Loading...
Framer CMS එකේ marketplace එක ගැන ඉගෙනග​මු

මේ වෙනකොට Articles කිහිපයකින්ම Framer CMS එක ගැන ලොකු අදහසක් දුන්නනේ ඔයාලට. අද අපි කතා කරමු Framer CMS එකේ තියන Marketplace එක ගැන.

ඉතින් මේ Framer Marketplace එක කියන්නෙ Framer හරහා Website හදන ඔයාලට pre build template එහෙමත් නැත්තම් demo content නොමිලේ හා Paid versions විදියට ගන්න පුළුවන් තැනක්. මේ Market place ඔයාගෙ time එක ඉතුරු කරන්ම ගොඩාක් උපකාරි වෙන තැනක්.

අපි මේකේ Key aspects ගැන ටිකල් විස්තරාත්මකව කතා කරමු.

01. Templates

Templates කියලා කියන්නෙ, සම්පුර්ණ වශයෙන් හදපු Websites, මෙහෙම පැහැදිලි කරන්නම්කෝ සම්පුර්ණයෙන්ම හදපු Websites එයාලා Marketplace එකට දාලා තියනවා අපිට අවශ්‍ය Design එක අවශ්‍ය Category එකේ තෝරලා අපේ වැඩ වලට භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් ලොකු time එකක් ඉතුරු කරගන්න පුළුවන් මේව නිසා. ඒ වගේම SEO friendly සහා Mobile Responsive සමඟ තමා මේ template අපිට බලාගන්න පුළුවන් වෙන්නෙ.

02. Components

Components කියලා කියන්නෙ අපි Website එකක් හදනකොට භාවිතා කරනා තනි තනි දේවල්. උදාහරණ විදියට Buttons, Forms, Footers, Slider වගේ දේවල් වලට. ඉතින් ඔයාලටත් framer හරහා හරිම පහසුවෙන් මේ දේවල් යොදාගෙන ඔයාගෙ Website හදාගන්න පුළුවන්.

03. Animations සහා Interactions

මෙන්න මේ කොටස තමා CMS එකක මම දකින හොදම දේ. සමාන්‍යයෙන් අනෙකුත් CMS වලට එහා ගියපු experience එකක් අපේ users ලට දෙන්න පුළුවන් Framer වල තියෙන්නෙ Animations වලින්. ඔයාලට Framer Marketplace ගියොත් මේවගේ Demos බලන්නත් පුළුවන්.

විශේෂ කාරණා​ව

මේ හැමදෙයක් හැබැයි නොමිලේමත් නෙවේ හොදද. අපි සැලකියුතු ප්‍රමාණයක් නොමිලේ ලබා ගන්න පුළුවන්. හැබැයි ගොඩාක් දේවල් paid විදියට තමා තියෙන්නෙ මම කියන්නෙ ගොඩාක් advanced දේවල්. සමහර දේවල් subscription විදියටත් සමහර දේවල් one-time payment එකක් විදියටත් බලාගන්න පුළුවන්.

ඔයාට අවශ්‍ය පරිදි ගැලපෙන එක Marketplace visit කරලා තෝරලා ගන්න පුළුවන්.

මගේ අත්දැකීම් වලට අනුව නම් Marketplace එකේ තියන Free Templates and components වලින් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්.

එහෙනම් ඊලග article එකෙන් හම්බවෙමු. හැමෝටම සුභ දවසක්.