IP Address කියන එකේ තේරුම Internet Protocol address කියන එකයි.IP Address එකක් allow කරනවා අනිත් Devices එක්ක communicate  කරන්න IP-based Network එකක් හරහා Internet එක වගේ.

IP Address ගොඩ දෙනෙක් දැකලා ඇත්තෙ මෙහෙම තියෙනවා ( 151.101.65.121 ) නමුත් මේ ජාතියේ IP Address එහෙමත් තියෙනවා‌‌( 2001:4860:8844 ).‌‌

IP Address එකක් පාවිච්චි වෙන්නෙ මොකටද ?

‌‌‌‌IP Address එකක් කරන්නෙ Internet එකේදී අපේ Networked device එකට identity එකක් දෙන එක. හරියට නිකන් අපේ ගෙදර හෝ Business Address එක වගේ කියන්නත් පුළුවන්. සරලවම identifiable physical location එකක් දෙන්නෙ.

හිතන්න අපිට වෙන රටක ඉන්න යාළුවෙකට හෝ කිසියම් පුද්ගලයෙකුට මොනවා හරි යවන්න ඕනේ නම් හරියටම අපිට destination එක දැනගෙන ඉන්න වෙනවා. අන්න ඒ General  process එකමයි internet එක හරහා Data යවන්න පාවිච්චි  වෙන්නෙ. කෙසේ වෙතත් physical mailing address එකක් use කරනවා වෙනුවට computer එක DNS servers use කරනවා Hostname එක හොයලා එකේ IP Address එක හොයගන්න.

උදාහරණයක් වශයෙන් ඔයා Website URL එකක් Enter කරොත් www.androidwedakarayo.com කියලා Browser එහෙක, ඔයාගේ ඒ Page එක Load  කරන Request එක DNS server එහෙකට යවනවා hostname එක බලලා www.androidwedakarayo.com එකේ IP Address එක හොයාගන්න.

IP Versions ( IPv4 vs IPV6 )

IP Versions දෙකල් තියෙනවා. ඒ Internet Protocol version 4 ( IPv4 ) සහ Internet Protocol version ( IPv6 ). IPv6 කිය්න්නෙ Upgraded IP version එකක්.

මොකක්ද මේ IPv4 සහ IPv6

IPv6 version එක IPv4 version එක Replace කරන්න එක හේතුවක් තමා IP Address ලොකු ප්‍රමාණයක් provide කරන්න පුළුවන් වීම.

IPv4:  මේකට Unique IP Address බිලියන 4ක් වගේ provide කරන්න පුළුවන් (232). මේක් Addresses ගොඩක් උනාට මේක modern world එකට මදි Internet එකේ තියෙන Different devices එක්ක.

IPv6: .IPv6 වලදි addresses 340 trillion විතර Support  කරනවා (2128). ඒ කියන්නෙ පෘතුවියේ ඔනේ කෙනෙක්ට Internet එකට Devices බිලියන ගානක් උනත් කනෙක්ට් කරන්න පුළුවන් කියලා.

IPv6 වල තියෙන Benefits ටික ගැනත් බලමු

Auto-configuration.

Efficient routing.

Easier administration.

Built-in privacy.

IPv4 Address display කරන්නෙ 32bit numerical number එකක් විදියට decimal format එකෙන් ලියන. උදාහරණයක් වශයෙන් 207.241.148.80 හෝ 192.168.1.1 . ඒත් IPv6 වලට එද්දි  Possible Address trillions වලින් තියෙන හින්දා ඒවා ලියන්න වෙන්නෙ hexadecimals වලින් Display කරන්න, උදාහරණයක් ගත්තොත් 3ffe:1900:4545:3:200:f8ff:fe21:67:cf .

IP Address වර්ග

IP Address වල Specific types තියෙනවා. IP ඔක්කොම Numbers සහ Letters වලින් හැදුනට ඒ ඔක්කොම එකම purpose එහෙකට use වෙන්නෙ නෑ. IP Address Private IP Address,Public IP Address, Static IP Address  සහ Dynamic IP Address වශයෙන් තියෙනවා.

Private IP Address : මේක use වෙන්නෙ Network එකක් ඇතුලේ උදාහරණයක් වශයෙන් Network එක use වෙනවා tablets , Wi-Fi Cameras,Wireless Printers සහ PC's වලට. Private IP Address එකක් set කරගන්න manually හෝ router එකෙන් automatically assign කරගන්න පුළුවන්.

Public IP Address : මේවා use වෙන්නෙ Network එහෙකින් එලියේ සහ assign කරන්නෙ ISP කෙනෙක්.

මේ Private IP Address සහ Public IP Address කියන දෙකම Dynamic හෝ Static වෙනවා.

DHCP Server එහෙකින් assign කරන IP Address එකක් Dynamic  IP Address එකක් වෙනවා. Device එක DHCP support නැත්තම් හෝ enabled නැත්තම් IP Address  එක manually assign කරන්න වෙනවා එතනදි ඒකට කියන්නෙ Static IP Address එකක් කියලා.

ඔයාගේ IP Address එක මොකක්ද

එක එක වර්ගයේ  Device සහ Operating Systems  වල unique steps තියෙනවා IP Address එක හොයාගන්න.

Public IP Address එක හොයාගන්නෙ කොහොමද

Simply Google කරලා බලන්න පුළුවන් අපිට What's My IP කියලා තව Sites ගොඩක් තියෙනවා මේ වැඩේ පහසු කරන

Private IP Address එක හොයාගන්නෙ කොහොමද

MacOS : ifconfig කියන command use කරලා අපිට IP Address එක හොයාගන්න පුළුවන්

iOS : Settings > Wi-Fi menu > connect වෙලා තියෙනව network එක ළග තියෙන පොඩි " i " එක ක්ලික් කරන්න

Android : Settings > Network & Internet > Wi-Fi මේක දැං ගොඩක් Phones වල එක එක විදියට තියෙනවා කොහොමහරි Wi-Fi Settings වලට ගියහම අපිට IP Address එක බලාගන්න පුළුවන්.