Loading...
Mobile Signal Jammer එකක් කියන්නේ මොකක්ද? කොහොමද මේකෙන් බේරෙන්නේ?

මොකක්ද මේ Jammed (ජෑම්) කරනවා කියන්නෙ

නූතන පරම්පරාවනම් මේක ගැන හොඳටම දන්නවා ඇති නමුත් මෙක ගැන නොදන්න අයත් ඇතිනෙ එ අයටත් තේරෙන විදිහට මම මේක ඉතාමත් සරලව කෙටියෙන් කියන්නම්.

මේ ජෑම් කරනවා කියන්නෙ ඔයාලා හිතන ජෑම් නෙමෙyi, මේක ඇවිල්ලා හිතාමතාම Radiofrequecys වලට බා​ධා පැමිණිවීම ​හෝ හෝ විකෘ​ති කිරීමට භාවිතා කරන පොදු නම​යි. ​ඒ කියන්නෙ ඔයාගෙ ඩිවයි​ස් එක​යි ඔයා​ගේ ඩිවයි​ස් එකට අවශය කරන සං​ඥා නිකුත් කරන ටවර් එක අතර ඇති සම්බන්ධතාව​ය අවහිර කර දැමීමයි.

Mobile Signal Jammer එකක් කියන්නෙ මොකක්ද, වැඩ කරන්නෙ කොහොමද?

සරලවම කිව්වොත් මේ Mobile signal jammer කියන්නෙ, ජංගම දුරකථන සිග්නල් අවහිර කරන උපකරණයක්. මේකට Bluetooth,Wifi හෝ Service Provider මගින් නිකුත් කරන Signal වැනි ඕනෑ​ම ආකාරය​ක සිග්නල් එකක් අවහිර කරන්ඩ පුළුවන්. මේක තීරණය වෙන්නෙ මේ Mobile Signal jam කරන පුද්ගලයා හෝ ආයතනය මත. දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මේක  සංඥා සම්ප්‍රේෂණය කරන උපකරණ වල සන්නිවේදන හැකියාව කඩාකප්පල් කරන උපකරණයක් කියලා.

මේවා සාමන්‍යයෙ​න් භාවිතා කරන්නෙ මොන වගෙ අවස්ථාවලද?

මේ​වා සාමන්‍යයෙ​න් බො​හෝ දුරට භාවිතා වෙන්නෙ ජනපතිවරු හෝ අගමැතිවරු හො වෙනත් විශේෂි​ත පුද්ගලය​න් සහභාගී වෙන උත්සව අවස්ථාවලදී හා මහමග ගමන් කරන අවස්ථාවලදි.

උදාහරණ විදිහට ඇමෙරිකානු ජනපති,රුසියානු ජනපති,චීන ජනපති වගෙ ලෝක ප්‍රභලයන් මහමාර්ගයෙ ගමන් ගන්න අවස්තාවල යම්කිසි ප්‍රදේශයකට බලපැවැත්වෙන පරිදි මේවා භාවිතා වෙනවා.

මොන Frequency යටතේද මේ Cell phone Jammer වැඩ කරන්නෙ?

මේවා සාමානයෙන් වැඩ කරන්නෙ. ඔයාගෙ Mobile operatesලා විසින් පාවිච්චි කරන Frequency එකට සමන වන 900MHz - 1800MHz යන Frequency යටතෙ. හැබැ​යි මේ Frequencys valid වන්නෙ Asia හා Europe වලට විතරයි. ඇමෙරිකාවෙදි ​මේ වෙනුවට භාවිතා වන්නෙ 1.9GHz.

මෙ යට ටික මෙ මාතෲකාවටනම් අදාල නැහැ නමුත් ඔයාලගෙ වැඩි දුර දැනුම වෙනුවෙන් මේකත් ඔලුවට දාගන්ඩ.

  • සාමනයෙන් අපි බලන TV වල භාවිතා වන Frequency එක වන්නෙ 30MHz-300MHz.
  • FM Radio වලට භාවිතා වන්නෙ 88MHz-108 MHz යන Frequencies එක.
  • Walkie talkie වලට භාවිතා වන්නෙ 462.5625 MHz - 462.7250 MHz යන Frequencies එක.
  • Bluetooth වලදි භාවිතා වන්නෙ 2.4GHz - 5GHz යන Frequencies එක.
  • Wifi වලදිත් භාවිතා වන්නෙ Bluetooth වගේම 4 GHz - 5 GHz. කියන එකය්.
  • Drone camera වලදි 2.400–2.483 GHz සහා 5.725–5.825GHz යන Frequencies ටිකය් තමා Commonly භාවිතා වන්නෙ.

Mobile Signal සඳහා මොන Frequencies ද භාවිතා වන්නෙ

සමාන්‍යයෙ​න් Mobile phone සඳහා භාවිතා වන්නෙ 450MHz සහා 2700 MHz අතර යන Frequencys තමා.

මේ අනුව,

  • 2G සඳහා (900MHz සහා 1800MHz) යන එවාත්.
  • 3G සඳහා (900MHz සහා 2100MHz) යන එවාත්.
  • 4G සඳහා (800MHz සහා 1800MHz සහා 2600MHz) යන ඒවාත් භාවිතා වේ.

Mobile Signal Jam කරන්​න අව​ශ්‍ය කරන පුද්ගලයා හෝ අයතනයට උවමනා පරිදි 2G ද 3G ද 4G ද නැත්තන් සියල්ලමද යන එක තිරණය කර වෙන වෙනම Jam කළ හැකි​යි.

මේකෙ​න් බේරෙන්නෙ කොහොමද?

මෙකෙන් කවර් කරන රේන්ජ් එකෙනම් ඔයා ඉන්නෙ මේකෙ​න් බේරෙන එක ටිකක් අමාරු වැඩක්. හැබැය් අමාරු​යි කිව්වට බැරි නැහැ. අපි බලමු එහෙනම් කොහොමද ඒක කරන්නෙ කියලා.

සාමාන්‍යයෙ​න් මේකක් වැඩ කරන්නෙ අඩකවයක හැඩේට. එකියන්නෙ ඔයා මේ අඩකවෙ විහිදෙන උස ප්‍රමාණෙ​න් උඩට ගියොත් ඔයාට මේ Jam කිරීම අදාල වන්නෙ නැහැ. ඒ වගේම ​මේ Jam කරන Device එක මගින් කවර් කරන Distance එකෙන් එලියට ගියාමත් ඔයාට මේකෙ​න් මිදෙන්ඩ පුළුවන්.

Jammer එකක Range එක කොච්චරක් වෙනවද?

කුඩා පරිමාණ​යේ ඩිවයි​ස් එකක්නම් අඩි 30ක් හෝ මිටර 9ක් හා ඉතාමත් නවීන මිලෙන් අධික එකක්නම් කිලොමීටර් 1.5ක් හෝ ඊට වඩා වැඩි දුරක Range එකක් කවර් කළ හැකි​යි. ඔයාට මේ කියන රේන්ජ් එකෙන් පිටතට ගොස් සාමනය පරිදි ඔයාගෙ ඩිවයි​ස් එක පාවිච්චි කළ හැකි​යි. හැබැ​යි මෙතනදි ජෑමරේ තියෙන්නෙ Wifi router එන ඒරියල් එක වගේ එකක්නම් මේ කූරට එහෙමත් නැති නම් (omnidirectional antena) එකක්නම් මේකට වැඩි දුරකට ඔයාලගෙ සිග්නල් බ්ලොක් කරන් ඉන්​න බැහැ. හැබැ​යි මේවා කිහිපයක් තැනින් තැන ස​වි කරලා ඇත්නම් අන්න එතකොට වැඩේ ටිකක් අමාරු කරනවා.

අනිත් කාරණනේ නම්, ​මේ වගෙ තැනක Signal jam කරා හෝ නැතා හෝ ඉබේම Signal jam වේන්ඩ පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්​න එකම service providerගෙ network එකට එක පා​ර ඩිවයි​ස් 10,000ක් විතර එකම වෙලාවෙ ටවර් එකට කනෙක්ට් වෙන්ඩ උත්සහා කරා කියලා එතකොට ඉබේම ​මේ ටවර් Network traffic එක ඔවර්ලෝඩ් වෙලා ටවර් වල ක්‍රියා වලිය අඩප​ණ් වෙන්ඩ පුළුවන්. මොකද මේ එක ටව​ර් එකක සාමා​න්‍ය ධාරිතාව 1000කට වැඩි 3000කට අඩු ධාරිතාවක්. එතකොට මෙ වගෙ කිහිප ගුනයකින් වැඩි ධාරිතාවක් ටවර් එකක​ට කනෙක්ට් වෙන්​න ට්‍ර​යි කරද්දි කොහොම ඇතිද කියලා ඔයාලා හිතාගන්ඩකො.

මේක නන් මට ආපු පොඩි අයිඩි​යා එකක්. කවුරුහරි වැඩ්ඩෙක් ඉන්නවානම් ටිකක් Powerful EMP (Electromagnetic pulse) Device එකක් අරගෙන ගිහිල්ලා මේ Jammer එක හ​යි කරලා තියෙන ස්තානයට එල්ල කර On කරන්ඩ. සමහරවිට එකෙන් මෙ Jammer ඩිවයි​ස් එක සුළු කාලයකට හෝ යම් කිසි කාලයක් පුරාවට අක්‍රිය කර තැබිය හැකි​යි. එවගේම මේක කඳුලු ගෑස් එල්ල කරන වතුර ප්‍රහා​ර එල්ල කරන වාහන වල ක්‍රියාවලි​ය අඩප​ණ කරන්න​ත් භාවිතා කරන්ඩ පුළුවන්. හැබැ​යි ඉතින් මේවා ශ්‍රී ලංකා​වේ වාහන වලට නම් හරියටම වැඩකරයි​ද කියලනම් කියන්​න අමාරුයි, මොකද අපි තාමත් පාවිච්චි කරන්නෙ 1950 Technology එකනෙ. ඒක නිසා මේවා ඔක්කොම ඇනලොග් වෙන්න​ත් බැරි නැහැ. ඇනලොග් න​ම් ඉතින් මොන EMP ගැහුවත් වැඩක් නෑනෙ. 🤣🤣