Loading...
Cyber Bullying කියන්නේ මොකක්ද? කොහොමද මේකෙන් ගැලවෙන්නේ?

Cyber bulling කියන්නේ එක් අයෙකුට හෝ යම් කණ්ඩායමකට වාචිකව, මානසිකව හෝ කායිකව අපහරණයට ලක්වෙන ආකාරයට කරදර, ගැරහීම්, බලපෑම් කිරීම. ඒකට වයස් භේදයක්, ලිංග භේදයක් කිසිසේත්ම බලපාන්නේ නෑ. ඔය මොනම විදිහකොන් හරි ඔයාව අපයෝජනයට ලක් වෙනව නම් එතන තියෙන්නේ cyber bulling එකකි. අද කාලයේ ඍජුවම හෝ වක්‍රාකාරයෙන් මේ විදිහට විශාල පිරිසක් cyber bulling වලට ලක් වෙනවා.

මෙහෙම වෙන්නේ ඇයි?

මේ වෙනකොට මුළු ලෝකයම නිරතුරුවම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න අය බවට පත්වෙලා අවසානයි. මේ හරහා ඕනෑම අයෙකු මේ ලෝකයට නිරාවරණය වී හමාරයි. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වන මුල් අවස්ථාවේදීම ඔබගේ privacy කියන එක නැති වී හමාරයි. මේ හරහා ඔබගේ විවිධ තොරතුරු වෙනත් අය අතට පත් වන අතර ඔබව විශාල ප්‍රමාණයකට නිරාවරණය වනවා. ඒ සඳහා දැනට පවතින සමාජ ජාලාද විශාල රුකුලක් වෙනව.

මෙහි තියෙන ප්‍රශ්නය වන්නේ ඕනෑම කෙනෙක් මේ cyber bullyingහි ගොදුරක් වෙන්න පුළුවන්. ඔබ කුමන වයසක ද, තරාතිරමක ද, ඔබේ රක්ෂාව වැදගත් නැහැ ඒ ලෙස හිරිහැරයට පත්වීමට.

මේ වෙලාවෙදී අපි මොකක්ද කරන්න ඕනේ?

1. ප්‍රතිචාර දක්වන්න එපා

ඔයාට එන cyber bullying type එකේ මැසේජ් හරි වෙන විදිහක මැසේජස් හරි ෆේස්බුක් ස්ටේටස් හරි, ට්වීට්ස් හරි ඕනම එකකට මොනම විදිහකින්වත් රිඇක්ට් කරන්න යන්න එපා. මොකද ඔය bulliesලාට ඕනේ ඔයාගෙන් ඒවාට ප්‍රතිචාරයක්. එහෙමත් නැත්තම් ඇටෙන්ශන් එකක්. ඔය විදිහට වැඩි හරියක් cyber bulliesලා වෙලා ඉන්නේ සමාජයේ අවධානය අවශ්‍ය කරන attention seekersලා නැත්තම් සරලව සිංහලෙන් කිව්වොත් අවධාන ගණිකාවෝ.

බොහෝ දුරට ඒ වගේ පණිවිඩයකින් ඔවුන් උත්සාහා දරන්නේ ඔයාගෙන් aggressive reply එකක් හරි react එකක්. ඒ react එක හෝ reply එක ඔස්සේ එයාල හදන්නේ දිගටම ඒ දේ කරගෙන ඔයාව අපහසුතාවයට ලක් කරලා ඒ හරහා සතුටක් ලබා දෙන්න. ඒ වෙලාවට කරන්න පුලුවන් හොඳම දේ තමයි I don't give a fuck කියල හිතලා simply ignore කරලා දාලා පාඩුවේ අර කීබෝඩ් තල තල ඉන්නේ නැතුව ශේපට පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න එක. ඔයාගේ ඒ නිහඬතාවයෙන් ඒ අයව සෑහෙන්න මානසික වට්ටලා දණහිස තුවාල කරවන්න ඔයාටම පුළුවන්.

2. මතක ඇතුව screenshots, screen records store කරගන්න

අද වෙනකොට ලෝකයේ වඩාත්ම බලවත් ආයුධය මොකක්ද? මුකුත් නෙවෙයි screenshots, screen records. ඉතිං ඔයාට පුළුවන් ඔය විදිහට ඔයාට bullying කරන්න එන අයගේ ඕනෑම දෙයක පිටපත් තියාගන්න. මොකද ඒවා ඔයාට සාක්ෂි විදිහට භාවිතා කරන්න පුළුවන්. නීතිමය වශයෙන් කොහොමද කියන එක දන්නේ නෑ, ඒත් සමහර තැන් වලදි ඔයාට කතා කරන්න උනොත් පහජනයා ඉදිරියේ ඒවා වලින් ඔයාලට පුළුවන් ඒවා පෙන්නලා ඔයාගේ නිරවද්‍යතාවය පෙන්නන්න. නැත්තම් පරදින්නේ ඔයාමයි.

3. Privacy එකට මූලිකත්වය

ඔබේ සමාජ ජාලා ගිණුම් වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. එමෙන්ම එහි ආරක්ෂක සැකසුම් ඉහල නංවන්න. කිසිම විටෙක ඔබ සත්‍ය ලෝකයේ ඇඳුනුම් කමක් නැති කෙනෙකු හා සම්බන්ධ වෙන්නට එපා. බොහෝමයක් මිනිසුන්ගේ පෙනෙන්නට තියෙන ගතිගුණ නෙවෙයි ඔවුන් ඇත්ත ලෝකයේදී පල කරන්නේ, ඒ නිසා සම්බන්ධතා ගොඩ නගා ගැනීමේදී වඩා සැලකිලිමත් වන්න.

4. බ්ලොක් කරන්න, දැනුම් දෙන්න

ඔවුන් ඔබ වෙත බලපෑම් එල්ල කරන්නේ කුමක් හෝ සමාජ ජාලයක් හරහා නම් වැඩේ තවත් පහසුයි. වහාම ඔවුන් ඔබට එවූ පණිවුඩ සුරැකිව තබාගෙන ඔවුන්ව ඔබේ ගිණුමෙන් බ්ලොක් කරන්න, ඔබව අපහසුතාවයට පත්වන ඡායාරූපයක් පළ උනොත් ඒකෙන් ඔයාගේ ටැග් එක රිමූව් කරගන්න. ඉන් පසුව අදාළ වෙබ් අඩවියේ ඇඩ්මින් වරුන් වෙත ඔබේ ගැටලුව අදාළ සාක්ෂි සමඟ ඉදිරිපත් කරන්න.

5. කාත් එක්ක හරි සීන් එක ගැන කතා කරන්න

ඔය මොන දෙයක් හරි වෙන වෙලාවේ ඔයා ඉන්නේ තනියම වෙන්න පුළුවන්. වට කරගෙන ගහනවා වෙන්නත් පුළුවන්. සමහර විට ඔයා අර මුලින්ම කිව්ව I don't giva fuck man සීන් එකේ ඉන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්.ඒක නිසාම මෙන්ටලි වැටිලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක ඔයාට පුළුවන් ඔයාගේ ලඟින්ම ඉන්න අය එක්ක මේ ගැන කතා කරලා හිත නිදහස් කරගන්න. ඒ වගේම වෙන දේ කොහොමද තමන්ගේ ඇතුලෙන්ම අයින් කරගන්නේ කියල උපදෙස් ගන්න. ඔව වගේ දෙයකින් ඔයාට පුළුවන් ඔයාගේ ඔලුවේ තියෙන ලොකු බරක් නිදහස් කරගන්න.

මේකට හොඳම කෙනා තමයි තමන්ගේ දෙමව්පියෝ. මෙතනදි හිතෙන්න පුළුවන් මං දැන් ලොකු මිනිහෙක්, මං මොකටද එයාලට කියන්නේ. ලෝකේ උං මට හිනා වෙයි තාම අම්මා ගාවට දුවනවා. ප්‍රශ්නයකට මූණ දෙන්න බෑ කියල. නමුත් ඕනෑම වෙලාවක තමන්ගේ දරුවෙකුට කරදරයක් උනාම ඉස්සරහට එන්නේ තමන්ගේ දෙමව්පියෝ. ඒක අමතක කරන්න එපා.

6. නීතිමය පියවර ගන්න

කිසිවෙකු අන්තර්ජාල පණිවුඩ මාර්ගයෙන් තර්ජනය කර සිටිනම්, ඔබේ තොරතුරු කිසිවෙකුට ඔබේ අනුදැනුමක් රහිතව ලබාදී ඇති නම්, ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නම්, පොලිස් නිලධාරියෙකු හෝ මේ ගැන අවබෝධයක් ඇති වැඩිහිටියෙකුට දන්වා සිටින්න.

යමෙකු එලෙස අඩන්තෙට්ටමකට ලක් වෙනවා කියන්නේ ඔහු හෝ ඇය මානසික අපහසුතාවයකට පත් වෙනවා කියන එකයි.

ඉතින් මෙහෙම තත්වයකට ඔබේ හෝ කාගේ හෝ දරුවෙකු මුහුණ දෙනවා නම් හොඳම දේ  ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙන එකයි. ඉන් පසුව ඔවුන් සිදුවීමේ බරපතල බව තීරණය කර නීති මගින් කටයුතු කරන්න ක්‍රමවේද සලසාවි. වැඩි විස්තර මෙතනින් ගන්නට පුළුවන්. අන්න ඒකට තමයි කිව්වේ සාක්ෂි තියාගන්න කියලා.

7. අනුකම්පා කරන්න

හොඳින් මතක තබා ගන්න. සතුටින් ආරක්ෂිතව සිටින කිසිවෙක් තවත් කෙනෙකුව අපහසුවට පත් කරන්නේ නැති බව. ඒ නිසා ඔබව අපහසුවට පත් කරන යමෙක් වෙනවා නම් ඔහු හෝ ඇය තමන්ගේ ජිවිතයේ බොහොම අපහසු කාල පරිච්ඡේද පසුකරමින් අතීතයට වෛරකමින් , ඒ අතීත කැළැල් මකා ගන්න තවෙකෙකුට හිරිහැර කරනවා වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

හැබැයි අනුකම්පා කරන්න කියලා අපි කිවුවේ තමන්ට වෙච්ච හිංසනය නොසලකා හරින්න කියල නම් නෙමෙයි. එසේ සිදුවන්නට හේතුව තේරුම් ගැනීමට ඔබට උදවුවක් වීමට පමණයි.