Loading...
ආයෝජනකරුවන් පළදින අලුත්ම Chain එක Blockchain

Blockchain එකක් යනු ඩිජිටල් ගණුදෙණු වල තොරතුරු එක්රැස් කර තබාගන්නා වර්තාවක් හෝ ලෙජරයකි. එහිදී සෑම වාර්තාවක්ම Block එකක් ලෙස හදුන්වන අතර නිතිපතා අලුත්වෙමින් වර්ධනය වන දත්ත වාර්තා ලයිස්තුව Chain එකක් ලෙස හදුන්වයි Blockchain වල ඉතිහාසය වැඩි ඈතක නොවන අතර 2008 දී  Satoshi Nakamaoto විසින් පළමු වරට හදුන්වා දෙන ලදී.

Dorian Satoshi Nakamoto is shown during an interview at the Associated Press bureau Thursday, March 6, 2014 in Los Angeles. Nakamoto, the man that Newsweek claims is the founder of Bitcoin denies he had anything to do with it and says he had never even heard of the digital currency until his son told him he had been contacted by a reporter three weeks ago. (AP Photo/Damian Dovarganes)

Blockchain නිර්මාණය කර ඇත්තේ බාහිර පාර්ශවයට එහි දත්ත වල වෙනස්කමක් සිදු කළ නොහැකි වන ලෙසය. එසේම එය පාලනය කරනු ලබන්නේ Peer-to-Peer ලෙස හදුන්වන ජාල හරහාය.Blockchain සංකල්පය විවිධාකාරයෙන් භාවිතයට ගත හැකි අතර Bitcoin යනු එම සංකල්පය භාවිතයෙන් නිම වූ ප්‍රසිද්ධ අංගයකි. තවද එමගින් වඩා කාර්‍යක්ෂම සෙවාවන් සැපයීම සහ පිරිවැය අඩුවීම හේතුවෙන් බැංකුකරණයෙදී Blockchain සංකල්පය භාවිතය ඉතා ලාභදායී වේ.එසේම සෞඛ්‍ය ක්ෂෙත්‍රය තුල රෝගීන්ගේ දත්ත රහසිගතව ගබඩා කර තැබීමට හා රහසිගත ඡන්ද ප්‍රකාශ කිරීම් වලදී ද මෙහි භාවිතය වඩා වැදගත් වේ.

තරුණ පරපුර  අතර වඩාත් ජනප්‍රිය අංගයක් වන පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී මෙකී සංකල්පය යොදා ගැනීම ආරම්භ කර ඇත. ඒ සදහා හොදම නිදසුන වන්නේ මැතකදී කරළියට පැමිණී CryptoKitties යන පරිගනණක ක්‍රීඩාවයි.

වර්තමානය වන විට, Blockchain වර්ග තුනක් භාවිතයේ පවතී.ඉන් පළමු වර්ගය පොදු Blockchain  වන අතර නමෙහි අරුතරට සරිලන ලෙස ඕනෑමකෙනෙකුට ඊට ඇතුල් විය හැකිය. අන්තර්ජාල සබදතාවයක් හිමි ඕනෑම පාර්ශවයකට එයට ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු ඇතුලත් කළ හැකි අතර ගණුදෙණු වල වලංගුතාවටයද පරික්ෂා කළ හැකිය.දැනට පවතින විශාලතම සහ ප්‍රසිද්ධම පොදු Blockchain වන්නේ  Bitcoin සහ Ethereum ය.

දෙවන වර්ගය වන්නේ පුද්ගලික Blockchain, එයට ඇතුල්වීමට අවසර ඇත්තේ එහි කළමණාකරිත්වය විසින්  අවසර ලබාදෙන පාරශවයන්ට පමණී.මෙම Blockchain වර්ගය සුදුසු වන්නේ ආයතන සදහා වන අතර එමගින් ඔවුන්ට සංවේදී දත්ත වල සුරක්ෂිත බව තහවුරු කරගත හැකිය. සමූහව්‍යපාර Blockchain යනු තුන්වන වර්ගයයි.එය අර්ධ විමධ්‍යගත  එකක් ලෙස බොහෝවිට භාවිතා වේ. තවද, ආයතන කීපයක් මගින් එය පාලනය වේ.

Blockchain හදුන්වාදීමේ අරමුණ වූයේ ඩිජිටල් තොරතුරු සංස්කරණය නොකර වාර්තා කිරීම සහ බෙදා හැරීම සදහාය. Blockchain භාවිතයෙන් වාසි බොහෝමයකි, එහි නිරවද්‍යතාවය ඒ අතරින් සුවිශේෂි වේ. මිනිස් මැදිහත්හත්වීම බොහෝ දුරට අවමකර මිලියන ගණනක් වූ ජාලගත පරිගණ්ක මගින් එහි සිදුවන ගණුදෙණූ වල නිරවද්‍යතාවය තහවුරු කරයි. එසේම Blockchain තුලදී තුන්වන පාර්ශවයන්ගේ මැදිහත් වීමක් සිදුනොවන නිසා ගණුදෙණු වාර්තාකරණයට වැටය වන මුදල අවමය.තොරතුරු විමධ්‍යගතකරණය, එමගින් ලබාදෙන අනෙක් ප්‍රොයෝජනය යි.එහිදී ගණුදෙණු පිළිබදව තොරතුරු ජාලගත සියලුම පරිගණක වලට ලබාදෙන අතර අලුත් Block එකක් එකතු වූ විට ජාලගත සියලුම පරිගණක Update එක පිළිබදව දැනුවත් වේ.

නමුත් තවමත් එහි කාර්‍යක්ෂමතාවය,රහසිගතභාවය සහ අරක්ෂාව පිළිබද තවමත් විවිධ ගැටළු පවතින අතර ඒවා අවම කර වැඩි දියුණුකිරීමට පරීක්ෂකයන් උත්සුක වෙමින් පවතී.

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල්, Blockchain යන වචනය ලොවපුරා සිතින සියලු ව්‍යපාරකන්ගේ සහ අයෝජාකයන්ගේ මුවග රැව්දෙන දිනය වැඩි ඈතක නොවන බව නොඅනුමානය.