Loading...
What is a GPU (Graphics Processing Unit)

අද වෙනකොට ලෝකය පුරාම පැතිරිලා තියෙන උණක් තමා ගේමිං කියන්නෙ. මේක බලන ඔයාටත් ගේමිං පීසී එකක් ඇති. ඉතින් ඔයාගෙ පීසී එක ගේමිං පීසී එකක් කරන ක්‍රියාවලියේදි අපි වැඩිම අවධානයක් දෙන කොටස තමා මේ GPU එක එහෙමත් නැත්නම් Graphics Processing Unit එක කියන්නෙ. එහෙමත් නැත්නම් සාමාන්‍ය වහරෙදි VGA Card එක කියන්නෙත් මේකම තමා.

ඉතින් ඔයා දන්නවා ඔයාගෙ පීසී එකේ තියෙන processor එකත් මේ graphics processing ක්‍රියාවලිය සිදුකරනවා කියලා. ඒ වගේම ඔයාගෙ පීසී එකේ processor එකත් motherboard එකත් onboard graphics supported නම් graphics card එක ගලවලා අයින් කරලා උනත් ඔයාට පුලුවන් ඔන්බෝඩ් graphics හරහා ඔයාගෙ එදිනෙදා වැඩ ටික කරගන්න. ඒත්, ඔයාට කොච්චර හොඳ processor එකක් තිබුනත් කොච්චර ලොකු රැම් එකක් තිබුනත්, ඔයාගෙ පීසී එකේ තරමක් හොඳ graphics තියෙන ගේම් එකක් ප්ලේ කරන්න බෑ. පුළුවන් උනත් ඒක හොඳටම ලැග් වෙයි.

ඉතින් අපි කතා කරමු ඇයි මෙහෙම වෙන්නෙ කියලා.

ඉතින් අපි දන්නවා අපි පාවිච්චි කරන බොහොමයක් processors වලත් gpu එකක් ඇතුලත් වෙනවා කියලා. ඉතින් ඇයි අපිට බැරි මේ CPU එක ඇතුලෙ තියෙන gpu එකම ගේමිං වලට ගැලපෙන්න performance වැඩි වෙන විදියට හදන්න?

එහෙම බැරිවෙන්න එක හේතුවක් තමා හොඳ powerful GPU එකක graphics processor එකට යන ඉඩ ප්‍රමාණය. ඔයාලට පේනවා ඇති සාමාන්‍ය processor එකක් තරමටම ලොකු මේ Graphics Processor එකෙන් කරන්නේ graphics process කරන එක විතරයි. CPU එකකින් කරන වැඩ GPU එකකින් කරන්න බෑ නමුත් එක හා සමාන ම ඉඩක් වැය වෙනවා. මේකට හේතුව තමා ගොඩක් powerfull gpu එකක් තුල දහස් ගණනක graphics processing cores ප්‍රමාණයක් අනතර්ගත වීම.

CPU එකක් තුල තියෙන PERFORMANCE අඩු GPU එකකට උනත් වැඩි ඉඩක් වැය වෙනවා. සාමාන්‍යයෙන් CPU PACKAGE එකේ වැඩිම ඉඩක් වැය වෙන්නෙ මේ GPU එකට.

ඉතින් ලොකු උනාට කමක් නෑනෙ අපිට පුලුවන්නෙ Motherboard එකට වෙනස් slot එකක් හදලා වෙනස් විදියට processor එකක් මේ CPU එකයි POWERFUL GPU එකකුයි දෙකම එකට එන විදියට හදලා ගන්න

පුලුවන්. බැරි නෑ. හැබැයි මේකෙන් ගොඩක් ලොකු හීට් එකක් ජෙනරේට් වෙනවා. ඔයා දැකලා ඇති Graphics card එකක් powerfull වෙන්න වෙන්න ඒකෙ තියෙන cooling fans ගානත් වැඩි වෙනවා. ඒ, ඒකෙන් නිපදවන තාපය එහෙමෙත් නැත්නම් හීට් එක අඩු කරන්න.

ඉතින් හිතන්න මේ ⁣CPU GPU එකට දාලා හදන ගැජමැටික් එක කොච්චර හීට් එකක් ජෙනරේට් කරයිද? ඒක කූල් කරන්න fan කීයක් ගහන්න වෙයිද?

ඒ වගේම තමා මූල්‍යමය පැත්තත්. ඔයාල දන්නව ඇති CPU, GPU හදන්න ගන්න වේෆර් එකක් සෑහෙන්න වටිනවා. ඉතින් CPU හදන සමාගම් වලට මේ CPU, GPU දෙකම එකට දාලා හදනවට වඩා CPU ම හදලා වැඩියෙන් ලාභ ලබන්න පුලුවන්. මොකද එක වේෆර් එකකින් වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් නිසා.

තවත් දෙයක් තමා මෙමරි එක. ඔයාල දන්නව GRAPHICS CARD වල පාවිච්චි වෙන්නේ GDDR5, GDDR6 වගේ වෙනස් විදියක මෙමරි ටයිප් එකක්. ඒ වගේම GRAPHICS CARD එකේ මෙමරි එක එහෙමත් නැත්නම් RAM එක GRAPHICS CARD එකේ PCB එක එහෙමත් නැත්නම් සර්කිට් එක තුලම තියෙනවා. ඉතින් මේ මෙමරි මොඩියුල් හදලා තියෙන්නේ සාමාන්‍ය රැම් එකකට වඩා වේගයෙන් ක්‍රියා කරන්න. ඒ වගේම මේ මෙමරි එක පාවිච්චි වෙන්නෙ GPU එකට විතරයි. වෙන කිසිම දේකට නැහැ.

නමුත් ONBOARD GRAPHICS වල එහෙම නෑ. එයා පාවිච්චි කරන්නෙ PC එකේ RAM එකමයි. ඒක DDR3 හො DDR4 වෙන්න පුලුවන්. ඒ වගේම GPU එකටම වෙන්වුනු මෙමරි එකක් නෙවෙයි. ඒ නිසා මේකෙදි යම් යම් සීමාවන් තියෙනවා ONBOARD GPU එකට වැඩ කරන්න පුලුවන්.

ඉතින් මෙන්න මේ වගේ හේතූන් නිසා අපිට හොඳ GRAPHICS තියෙන GAMES PLAY කරන්න ඕන නම් අනිවාර්යෙන්ම DEDICATED GRAPHICS CARD එකකට යන්නම වෙනවා. නමුත් ඔයා PLAY කරන GAMES සාමාන්‍ය මට්ටමේ ඒවනම් ඔයාට පුලුවන් ඔයාගෙ ONBOARD GPU එක පාවිච්චි කරන්න.