Loading...
Malware හෙවත් අනිෂ්ට මෘදුකාංග කියන්නේ මොනවාද?

අද අපි අවධානය යොමු කරන්න යන්නේ මොනවද මේ Malware කියන්නේ කියලා. පරිගණක පරිශිලකයකුට හානි කිරිමට හැකි ඕනැම වැඩසටහනක් හෝ ගොනුවක් අපි Malware එකක් ලෙස හදුන්වනවා. Computer viruses, Worms, Trojan horses සහ Spyware අපිට Malware යටතට ගන්න පුලුවන්. මෙවනි Software මගින් දත්ත මකා දැමිම, දත්ත විකේතනය, සොරකම් කිරිම, පරිගණක වැඩ සටහන් වෙනස් කිරිම හෝ පැහැර ගැනීම, පරිශිලකයන්ගේ පරිගණකයේ ක්‍රියා අධීක්ෂණය කිරිම වැනි කාර්යයන් මෙම Software මගින් සිදු කරනු ලබනවා.

මෙතෙන් පසු Malware යටතට අයත් වෙන Software ගැන අපි කෙටියෙන් විමසා බලමු.

Computer virus

මෙම Virus, පරිගණක මෘදුකාංගවලට හෝ ගොනුවලට සම්බන්ධ වෙමින්, එම Virusයේම අනුපිටපත් සාදමින් එහා මෙහා ගෙන යා හැකි උපාංග හරහා අනෙක් පරිගණකවලට ආසදනය වීමේ හැකියාවක් පවතිනවා. දත්ත හා තොරතුරු මකා දැමීම, වෙනස් කිරීම සහ මෘදුකාංග අඩපණ කිරිම වැනි දැ මේ Virus මගින් සිදු වෙනවා.

Computer worms

මෙහිදී ද, දත්ත හා තොරතුරු මකා දැමීම, වෙනස් කිරීම සහ මෘදුකාංග අඩපණ කිරිම වැනි දැ සිදු වෙනවා. මෙහි ප්‍රධානතම වෙනස වන්නේ පරිගණක ජාල හා අන්තර්ජාලය භාවිතයෙන් ස්වයංක්‍රියව ව්‍යාප්ත වි පරිගණක මතකයේ ඉඩ සියල්ල ඒ මගින් පුරවා දැමිමට කටයුතු කිරිමයි.

Trojan horse

Trojan horse යනු ග්‍රීකයන් විසින් ට්‍රෝයි නගරයට ඇතුළු වී යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා භාවිතා කළ ලී අශ්වයා වෙනවා. මේ කතාව කෙටියෙන් කිවහොත් මෙම යුද්ධයේදි සතුරන්ට එරෙහිව ග්‍රීකයන් විසින් ලීවලින් අශ්වයෙක් සාදා, අශ්වයා තුල තෝරාගත් මිනිසුන් පිරිසක් ඇතුලත සගවා තැබුවා. ට්‍රෝයි නගරයේ මිනිසුන් මෙය භාර ගත්තේ ජයග්‍රාහී කුසලානයක් වශයෙන්. එදින රාත්‍රියේ ග්‍රීක හමුදාව අශ්වයා තුලින් ඉවතට පැමිණ ග්‍රීක හමුදාවේ සෙසු අයට දොරටු විවර කර දෙනු ලැබුවා. ඉන්පසු ග්‍රීකයෝ ට්‍රෝයි නගරයට ඇතුළු වී නගරය විනාශ කරනු ලැබුවා.

මේ අනිෂ්ට මෘදුකාංගයත් මිතුරු ලෙසින් පෙනී සිට අනර්තකාරී වැඩ කිරිම නිසා Trojan horse යන නම ලැබී තිබෙනවා.

Spyware

පුද්ගලයෙකුගේ පරිගණක භාවිතය, අන්තර්ජාල පරිහරනය ආදී තොරතුරු රහසිගතව එකරාශීකර වෙනත් පාර්ශවයකට රහසින් ලබා දෙන අනිෂ්ට මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වා සිය හැකියි. මේ මගින් දත්ත හා තොරතුරු ද වෙනත් පර්ශවයක් කරා රහසින් ලබා දිය හැකියි.

Ransomware

මෙම අනිෂ්ට මෘදුකාංගය ජාලයක් තුලින් පරිගණකයකට ඇතුලු වී සියලුම දත්ත අගුලු දමනු ලබනවා. ඉන්පසු අගුලු ඉවත් කිරීම සදහා කප්පම් ඉල්ලන වැඩසටහන් විශේෂයක් වෙනවා.

Hoaxes

E – mail පණීවිඩ තුලින් පතුරුවා හරින කටකතා වැනි පණිවිඩයක් බොහෝවිට මේවා සමග virus වැඩසටහන්ද අමුණා එවනු ලබනවා.

keylogger

keyloggers යනු අධීක්ෂණ මෘදුකාංගයකි. මෙය පරිශිලකයෙකුගේ key press පටිගත කිරිම සදහා නිර්මානණය කර තිබෙනවා. සයිබර් තර්ජනවල පැරණිතම ආකාරවලින් එකක් වන මේ keylogger ඔබ Web site එකක හෝ Application එකක Type කරන ලද තොරතුරු ගබඩා කර නැවත තෙවන පාර්ශවයකට යැවිම සිදු කරනු ලබනවා.

Rootkit

Rootkit බොහෝ විට භාවිතා කරන්නේ Operating System එකට ප්‍රවේශවීමට Back door එකක් නිර්මාණය කර ගැනීම සදහායි. එවිට Attackerට පරිගණකයට දුරස්තව ප්‍රවේශ වී පරිගණකය තුල ඕනැම දෙයක් වෙනස් කිරිමට හැකියාව ලැබෙනවා.