Loading...
Artificial Intelligence එහෙමත් නැත්තම් කෘත්‍රීම බුද්ධිය ගැන කෙටියෙන්

අද අපි කතා කරමු කෘත්‍රීම බුද්ධිය ගැන එහෙමත් නැත්තන් (AI - Artificial Intelligence) ගැන, කෘත්‍රිම  බුද්ධිය සරලව අර්ථකථනය කළොත් එහෙම යන්ත්‍ර හා  සම්බන්ධ බුද්ධිමත්  ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ වැඩසටහනක්  විදිහට අපිට හඳුන්වන්න පුළුවන්, ඒ වගේම මේ සම්බන්ධව තවත් බොහෝ අර්ථකථන තියෙනවා.

ජෝන් මැකාති කියන විද්‍යාඥයා දක්වන ලද අර්ථකථනයට අනුව ඔහු කියන්නේ කෘත්‍රිම  බුද්ධිය යනු  බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලියක් කියලා මේ අර්ථකථනය ඔහු ඉදිරිපත් කළේ 1956 වසරේ දී.

මොහු තමා කෘත්‍රිම බුද්ධියේ පියා ලෙස හදුන්වන්නෙත්,

John Mccarthy - Father of AI

අපිට කෘත්‍රිම බුද්ධිය කියන මාතෘකාව යටතේ කතා කරගෙන යද්දි අපිට අමතක කරන්න බැරි පුද්ගලයෙක් ඉන්නවා,ඒ තමයි විද්‍යාඥ ඇලන් ටියුරින්, ඔහු තමයි නූතන න්‍යායාත්මක පරිගණක විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන්නේ, ඔහු තමයි මේ 1950 වසරේදී ලෝකයට ටියුරින් පරීක්ෂාව හඳුන්වා දුන්නේ,

Alan Turing - Father of Theoretical Computer Science

ටියුරින් පරික්ෂාව කියල කියන්නෙ යම් කිසි පරිගණක වැඩසටහනක බුද්ධිමත් බව මනින තාර්කික ආකෘතියක්

ටියුරින් පරීක්ෂාවේ සරල අදහස මේ වගේ,

මේ පරීක්ෂාවට ඕන වෙනවා මිනිසුන් දෙන්නෙක්. ඒ වගේම ඔයා හදපු  පරිගණක වැඩසටහනත් ඉස්සෙල්ලාම කරන්නේ මේ අංගයන් තුනම වෙන් වෙන්න කාමර තුනක තියෙන එක. ඊට පස්සෙ C අකුරෙන් දැක්වෙන පුද්ගලයා  ප්‍රශ්න ඉදිරිපත් කරනවා අර A කියන පරිගණක වැඩ වැඩසටහනට  සහ B  කියන පුද්ගලයාට. ඊට පස්සේ දිගින් දිගටම ප්‍රශ්න අහන්න පටන් ගන්නවා C අකුරෙන් දැක්වෙන පුද්ගලයා.

මේ වෙලාවේ වැඩ දෙකක්  කරන්න ඕනේ එකක් ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර නිවැරදි ද කියල බලන දේ සහ පිළිතුර අනුව මේ පිළිතුර ලබා දෙන්නේ B  කියන පුද්ගලයා ද  නැත්තං පරිගණක වැඩසටහන ද කියල හොයල බලන එක, ඉතින් මේ අනුව ලබා දෙන පිළිතුර අනුව පරිගණක වැඩ වැඩසටහන ද පුද්ගලයාද කියන අවස්ථාව තෝරා ගැනීමට නොහැකි වන අවස්ථා ගණන අනුව පරිගණක වැඩසටහනේ බුද්ධිමත් භාවය තීරණය කෙරෙනවා

Simple Turing Test Explanation

ඔයාලට සමහර වෙබ් සයිට් වලට යද්දි කරන්න වෙන CAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart) කියන සිම්පල් ටෙස්ට් එකත් ටියුරින් පරික්ෂාවක් තමයි,එතනදි ඒ පරික්ශාව අනුව අපි Human කෙනෙක් ද Bot කෙනෙක්ද කියලා තීරණය කෙරෙනවා.

CAPTCHA Test

ඕගොල්ලො අද ඉන්ටර්නෙට් පාවිච්ච් කරද්දි අහන්න දකින්න ලැබෙන දෙයක් තමා මේ AI කියන Concept එක, ඉන්ටනෙට් එකේදි නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Analytics, Management, Planning වගේ Purpose වලට ඒ වගේම අපේ අයියලගේ හොර වැඩ අල්ලන්නත් පාවිච්චි වෙනවා. ඒ වගේම ,

Healthcare
Automotive
Financial
Digital Gaming
Advertising/Marketing
Language Processing

Industry Purposes වලටත් මේ  AI Concepts, Programs පාවිච්ච් කරනවා.වර්තමානය වෙද්දි මේ AI අපිට ගොඩක් සමීප වෙල තියෙනවා.අපි එදිනෙදා වැඩවලට අපි දැනුවත් ව හෝ නොදැනුවත්ව AI පාවිච්චි කරනවා.
උදාහරණ විදියට,

Google Assistant(Android Devices)
Microsoft Cortana(Windows 10)
Apple Siri(iOS Devices)
Samsung Bixby(Samsung Devices)
Amazon Alexa

වගේ AI මේ වෙද්දි ස්මාට් ෆෝන්,ස්මාට් හබ් වගේ Devices වලින් අපේ එදිනෙදා ජීවිතයට බද්ධ වෙලා තියෙනවා.ඉතින් මේ වෙද්දි  AI Program එකකට පුලුවන්,මනුස්සයෙක් වගේම Objects එක්ක අන්තර්ක්‍රියා කරන්න.ඒකට හොදම උදාහරණය තමා Google Duplex කියන ප්‍රොජෙක්ට් එක,

Google AI - Project Duplex

මේක ඉස්සෙල්ලම  Announce කලේ 2018 Google I/O Event එකේදි හැබයි මේක මුලින්ම US වලට විතරක් උනාට මේ වෙද්දි Australia, Canada, සහ  United Kingdom යන රටවල් වලටත් ලෝන්ච් කරල තියෙනවා. මේකේදි අපිට හොටෙල් රිසවේශන් එකක්,ඕඩර් එකක් ප්‍රොසෙස් කරන වැඩේ Google Assistant ට සම්පූර්ණයෙන් බාරදෙන්න පුලුවන්,ඊට පස්සේ  Google Assistant මනුස්සයෙක් කතා කරනවා වගේම කතා කරලා අපේ අවශ්‍යතාව සම්පූර්ණ කරල දෙනවා. ඒ වගේම රිමයින්ඩර් එකක් විදියට අපේ කැලැන්ඩර් වලට ඒක ඇඩ් කරලා අපිට පෙර දැනුවත් කිරීමකුත් කරනවා.

Google AI - Duplex Demo

ඉතින් මේ 2020 අවසන් කාර්තුව වෙද්දි AI කියන්නේ IT Industry එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆිල්ඩ් එකක්, ඒ වගේම මේ වෙද්දි මිනිස් ශ්‍රමය මගින් කරන වැඩ ගොඩක් මේ වෙද්දි  AI මගින් ඉතාම කාර්‍යක්ශම විදියට කරගන්න පුලුවන් වෙලා තියෙනවා, අනාගතයේ  කෘත්‍රීම බුද්ධිය මිනිසාගේ වැඩවලින් 80% කට වඩා කරයි කියලා තමයි විද්‍යාඥයන් අනාවැකි පලකරන්නේ. අනාගතයේ AI වල දිශානතිය කොයිපැත්තට ද කියල අපි බලාගෙන ඉමු.

Image Sources

https://www.wired.com
https://www.analyticsinsight.net
https://www.cloudflare.com
https://voicebot.ai