Loading...
මොකක්ද මේ Corning Gorilla Glass එක කියන්නෙ?

ගොඩ දෙනෙක් Phone එකක් ගන්න යද්දි මේක බලනවා නොබලන අයත් ඇති. මොකක්ද මේ කියලා දන්නැති අයත් ඇති Shop එකේ ඉන්න කෙනාටත් මේ ගැන knowledge එකක් නැති වෙන්න පුළුවන් ඉතිං අපි බලමු මොකක්ද මේ කියලා.

මොකක්ද මේ Gorilla Glass කියන්නෙ?

Gorilla Glass කියන්නෙ Display screen protection technology එකක්. Smartphone එකක් ගත්තොත් ඒක වැටුනහම වැඩි හානීයක් වෙන්නෙ Display එකට නේ. අන්න ඒ හින්දා Display එකට අමතර ආරක්ෂාවක් දෙන එක තමා මේ Gorilla Glass එකෙන් වෙන්නෙ. දැං එන phones වල back එකත් glass නේ ඒවටත් මේ Gorilla Glass screen protection එක use කරනවා. ඒ වගේම smartphone වලට විතරක් නෙමෙයි tablets , computers වගේ වැටිලා කැඩෙන්න පුළුවන් protection ඕනේ panel තියෙන ඕනෙම දේකට මේ Gorilla Glass එක පාවිච්චි කරෙනවා.

මේක දැනට තියෙන හොදම screen protection technology එක කියලා සැලකෙන්න හේතු කිහිපයකුත් තියෙනවා. මේවායේ endurance එකත් lightweight එක සහ smooth finish එක නිසත් මේවයෙන් touch sensitivity එකට ප්‍රශ්නයක් වෙන්නැති හින්දත් තමා මේ Gorilla Glass එක දැනට තියෙන හොදම screen protection technology එකක් වශයෙන් සලකන්නෙ.

Gorilla Glass එකේ ඉතිහාසය

මේ Gorilla Glass එකට කලින් Corning inc එකෙන් හදපු වෙනත් Display Protections තිබිලා තියෙනවා. නමුත් company එක ගොඩ ගිය product එක නම් මේ Gorilla Glass එක. විශේශයෙන්ම 2007ත් 2008ත් කියන කාලවලදි iPhones වලට Gorilla Glass use කරපු එකෙන් තමා මේක උඩට ආවේ. කොහොම නමුත් කියලා තියෙන විදියට 2017 October වෙනකොට මේ Gorilla Glass එක devices බිලියන 5ක් විතර use කරලා තියෙනවලු.

මේ Gorilla Glass වල ඉතිහාසය බැලුවොත් මේවටත් Generations  තිබිලා තියෙනවා ඒ කිව්වේ Corning Gorilla Glass 1 , Corning Gorilla Glass 2 , Corning Gorilla Glass 3 විදියට. දැං තියෙන්නෙ Corning Gorilla Glass 6 එක මේක හදලා තියෙන්නෙ improved technology එහෙකින් සහ raw materials වලින් කියලා තමයි කියන්නෙ.

Gorilla Glass technology එක

Gorilla Glass එක හදන විදිය නම් ගොඩ දෙනෙක්ට වැඩක් නැති දෙයක් නමුත් දැනගන්න කැමති කෙනෙක් මේ ටිකත් කියවන්න. Basically Gorilla Glass එක හදන්නෙ alkaline Aluminosilicate glass එකෙන්. නමුත් බිම වැටුන ගමන් කැඩෙන් නැති වෙන්න තරම් strength එකක් දෙන්නෙ chemical process එහෙකින්. මේකට කියන්නෙ potassium-salt ion exchange process කියලා. මෙතනදි වෙන්නෙ 400°C ක විතර temperature එහෙක liquid alkaline potassium salt වල මේවා ගිල්වන එක. එතකොට මේ glass එකේ තියෙන sodium ions remove වෙලා ලොකු potassium ions වලින් replace වෙනවා.

Gorilla Glass එක කැඩෙන්නැද්ද?

ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා Gorilla Glass එකක් තියෙනවා කියන්නෙ ෆෝන් එකේ screen එකට මුකුත් වෙන්නෑ කියලා. එහෙම නම් වෙන්නෙ නෑ. Smartphone එහෙක display එහෙකට normal pressure එකක් දුන්නත් , normal height එහෙක ඉදලා බිමට වැටුනත් කැඩෙන්න පුළුවන්. මේ Gorilla Glass එකෙන් කරන්නෙ එහෙම normal day to day life එකේදී Glass එක බිදෙන්නැති වෙන්න protection එක ලබා දීමක්. ෆෝන් එක පරිස්සම් කරගන්න තෙරෙන්නැති , දවසට ෆෝන් එක සැහෙන පාරක් වට්ටගන්න කෙනෙක් නම් Gorilla Glass එකක් තිබ්බා කියලා Display එක පරිස්සම් කරගන්න බැරි වෙයි.