් company website එක down කරලා සතුටක් ලබන්නත්.

නැත්තම් web එකක් fail කරලා ඒක වෙනත් attacks වලට expose  කරලා passwords  හෝ security details ගන්න කටයුතු කිරීම මෙතනදි DDoS attack එක වැඩ කරන්නෙ smokescreen එකක් විදියට.

ඔය හේතූ තමා DDoS attack එකක් ඇති වීමට තියෙන මූලික හේතූ.

අපි DDoS attack එගෙකට බය වෙන්න ඕනෙද ?

DDoS attack එකක් අපේ home system එකට බලපෑවේ නැති උනත්, DDoS attack එහෙකට අපි නොදැනුවත්වම සම්බන්ද botnet එහෙක කොටසක් වෙන්න පුළුවන්. ඒ හින්දා PC up to date තියාගන්න එක හොදයි.