Loading...
වචනවලින් Video මවන OpenAI සමාගමේ නවතම AI එක; Sora

Sora කියන්නෙ අපිට ඕනෑම මනඃක්කල්පිත දර්ශණයක් තාත්විකව නිර්මාණය කරගන්න පුලුවන් AI Model එකක් ලෙස සරලව හඳුන්වා දෙන්න පුලුවන්. මෙය නිර්මාණය කරල තියෙන්නේ ඔයාල කවුරුත් දැන් හැමදේටම වගේ පාවිච්චි කරන chatGPT හි නිර්මාතෘ සමාගම වන OpenAI සමාගම. මේකෙදි මේගොල්ලොන්ගෙ අරමුණ වෙලා තියෙන්නෙ, සැබෑ ලෝකයේ අන්තර්ක්‍රියා අවශ්‍ය වන ගැටළු විසඳීමට මිනිසුන්ට උපකාරවෙන AI වලට, චලනය වන භෞතක ලෝකයේ දේවල් තේරුම් ගැනීමට සහ අනුකරණය කිරීමට ඉගැන්වීමයි. පරිශීලකයන්ට යම් සිදුවීමක් වචනයෙන් (Prompt එකක් විදියට) කියල model එකට ඇතුලත් කලාම, විනාඩියක කාල පරාසයක Video නිර්මාණය කරගන්න පුලුවන්. ඉදිරියේදි වීඩියෝවක කාල පරාසය පුළුල් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. දැනට මේක පාවිච්චි කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරක් වන අතර ඒ තවමත් මෙය පර්යේෂණ මට්ටමේ තිබෙන නිසාවෙනි.

0:00
/0:10

Prompt: Several giant wooly mammoths approach treading through a snowy meadow, their long wooly fur lightly blows in the wind as they walk, snow-covered trees and dramatic snow-capped mountains in the distance, mid-afternoon light with wispy clouds and a sun high in the distance creates a warm glow, the low camera view is stunning capturing the large furry mammal with beautiful photography, depth of field.

කොහොම උනත් මේකේ තියන විශේෂම ලක්ෂණය තමයි, අනිත් හැම AI Video Maker එකකටම වඩා මේක ගොඩක් තාත්විකයි. ඒව සමඟ සන්සන්දය කරද්දී අපිට හිතගන්න අමාරුයි මේක AI තාක්ෂණයෙන් හදපු Video එකක් ද නැතිනම් ඇත්තම Video එකක් ද කියන එක. ඒ වගේම මේ model එක හරහා අපට high quality Video Generate කර ගැනිමේ හැකියාව ලබා දී තිබෙනවා.

ඒ වගේම දැනට මේක පාවිච්චි කරන්න පුළුවන් තොරාගත්ත visual artists, designers සහ filmmakers ල කොටසකට පමණක් වන අතර OpenAI සමාගම මේ ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරහා හොද නිර්මාණාත්මක හැකියාවක් තියෙන විදියට Model එකේ ගුණාත්මක භාවය ඉහල නැංවීමයි.

තාම පර්යේෂණ මට්ටමේ තියෙද්දිම මේක ගැන ලෝකෙටම කියල තියෙන්නෙත් මේ AI තාක්ෂණය ගැන මිනිස්සු මොනවද හිතන්නේ කියල හොයල බලන්න සහ ඒ අයගෙ හැසිරීම මොනවගේ වෙයිද මේ වගේ Model එකක් එළිදැක්වුවාට පසුව කියන එක සොයා බලන්න බව වාර්තා වනවා.

Sora කියන AI model එකට පුලුවන් පරිශීලකයගේ දත්ත අනුව ඉතා සංකීර්ණ දර්ශනයක් උනත් නිවැරදිව සහ අවස්තානුකුලව නිර්මාණය කරන්න. එතනදි Sora ට, පරිශීලකය දුන්න දත්තවලට අදාල දේවල් කොහොමද භෞතික ලෝකයේ හැසිරෙන්නෙ කියලත් හොදින් තේරුම් ගැනිමේ හැකියාව තියනවා. අන්න ඒ නිසයි මේ Video ඒ තරම්ම තාත්වික බවක් පෙන්නුම් කරන්නේ.

පහත Video උදාහරණයන් ඇසුරෙන් ඔබටම ඒ බව තහවුරු වේවි.

0:00
/0:10

Prompt: A petri dish with a bamboo forest growing within it that has tiny red pandas running around

0:00
/0:08

Prompt: A cat waking up its sleeping owner demanding breakfast. The owner tries to ignore the cat, but the cat tries new tactics and finally the owner pulls out a secret stash of treats from under the pillow to hold the cat off a little longer

OpenAI සමාගම කියන විදියට දැනට මේ model එකේ යම් යම් දෝෂ දැකගන්න පුළුවන්. උදාහරණයක් විදියට, සංකීර්ණ දර්ශණ වල ඇත්ත භෞතික ස්වභාවය අනුකරණය කිරීමේදී, සිද්දීන් සහ බලපෑම් අතර යම් සම්බන්දතා තේරුම් ගැනීමේ අපහසුතාවය දැනට මේ Model එකට තිබෙන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

තව දුරටත් ඒ ගැන පැහැදිලි කළෝතින්, බිස්කට් එකක් කන පුද්ගලයෙක්ගේ Video එකකදී, බිස්කට් එක කාපු පසු, එම කොටස බිස්කට් එකෙන් අඩු වු බවට සලකුණක් නැති බිස්කට් එකේ අඩුවක් නොතිබෙන්නට පුලුවන්.

පහත Video එක ඒකට උදාහරණයක් ලෙස දක්වන්න පුලුවන්. එහි සිටින කාන්තාව ඉටිපන්දම් නිවා දැමුවත් ඒව එලෙසම දැල්වී තිබෙන ආකාරය දැකගන්න පුලුවන්.

0:00
/0:10

Prompt: A grandmother with neatly combed grey hair stands behind a colorful birthday cake with numerous candles at a wood dining room table, expression is one of pure joy and happiness, with a happy glow in her eye. She leans forward and blows out the candles with a gentle puff, the cake has pink frosting and sprinkles and the candles cease to flicker, the grandmother wears a light blue blouse adorned with floral patterns, several happy friends and family sitting at the table can be seen celebrating, out of focus. The scene is beautifully captured, cinematic, showing a 3/4 view of the grandmother and the dining room. Warm color tones and soft lighting enhance the mood.


කොහොම වුවත් මේ හැම දෙයක්ම ඉදිරියේදී නිවරදි වනු ඇති සහ තව දුරටත් වැඩි දියුණු වනු ඇති බව බලාපොරොත්තු වන්න පුලුවන්. ඒ මේ AI model හැම එකක්ම දත්ත එක්ක ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේම දෝෂත් අඩු වෙනවා. අපි බලමු ඉදිරියේදි Sora ත් chatGPT වගේම ලොකු පෙරලියක් කරයිද කියල.

Source: openai