Loading...
මොනවද මේ Domain Name එකක DNS Records කියන්නෙ?

අද මම කියන්නෙ Domain එකක DNS කියන්නෙ මොනවද කියන එක. Domain Name එකක් කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නව ඇතිනෙ. හැබැයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි නිසියාකාරව Domain Name එක තමන්ගෙ Server එකත් එක්ක Configure කර ගන්න විදිය නොදන්න කම. කට්ටිය මේ වෙනකොටත් දන්නව Nameservers කියල දෙයක් තියෙනව සහ ඒක වෙනස් කරාම හරි කියන එක. හැබැයි ඇත්තටම මොනවද එතන වෙන්නෙ කියන එක ගැන අවබෝධයක් නෑ. අද මම කියල දෙන්න යන්නෙ ඔන්න ඔය සම්බන්ධවපොඩි අදහසක්...

ඕනම Domain එකක් ICANN කියන Company එක හරහා තමයි ඔය කොහෙන් ගත්තත් ගැනෙන්නෙ. හිතන්න Godaddy, Namecheap මේ මොන තැනකින් ගත්තත් ICANN කියන අන්තර්ජාතික සමාගමින් තමයි Domain එක ඔයාගෙ නමට ලියාපදිංචි වෙන්නෙ. ඊටපස්සෙ ඔයා කොහෙන් හරි Server එකකුත් ගන්නව කියල හිතන්න. දැන් මේ Domain එක Browser එකේ ගැහුවම මුලින්ම Request එක යනව ICANN එකට. මෙතනදි ඔයාගෙ Request එක DNS Servers වලට යොමු කරනව. මේ DNS Servers වලින් බලනව Domain එකේ Servers කොහෙද තියෙන්නෙ කියල. මෙන්න මේ බලන වෙලාවෙදි Domain එකට අඳුරගන්න පුළුවන් වෙන්න ඕන කොහාටද Domain එක සම්පූර්ණයෙන්ම Point වෙලා තියෙන්නෙ කියල. අපි මෙන්න මේ වෙලාවට Server එක හොයාගන්න පුළුවන් වෙන්න තමයි Nameservers කියන DNS Record එක Add කරල තියන්නෙ.

Nameservers කියන්නෙ සම්පූර්ණයෙන්ම Domain එක Point කරන තැන. මෙතනදි තව දේවල් ටිකක් තියෙනව. A records, MX, TXT, CNAME මේ වගේ බර ගානක් තියෙනව එක එක විදියෙ DNS ප්‍රබේධ. මේ හැම එකක්ම තීරණය කරන්න Server එකට භාර දීමක් තමයි කරන්නෙ Nameservers කියන එක Point කිරීමෙන්...

සාමාන්‍යයෙන් Nameservers උදාහරණයක් විදියට ගත්තොත් ns1.example.com, ns2.example.com මේ විදියට ඔයාලට Server එක ගන්න තැනින් දෙනව.

එතකොට මොනවද මේ A records සහ අර කලින් කිව්ව MX, CNAME, TXT වගේ ඒව? මේවත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල්.. ඔයා Nameservers වලින් Domain එක Point කරාට පස්සෙ Server එකෙන් තීරණය කරනව මේ අනික් දේවල් කොහේට කොහේටද යන්න ඕන කියල.

A Record එකක් කියන්නෙ ඔයාගෙ Web එක Load වෙන්න ඕන IP එක තියෙන Server එක ගැන සඳහනක් තියෙන විස්තරයක්. MX කියන්නෙ ඔයාගෙ Emails Handle වෙන්න ඕන Server එක ගැන විස්තරයක්. CNAME කියන්නෙ නිකන් අපිට නොපෙනී කොහේ හරි තියෙන දෙයක් පෙන්නනව වගේ අදහසක් දෙන්න පුළුවන් එකක්. Blogspot Blog එකක් වගේ හදනකොට අපිට CNAMES ඕන වෙනව. TXT කියන්නෙ සමහර Verifications වලට අදාල වෙන DNS Record එක.

මේ දේවල් හැම එකම සාමාන්‍යයෙන් Server එකත් එක්ක Default එයාලගෙම Server එකට Point වෙලාමයි ඔයාට cPanel එක හම්බෙන්නෙ. (cPanel එක කිව්වෙ Server එක ගන්නකොට හම්බෙන Control Panel වර්ගයක්. දැනට ලොකෙ හොඳම එක විදියට සලකන්නෙ cPanel කියන එක) මේ cPanel එකට Login වෙලා ඔයාට ඕන නම් මේ A, MX, TXT වගේ දේවල් ඔයාට ඕන ඕන විදියට වෙනස් කරන්න අවස්ථාව දීල තියෙනව.

කවුරු හරි කෙනෙක් Nameservers වලින් නැතුව කෙලින්ම A records වලින් වගේ Domain එකේ ඉඳන් Point කරනව නම්, මුලින්ම Domain එක ගන්න තැනින් එයාල දෙන Nameservers ටික අපි Update කරන්න ඕන එයාලගෙම Server එකට. ඊටපස්සෙ අපිට පුළුවන් වෙන වෙනම Domain එකෙන්ම A, CNAME, MX, TXT වගේ දේවල් එක්ක වැඩ කරන්න.

ඉතින් මේ DNS Records කියන දේවල් නිතරම Website හදන කට්ටියට ඕන වෙනව. මේක නිතර Check කරන්න වෙනව Web එක වැඩ නැති උනොත්, Emails වැඩ නැති උනොත් වගේ. ඉතින් ඒකට හරිම පොඩි සරල App එකක් තියෙනව Play Store එකේ. මේක ඔයාගෙ Android Phone එකට install කරගෙන ඔයාලගෙ Domains වල DNS Records ටික තප්පරෙන් බලාගන්න පුළුවන්.

මේ තියෙන්නෙ download Link එක.

DNS Checker : Find DNS Records of Domain - Apps on Google Play
Within this DNS Checker tool, you can find, all Nameservers and its IPs, A Records (Server IP), MX Records (Mail), CNAME Records, and all the TXT (SPF, and other verification Text Records) records of your domain name. No matter what is the domain name you searching for. Within 2 seconds, you will ge…