Loading...
සුපිරි Movies සුපිරි විදිහට බලන්​න ළඟදිම ලංකාවට එන IMAX කියන්නේ මොකද්ද?

ඔයා වෙනත් රටකදී කවදා හරි IMAX තාක්ෂණය තියෙන Theater එකකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් Film එකක් බලනවා වගේ නෙවෙයි ප්‍රමාණයෙන් ඉතා විශාල Screen එකක ගොඩාක් Quality Sounds එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා ගන්න පුලුවන් කියලා. මේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ අපි හැමෝටම අත්විඳින්න පුළුවන් විදියට ළඟදීම Scope Cinema ශාලා වෙත ලබා දෙන්න ඒ ආයතන‍ය සැලසුම් කරලා තියෙනවා.

ඉතින් අද Android වැඩකාරයෝ අපි මේ ලිපියෙන් ගෙන එන්නේ මේ IMAX තාක්ෂණය කියන්නේ මොකද්ද සහ මෙහි විද්‍යාත්මක පසුබිම ගැන.

IMAX යනු

IMAX තාක්ෂණය එක්තරා විදියකින් High Resolution Camera, අලුත් Film Formats සහ අලුත් Projectors වල යම් Standard එකක් වනවා. Maximum Image යන්නෙන් මේ සඳහා IMAX ලෙස නම යොදා තිබෙනවා. මේ IMAX තාක්ෂණය සහිත සිනමා ශාලා සඳහා යොදා ගන්නා Screen එක සාමාන්‍ය Screen වලට වඩා බොහෝමයක් උසින් වැඩි අතර 1.43:1 සහ 1.90:1 යන Aspect Ratio වලින් මේ Screens බලාගන්න පුලුවන්.

යම්කිසි චිත්‍රපටයක IMAX තිරගත කිරීමක් ගැන සඳහන් කරන විට, චිත්‍රපට නිශ්පාදන ක්‍රියාවලියේදී මෙන්ම එය නරඹන විටදීත් බොහෝ බහුවිධ මාධ්‍යන් භාවිතා කරනවා. මෙයින් අදහස් කරනුයේ චිත්‍රපටයක සැබෑ IMAX රස විඳීමට නම්, එය IMAX සඳහාම විශේෂිත වූ Screen එකක තිරගත කළ යුතු අතර High Resolution කැමරාවලින් ද රූගත කළ යුතු බවයි.

IMAX තාක්ෂණයෙන් චිත්‍රපටි නිර්මාණය සඳහා යොදාගැනෙන කැමරා

Imax තාක්ෂණයෙන් යුතු චිත්‍රපට රූගත කිරීම සඳහා යොදාගන්නේ විශාල Frame Rate එකක් ඇති කැමරා වලින් වනවා. මන්ද යත් කැමරාවලට ඉතා ඉහළ විස්තර සහ පැහැදිලි බවකින් දර්ශන ලබා ගැනීමේ හැකියාව ඇති නිසා ය. IMAX චිත්‍රපට රූගත කරනු ලබන්නේ විශාල රාමුවක් භාවිතයෙන් පටිගත කළ හැකි කැමරා භාවිතයෙන්, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික 35mm චිත්‍රපටයක න්‍යායාත්මක තිරස් විභේදනය මෙන් තුන් ගුණයක්. මෙම කැමරාවලට ඉතා ඉහළ විස්තර සහ පැහැදිලි බවකින් දර්ශන ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ජනප්‍රිය IMAX කැමරාවලට Arri Alexa LF, Arri Alexa Mini LF සහ Arri Alexa 65 ඇතුළත් වන අතර ඒ තුනම 4K කැමරා වනවා. Captain America: Civil War, Avengers: Infinity War සහ Avengers: Endgame වැනි චිත්‍රපට රූගත කිරීමට Arri Alexa 65 වර්ගයේ කැමරා යොදාගෙන තිබෙනවා.

අනෙක් ඒවාට Sony සමාගමේ Venice (6K), Red Ranger Monstro (8K) සහ Panavision Millennium DXL2 (8K) දක්වන්න පුළුවන්. 2017 නිකුත් කළ Transformers: The Last Knight චිත්‍රපටය සඳහා, ARRI Alex කැමරා දෙකක් ස්වාභාවික ත්‍රිමාණ දර්ශන ලබා ගැනීම සඳහා කැමරා රිග් එකක සවිකරන කරන ලදී. අවසාන චිත්‍රපටයේ 93%ක් IMAX දර්ශන අඩංගු විය.

මේ IMAX තාක්ෂණයෙන් රූගත කිරීම High Resolution Camera මතම පදනම් නොවේ. කැමරාව තුළින් Capture කරගත් සියලුම frames IMAX සඳහාම වෙන්වූ විශේෂ Image Enhancements භාවිතා කරමින් එම Frames වල තත්වය වැඩි දිට්‍යුණු කරයි. මෙයටද සාම්ප්‍රදායික 35mm Scaling භාවිතා කරන අතර මේ සඳහා හොඳම උදාහරණ වනුයේ පෙර නිකුත් වී තිබුණත් නැවත IMAX Image Enhancements භාවිතා කර වැඩි දියුණු කර නැවත එළිදැක්වූ Apollo 13 සහ Star wars හී Attack of the clones යන දෙවන කොටස වනවා.

IMAX තාක්ෂණයෙන් යුතු චිත්‍රපටි පෙන්වීම සඳහා යොදාගැනෙන Projectors

සියලූම දර්ශන පටිගත කර ඉතා විශිෂ්ඨ මෘදුකාංග භාවිතා කොට චිත්‍රපටය සංස්කරණය කිරීමෙන් පසු IMAX තාක්ෂණයෙන් යුතු ප්‍රක්ෂේපණයක් (projector) තිබීම ඉතාමත් වැදගත් වනවා. මෙහි Digital සහ laser ලෙස Projection Systems දෙකක් තිබෙනවා.

Digital Projection යොදා ගන්නේ කෙටි 1.89:1 Aspect Ratio එකෙන් එකෙන් යුතු තිර සඳහා වන අතර මෙහිදී 2D/3D ප්‍රක්ෂේපණය කළ හැකි 2K Projectors දෙකක් ක්‍රියාත්මක වනවා. මෙහි අවසාන IMAX Output එක ලබා දීම සදහා Projector දෙකෙහි ප්‍රතිදානයන් එක මත එක පිහිටවනු ලබනවා.

Laser Projection 1.43:1 හා 1.89:1 යන Aspect Ratio දෙකම සහාය දක්වන Display සඳහා යොදා ගනු ලබනවා. මේ නව තාක්ෂණය 2012 සිට සංවර්ධනය වූ අතර මෙය මඟින් සාමාන්‍ය ප්‍රක්ෂේපණයේ ආලෝකයට වඩා ප්‍රභල ලේසර් කිරණයක් නිකුත් කරනු ලබනවා.

මෙය Digital Projection හා සංසන්දනය කරන විට මේ තුළින් ලැබෙන ප්‍රතිදානය 50%කින් පමණ ඉහළ වනවා. තවද මේ Laser Projection 60fps සඳහාද සහාය දක්වනවා.

IMAX තාක්ෂණයෙන් යුතු චිත්‍රපටවල ශබ්දය

මෙය බොහෝ දෙනෙක් වැඩිය ගානකට ගත්තේ නැති උනාට ඕනම චිත්‍ර පටියක රසවින්දනයෙන් හරි අඩක්ම රඳා පවතින්නේ ශබ්දය මත වනවා. IMAX තාක්ෂණය භාවිතා කර ශබ්ද ප්‍රතිදානයෙන් අනවශ්‍ය ඝෝෂාවන් ඉවත් වන අතර මෙයින් සාමාන්‍ය ශබ්දයන්ට වඩා ශබ්ද වල සුපැහැදිලි බවක් ලබා දෙනවා. එපමණක් නොව IMAX මඟින් ඉතා ඉහළ පරාසයක ශබ්ද ප්‍රතිදානය වන අතර එමඟින් බොහෝ ත්‍රාස්‍යජනක චිත්‍රපට වල ඉතා අඩු ශබ්දයන් පවා ඉතා සුපැහැදිලි බවකින් ප්‍රතිදානය කරනු ලබනවා. IMAX තාක්ශණයෙන් යුතු සිනමා හල් වල බිත්ති තුළින් චිත්‍රපටයේ ශබ්ද වැඩි කරන අතර ප්‍රේක්ෂකයන්ගේ අනවශ්‍ය ශබ්ද එයට අවශෝෂණය කරගනු ලබනවා.

IMAX audio is designed to provide a wide dynamic range and a uniform experience to everyone in the theatre.

මේ සඳහා යොදාගන්නා ශබ්ද වාහිනී තුලින් 23Hz ශබ්ද පරාසයකටත් වඩා අඩු පරාසයක් ප්‍රතිදානය කල හැකි අතර සාමාන්‍ය ශබ්ද වාහිනී තුලින් ප්‍රතිදානය කළ හැක්කේ 40Hz පමණ වනවා.

IMAX තාක්ෂණය සහිත සිනමාහල්

IMAX තාක්ෂණයෙන් චිත්‍රපටියේ රසවින්දනය වැඩි කිරීම සඳහා ඉහත අංග සියල්ලම ඇතුළත් හොඳ වටපිටාවක් සහිත සිනමා ශාලාවක් නිර්මාණය කරනවා. තිරය ළඟම ඇති ආසන වල අංශක 70 Field of view ක්‍රමවේදය යොදා ගන්නා නිසා ඔවුන්ටද මෙහි රසවින්දනය කිසිඳු අඩුවක් නොමැතිව අත්විඳිය හැකිවනවා.

ඇමරිකාව, ඉන්දියාව, චීනය වැනි බොහෝ රටවල මේ IMAX සිනමාහල් පිහිටා ඇති අතර. නුදුරේදීම මේ තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒමට Scope Cinema ශාලා කටයුතු කරන අතර ඒ පිළිබඳව පැවති දේශනයක ඡායාරූපයක් පුද්ගලයකු විසින් Facebook වෙත නිකුත් කරමින් පිළිබඳව තහවුරු කරනවා.

අපි හිතනවා ඔයා මේ ලිපියෙන් IMAX තාක්ෂණය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ ගැන දැන් ඔයා දන්න නිසා ළඟදිම මේ තාක්ෂණයෙන් යුක්ත චිත්‍රපටියක් බලද්දී ඔයාට ඒකේ උපරිම රසවින්දනයක් ගන්න පුලුවන් වේවි.

තවත් මෙවැනිම ලිපියකින් ඉක්මනින්ම හමුවෙමු. සුභ දවසක්!