Loading...
Anti-lock Brake System හෙවත් ABS කියන්නේ මොකක්ද?

වාහන ඩ්‍රය්ව් කරන අය දන්නවා ඇතිනෙ ABS කියන්නෙ බ්‍රේක් වදින සිස්ටම් එකක් කියලා නමුත් මේ ABS වල ඔය කියන බ්‍රේක් වීමට එහා ගිය තාක්ෂණයක්  හා නීතී රීති පද්දතියක් තිබෙනවා.

මුලින්ම අපි බලමු මොකක්ද මේ (ABS) කියන්නෙ කියලා

ABS ගැන සරලම පැහැදිලි කිරීම තමයි රෝද වල සහ body ඒකේ වේගයන් යන දෙකම එකම speed එකට වෙන ලෙස පද්ධතියක් ලෙස වේගය පාළනය කිරීම.

සාමාන්‍ය brake කිරීමකදි වෙන්නේ රෝද වල වේගය පාලනය කිරීම නමුත් රෝදවලට වගේම වාහනේ body එකටත් වේගයක් තියෙනව. ඒක නිසා තමයි රෝද කැරකීම නැවතිලා තියද්දීත් වාහනය ඇදිලා ඉදිරියට යන්නේ රෝද පාරවල් mark විගෙන.

ABS වලදී තාක්ෂණික පද්ධතියක් මඟින් රෝද වල සහ body එකේ වේගයන් සමාන වන ලෙස කඩින් කඩ brake කරනවා ඉතා වේගවත්ව. ඒක රියදුරුට දැනෙනව paddle එක vibrate වීමක් වගේ (නවතම ඒවායේ සමහර විට එහෙම නොදැනෙන්නට හදල තියෙන්න පුළුවන්). ABS  වල වාසිය තමයි skip වීමකින් තොරව වාහනය මනා ලෙස හසුරුවා ගනිමින් වේගය පාළනය කරගන්න පුළුවන් වීම.

ඉතාමත් සරලව මේ ABS වැඩ කරන්නෙ කොහොමද කියලා දැන් බලමු

තත්පරයක් තුලදි 10-20 ත් අතර අගයක් බ්‍රේක් කඩ කඩ ලබාදීම තමයි මෙහිදී ප්‍රදාන වශයෙන් සිදුවෙන්නෙ.(ඉහත සඳහන් අගය වෙනස් වීමට පුළුවන්)

මේ සඳහා සහාය වෙන ප්‍රධාන උපාංග කිහිපයකුත් තියෙනවා. ඒවා නම්,

  1. Wheel Speed Sensor
  2. ECU (Electronic Control Unit)
  3. Hydraulic Modulator

එහිත් 3 Channel හා 4 Channel ලෙස ප්‍රධාන වර්ග 2ක්වේ

මුලින්ම කරන්නේ Wheel Speed Sensor මඟින් ලබාගන්නා Analogue දත්ත Digital බවට පරිවර්තනය කර ECU ( electronic control unit ) එක මඟින් ලබා ගැනීම. ඉන් අනතුරුව Slip Range අගය ගණනය කරනවා රෝද වල වෙන වෙනම. එම අගය 8% ත් 35% ත් අතර පවතින්න ඕනෙ.

ඉන් අනතුරුව Hydraulic Modulator එකෙහි පවතින සොලොනොයිඩ් ස්විච් හරහා බ්‍රේක් පද්ධතියට තෙල් ලබාදීම හා නැවත ඇද ගැනීම සිදු කරනව. මෙම ABS පද්දතිය කුමන හෝ අකාරයකින් ක්‍රියාත්මක නොවීමට පුළුවන්ද? ඔව් පුළුවන්.

මෙම පද්ධතියේ දෝෂ ලෙස

  • සොලොනොයිඩ් ස්විච් කාලයක් වැඩ කිරීම නිසා ගෙවී යාම
  • ස්පීඩ් සෙන්සර් වල ගැටලු
    (මඩ,තෙල් ආදිය තැවරී තිබීම හෝ පිලිස්සී ගොස් තිබීම ,)
  • ECU එකේ දෝෂ
  • බ්‍රේක් ඔයිල් සම්ප්‍රේෂණය වන නල වල ගැටලු (බ්ලොක් වීම් හෝ ලීක් වීම්)
  • විදුලිය සම්ප්‍රේෂණය වන රැහැන් වල ගැටලු වැනිදෑ තිබිය හැකියි.

එම නිසා ඔබේ වාහනය නිතරම පළපුරුදු කාර්මිකයෙකු ලවා පරික්ශා කරගැනීමට අමතක නොකරන්න.

මීට අමතරව ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලයෙන් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තියෙනවා ABS තිරිංග පද්ධතියක් වාහනයක ඇති විට වාහන එකිනෙක හා ගැටීමෙන් අනතුරු සිදුවීමේ අවධානම 18% කින් සහ වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පිටතට ලිස්සා ගොස් අනතුරු සිදුවීම අවධානම 35% කින් ද අඩු වන බව.

මීට අමතරව, ඇමෙරිකාවේ Insurance Institute for Highway Safety (IIHS) නම් ආයතනය මගින් සිදු කල සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ABS පද්ධතිය සහිත මෝටර් සයිකල් පැදවීමේදී මාරක අනතුරු ඇතිවීමේ අවධානම 37%කින් අඩු වන බව. මේ අනුව ABS පද්ධතියක වැදගත්කම ඔබට හොඳින් වැටහෙනු ඇති.

ABS පද්ධතියේ ඇති වැදගත්කම නිසාම 2007 වසරේ සිට යුරෝපයේ අලෙවි කරන සියලුම කාර් සඳහා ABS පද්ධතිය අනිවාර්න්ම තිබිය යුතු බවට නීති පනවා තිබෙනවා. මෙයින් තවත් ඉදිරියට යමින් ඇමෙරිකාව 2011 වසරේදී නීති සම්පාදනය කර තිබෙනවා.

නමුත් මේ මොන බ්‍රේක් සිස්ටම් වාහනෙ තිබුනත් පොඩි වැරැද්දක් ඇති මාරක අනතුරකින් ඔබේ දිවි කෙළවර වෙන්න. ඔබේ අරක්ශාව ඔබ සතු නිසා සැම විටම ආරක්ෂාකාරිව හා අවධානයෙන් ගමන් කරන්න.