Loading...
මොකක්ද මේ iPhone 12 series එකට එන LiDAR scanner කියන්නේ?

අපි තාම iPhone 12 එකේ camera ගැන ලොකු තොරතුරක් දන්නේ නැති උනාට අපිට අනිවාරයෙන්ම කියන්න පුලුවන් LiDAR එකක් නම් එනවා කියලා. මේ LiDAR එක තමා iPad Pro 2020 වල ආපු Wide හා Ultra Wide වලට අමතරව ආව sensor එක.

ඉතිං මොකද්ද මේ LiDAR කියන්නේ, Radar එකක්ද? මෙක Radar එකකට සමානයි නම් තමා ඒත් මෙකේ Distance Measurement වලට Use වෙන්නේ Lasers. ඉතිං LiDAR කියන නමේ දිගුව ගතාම නම් කියවෙන්නේ Light Detection and Ranging කියලා. ඒ වගේම මේ LiDAR Photography වලටත් වඩා ගොඩක් වටින්නේ Augmented Reality And Mix Reality වගේ දේවල් වලට.ඉතිං මේ දේ Apple ලා දියුණු කරන්න හේතුව වෙන්නේ දැනට අවුරුදු ගානක් තිස්සේ Rumor වෙන Apple Glasses වලට පෙර අඩිතාලමක් විදියට.

මේ LiDAR කියන concept එක අලුත් නම් නෑ මේක 1960 ඉදන් වගේ දක්නට ලැබෙනවා , මෙකෙන් වෙන දේ කෙටියෙන් කීවොත් Laser එකක් Object එකකට යොමු කරලා ඒ Laser එක ආයේ Object එකෙන් Reflect වෙලා එන්න යන Time එක ගනනය කරලා ඒ Object එකට laser එකේ ඉදන් තියන දුර මැනගන්න එක තමා කෙරෙන්නේ. ඉතිං මේක වවුල්ලු ලොකේ දකියනවා වගේ තමා , මොකද වවුලා මේ වගේම technique එකකින් sound waves use කරලා තමා එයා අවට තියන objects වල නොවැදි පියාඹගෙන යන්නේ තැනින් තැන.

ඉතිං හැම futuristic technology එකක් වගේම මේ LiDAR මුලින්ම Use උනේ military වැඩ වලට ඒ වගේම මේ technology එක වැඩිම ප්‍රසිද්දියට පත් උනේ Apollo 15 සඳ ගමනේදි සඳේ surface එක map කරන්න මේ technology එක use උනාට පස්සේ.

ලගකදි ඉදන් මේ technology එක consumer market එකට එන්න ගත්තේ automatic vacuum cleaner වගේ උපකරන වල හා self driving cars වල self driving කීවට safety features තියන ගොඩක් වාහන වල මේ LiDAR වලින් තමා පාරේ යන පාපැදි කරුවන් මිනිසුන් සතුන් වගේ අදුරගන්නේ.

ඉතිං එන්න එන්නම කුඩා , මිලෙන් අඩු හා accuracy එකෙන් වැඩි වූ LiDAR ඊලගට ඇතුල්වන්නේ ඔයාගේ මගේ අතේ තියන Smartphone එකට. Smartphone වල දැනටත් compass , barometer , GPS වගේ technology තියන නිසාම මේ LiDAR ත් ඇතුල්වීම පුදුම දෙයක් නම් නෙවේ.

මේ smartphone වලට එන LiDAR scanner එක solid state sensor එකක් ඒ කියන්නේ military හෝ 3D mapping වලට හෝ යොදාගත්ත LiDAR වගේ එහෙට මෙහෙට හැරවි හැරවි scan කිරීමේ හැකියාවක් නෑ. ඉතිං solid state LiDAR එකට පුලුවන් එක direction එකක් scan කරන්න විතරයි. ඉතිං ලොකු area එකක් scan කරනවා නම් ඔයාලට smartphone එක අතින් එහෙට මෙහෙට ගෙනියන්න වෙනවා.ඒ වගේම මෑත කාලෙකදි ඉදන් smartphone වලට ආව 3D ToF sensor වලට වඩා LiDAR වෙනස් වගේම ගොඩක් Advanced වෙනවා. මේ 3D ToF නැත්තන් Time of Flight sensors වලට පුලුවන් වෙන්නේ depth එක අදුරගන්න වගේම pictures වලට fake bokeh apply කරන්න.

ඒත් මේ LiDAR එකෙන් එක වර lasers ගොඩක් fire වෙනවා වගේම ඒ ඔක්කම grid layout එකකකින් එකිනෙකට ඇතින් පිහිටලා තියෙනවා මේ නිසා large area එකක විවිද objects 3D space එකේ තියන විදිය ගැන ලොකු idea එකක් ගන්න පුලුවන් වෙනවා. ToF system එකකට වඩා LiDAR එකේ වැදගත්කම් දෙකක් තියෙනවා එකක් LiDAR එකට මීටර් 5 ක් වගේ දුරක් scan කරන්න වගේම object එකකට සැගවෙන වෙනත් objects හදුනාගන්නත් පුලුවන්. ඒ වගේම මේ හැම දේම කෙරෙන්න powerful processor එකක් ඔනේ ඉතින් අලුත් iPad වල එන A12Z Bionic Processor එක දැනට තියෙන powerful ම mobile processor එකක් විදියට මේ LiDAR එකේ data අපිට usable විදියට සකසලා දෙනවා.

මේ දේට iPad එකේ අනිත් Cameras දේකේ data වගේම motion sensor එකේ data ත් උදව් කරගන්නවා ඊට පස්සේ  Apple ලා කියනවා වගේ "enhanced by computer vision algorithms on the A12Z Bionic for a more detailed understanding of the scene" විදියට තමා මේ ඔක්කම real time වැඩ කරන්නේ.

ඉතිං මේ iPad වල LiDAR වැලට වඩා ඊලග iPhone එකේ LiDAR sensor එක improve වෙන්න ගොඩක් ඉඩ තියෙනවා ඒකට ලොකුම හේතුව වෙන්නේ ඊලට iPhone වල එන A14 chip එක නිසයි. මේ chip එකේ performance හා capabilities, A12Z වලට වඩා වැඩි වන නිසා LiDAR sensor එකටත් improve වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. දැනට iPad වල LiDAR එකට Portrait Mode Improve කරන්න තරම් functions unlock වෙලා නැති උනත් Apple ලා iPhone එකට අනිවාරයෙන්ම මේ දේ කරන්න ගොඩක් ඉඩ තියෙනවා මොකද iPad වල room scale scanning වලට LiDAR යොදාගත්තත් iPhone වල ඊටත් වඩා accurate system එකක් යොදාගන්න වැඩි ඉඩකඩක් තියෙනවා.

ඒ වගේම දැනට Apple ලා ගේ Measure App එක හැරුනම LiDAR එක iPad වල 3rd party Apps වලට යොදාගන්න හම්බවෙලා නෑ. මේ දේ iOS 14 වලින් වෙනස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතිං Apple ලගේ future plan එක වෙන්නේ Cameras වලින් ගන්න 2 D images වල Data වලට LiDAR depth data combine කරලා තව තවත් ලොකු photography possibilities unlock කරන එකයි. ඒත් මේ මට්ටමට iPhone 12 එකෙන් කෙලින්ම යයි කියලා හිතන්න නම් බෑ.

ඉතිං බොහො වෙලාවට iPhone 12 එකේ මේ LiDAR එක gaming වලට වැඩිපුරම use වෙයි කියලා හිතන්න පුලුවන් hot lava වගේ AR games වලට surround world එක ගැන ලොකු idea එකක් ගන්න වගේම ඇත්ත ලොකේ objects වලට game එකේ characters improvement කරන්න ( improved AR placement and occlusion ) වගේ දෙවල් දකින්න පුලුවන් වෙයි ඒ වගේම IKEA වගේ furniture shopping apps වගේම විවිද shopping apps වලට අපි buy කරන්න හදන item ගන්නත් කලින් අපි ලගට ගෙනත් පෙන්නන්න පුලුවන් වෙයි ඒ වගේම medical professional ලට හා ඉගෙන ගන්න students ලට වැදගත් apps ගොඩක් නිර්මානය කරන්න ඉඩ සැලසෙනවා හරියට Complete Anatomy app වගේ.

ඒ වගේම designers ලට CAD design හදන්න ඒ design real-world එකේ තියෙන හැටි බලන්න වගේ ගොඩක් දෙවල් පුලුවන් වෙනවා. ඉතිං දැනට rumor වෙන iPhone 12 launch එකත් එක්කම එලි දක්වන්න නියමිත Apple AR app එකක් ගැනත් news අපිට දැකගන්න පුලුවන් ඒ app එකත් අනිවාරයෙන්ම LiDAR sensor එක use කරයි. ඒ වගේම iOS 14 වලින් AR kit එකට මේ LiDAR එකේ data use කරන්න ඉඩ දුන්නම app developers ලගෙන් තව තව ගොඩක් නිර්මානාත්මක applications බලාගන්න පුලුවන් වෙයි. Halide ලගේ Esper වගේ Concept apps developers ලගේ creative ideas ගැන හොද නිදසුනක් දෙනවා.

ඉතිං දැනට developers ලට ගොඩක් interesting topic එකක් වෙන අනාගතේදි Apple Glasses හා improved photography videography වගේ දෙවල් නිසා consumersලටත් ගොඩක් සමීප වෙන technology එකක් වෙයි මේ LiDAR එක.