Loading...
ලංකාවේ වැඩි පාවිච්චියක් නැති, ඒත් ලෝකේ ප්‍රසිද්ධ Reddit ගැන දැනගමු

ලිපිය ආරම්හ කරන්න කලින් පොඩි ප්‍රශ්ණයක් ඇහුවොත්, මට කියන්න බලන්න Social Media වෙබ් අඩවි ටිකක් කියලා, ඔයාලා දෙන උත්තර මොනවද? Facebook, Instagram නෙ මුලින් මතක් වෙන්නෙ. ඒකට දොස් පවරන එක වැරදියි, මොකද ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකයේ සාමාන්‍ය මිනිස්සු ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නෙ Facebook නෙ. ලෝකෙ ජනප්‍රියම Social Media platform එකනෙ ඉතින්. හැබැයි මට නම් අප්පිරියම එකත් ඕකම තමයි. ඒ ඇයි කියලත් අපේ බුද්ධිමත් පාඨකයින් දන්නවා.

මම මෙතනදි කියන්න උත්සාහ කළේ, Facebook වලට වඩා හොඳ සහ ඊට වඩා ගොඩක් වෙනස් තවත් Social Media ගණයට වැටෙන තව අඩවි තියෙන බව. Reddit කියන්නෙ අන්න එහෙම අපේ වචනයෙන් පට්ටම සයිට් එකක්. අපි අද කථා කරමු Reddit ගැන. හැබැයි වරදවා වටහාගන්න එපා, Reddit කියන්නෙ Facebook එකට alternative සයිට් එකක් නෙවෙයි. ඊට වඩා හොඳ concept එකක් තියෙන සයිට් එකක්.

Reddit කියන්නෙ ලෝකෙන්ම 19 වෙනි තැනට ඉන්න සයිට් එක. (මේක එකක් දෙකක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් කාලානුරූපීව, 1ට ඉන්නෙ Google, 4ට ඉන්නෙ Facebook). Reddit සයිට් එකට එන traffic එකෙන් 40%ක් විතරම එන්නෙ ඇමරිකාවෙන්. Reddit ජනප්‍රිය වෙලා තියෙන්නෙත් ඇමෙරිකාව සහ යුරෝපා රටවල තමයි. ඒත්, Facebook බැලුවොත් ඒකට ඇමරිකාවෙන් එන traffic එක 20% ක් විතරයි. 10%ක්ම එන්නෙ ඉන්දියාවෙන්! (ඉතින් හිතාගන්නකො Facebook එකේ මට්ටම. ඕක හරියන්නෙ ඉන්දියන් කාරයින්ටම තමයි)

reddit.com Competitive Analysis, Marketing Mix and Traffic - Alexa
What marketing strategies does Reddit use? Get traffic statistics, SEO keyword opportunities, audience insights, and competitive analytics for Reddit.
Reddit Statics - Alexa

Reddit අඩවිය නිර්මාණය කළේ, 2005 දි ඇමරිකාවෙ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ රූමො දෙන්නෙක් වුණු Steve Huffman සහ Alexis Ohanian කියන දෙන්නා.

Reddit අඩවියේ මූලික කාර්යයන් වෙන්නෙ විවිධ පුවත් ආදිය බෙදා හදා ගැනීම, සාකච්ඡා කිරීම වගේ දේවල්. Reddit අඩවියට Links, කෙටි ලිපි, ඡායාරූප, ඇනිමේෂන් ආදිය එකතු කරන්න පුළුවන්. ඒවට Like කරනවා වෙනුවට Reddit වල තියෙන්නෙ Upvote, Downvote කිරීම. Upvote කිරීම Like කිරීම හා සමානයි. Downvote කිරීම Dislike කිරීම හා සමානයි. ඒ වුණත් මේ Upvote, Downvote කිරීම ඊට වඩා ටිකක් සංකීර්ණ කතාවක්.

Subreddits

Subreddits කියන්නෙ Group වගේ ජාතියකට. Community එකක් කියලා කියන්න පුළුවන්. මේ Subreddit එකක් මොකක් හරි එක විශේෂ කරුණක් ගැන කතා කරන්න හැදුව එකක් වෙන්න ඕන. උදාහරණයක් විදියට මම හැදුවා කියමුකො AndroidWedakarayo කියලා Subreddit එකක්, ඒකෙ කතා වෙන්නෙ Android වැඩකාරයෝ සයිට් එක පිළිබඳ දේවල්, දාන පෝස්ට් ගැන, ලිපි ලියන අපි වගේ අය ගැන ඒකෙ කතා කරන්න පුළුවන්. Reddit කියන්නෙ මෙන්න මේ වගේ Subreddit ගොඩක එකතුවක් කියලා කියන්න පුළුවන්. User ලා වශයෙන් අපිට පුළුවන් අපි කැමති Subreddit එකකට Join වෙලා ඒ Subreddit එකට අදාළ දේවල් ඒ Subreddit එක ඇතුළෙ post කරන්න.

ඒ Subreddit එකට join වෙලා ඉන්න අනෙක් members ලටත් පුළුවන් ඒවට reply කරන්න සහ Upvote, Downvote කරන්න. මම කලින් කිව්වනෙ මේ Upvote, Downvote කතාව Like, Dislike වලට වඩා සංකීර්ණ කතාවක් කියලා, අන්න ඒ සංකීර්න කතාව මේකයි, අපි Subreddit එකක තියෙන post එකකට Upvote කළොත් ඒක Subreddit එකේ උඩට එනවා, Downvote කළොත් Subreddit එකේ පහළට යනවා. මේක Facebook එකෙත් තියෙනවා මම දන්න විදියට, Likes වැඩි වෙන තරමට post උඩට එන සිද්දිය.

ලංකාවෙ මම දන්න විදියට තියෙන Subreddit එක තමයි මනියා කරන PieFM Subreddit එක. ඔයාලා දන්න හොඳ ලංකාවෙ Subreddits තියේ නම් මේ පෝස්ට් එකට Comment කරන්න. ආයෙ Android වැඩකාරයෝ අපිත් Subreddit එකක් හදලා තියෙනවා, ඒකට මෙතනින් (https://www.reddit.com/r/AndroidWedakarayo/) ගිහින් Join වෙන්න පුළුවන්. මේවට Join වෙලා බලන්න.

අපේ Subreddit එකෙන් ඔයාට පුළුවන් ප්‍රශ්ණ අහන්න, අපි දාපු පෝස්ට් වලට ඵලදායී විදියට කමෙන්ට් කරන්න, ඔයා දන්න දේවල් බෙදාගන්න වගේ ගොඩක් දේ. අපි දාන පෝස්ට් වල Link එකක් අපි අපේ Subreddit එකෙත් දානවා. එතනදි ඔයාට පුළුවන් සයිට් එකේ Commenting System එකට වඩා පහසුවෙන් ඔයාගෙ ප්‍රශ්ණ යොමු කරන්න සහ අනික් අය එක්ක සාකච්ඡා කරන්න.

r/AndroidWedakarayo
r/AndroidWedakarayo: Android වැඩකාරයෝ is a Sri Lankan technology news website operated by Gavnyx Media, publishing news, feature stories, and …

ඔයාටත් පුළුවන් Subreddit එකක් හදන්න, හැබැයි ඒකට පොඩි සුදුසුකම් ටිකක් අවශ්‍යයි.

  1. ඔයාගෙ Reddit ගිණුම මාසයකට වඩා පැරණි වෙන්න ඕන. (Account එක හැදුව ගමන් Subreddit හදන්න බෑ, හැබැයි Join වෙන්න තහනමක් නෑ.)
  2. යම්කිසි Karma points ප්‍රමානයක් ඔයාට ලැබිලා තියෙන්නෙ ඕන. මේ Points ගාණ හරියටම මේකයි කියලා නියමයක් නෑ. ඒක තීරණය කරන්නේ site admin ලා.

ඒ වගේම, Subreddit එක හැදුවට පස්සෙ ආයෙ ඒක මකන්න බෑ, නම වෙනස් කරන්නත් බෑ. හොඳම දේ හදන්න කලින් දෙවරක් නෙවෙයි දෙතුන් වරක් කල්පනා කරලා බලන එක. ඒ ගැන තව විස්තර මෙතනින් ලබාගන්න පුළුවන්. https://www.reddit.com/r/help/comments/2yob6r/creating_a_subreddit/

Karma

කර්මය කියන්නෙ අපි කරන හොඳ දේට හොඳ ප්‍රති විපාක සහ නරක දේට නරක ප්‍රති විපාක සොබාදහමෙන් ලැබෙනවා කියලා විශ්වාස කරන එකට නෙ. ඒ වගේ, Reddit එකෙත් Karma points වලින් වෙන්නෙ ඒකම තමයි. ඔයා කරන හොඳ දේට points වැඩියෙන් ලැබෙනවා. ඔයා දාන posts, replies වගේ දේවල් ව්ලට වගේම Reddit තුළ ඔයාගෙ හැසිරීමට ඔයාට Karma points ලැබෙනවා. මේ Points වලින් තමයි Reddit එක ඇතුලෙ userලගෙ maturity එක මනින්නෙ. Points වැඩි නම් පිළිගැනීම වැඩියි.

Reddit කියන්නෙ සාමාන්‍යයෙන් ටිකක් Facebook මට්ටමෙන් ඉහළට ආව අයට හරියන සයිට් එකක්. ඉතින් මම හිතනවා අපේ ලිපි කියවන ඔයාලා ඒ වගේ අනික් අයට සාපේක්ෂව බුද්ධිමත් පිරිසක් කියලා. අන්න ඒ නිසයි මේ සයිට් එක ඔයාලට recommend කරන්න හිතුනෙ.

අන්තිමට තව දෙයක් කියන්න ඕන. 18න් පහළ දරුවන්ට අදාළ නැති දෙයක්.

Reddit එකේ අසැබි දේ තහනම් නෑ. Reddit එකේ දිග Videos නම් දාන්න කොහොමත් බෑ, හැබැයි Animations, Photos වගේ දේවල් නම් තහනමක් නෑ, කොන්දේසිය තමයි ඒවා NSFW කියන tag එක යටතේ වර්ග වුණ Subreddits වලට විතරයි එකතු කරන්න පුළුවන්. මේ NSFW Subreddits වලට යන්න නම් ඔබ වයස අවුරුදු 18 ට වඩා වැඩි වෙන්න ඕන. NSFW කියන්නෙ Not Suitable For Work කියන එක. ඒ කියන්නෙ සාමාන්‍ය භාවිතයට හොඳ නැති කියන එක වගේ එකක්. NSFW විදියට වර්ග වුන Subreddits විශාල ප්‍රමාණයක් Reddit එකේ තියෙනවා. ඒ දේවල් වලට කිසිම අනුබල දීමක් මම කරන්නෑ, දැනගැනීම පිණිස විතරක් මම මේ කරුණ මෙතන ලිව්වෙ.

ලංකාවෙ Alexa Ranking බැලුවොත්, ලංකාවෙ අය වැඩියෙම පිවිසෙන සයිට් 100 අතර ගොඩක් තියෙන්නෙ 18+ අඩවි. ඒක බෞද්ධ පදනමක් සහිත රටක් හැටියට අපිට නින්දාවක්නෙ. මතකනෙ Google එකේ Sex හොයලා අංක 1 වුණා. (DuckDuckGo පාවිච්චි කරා නම් ඔය ප්‍රශ්ණ නෑ.) අන්න ඒ නිසා, මම කියන්නෙ ඔය 18+ කියලා සම්මත සයිට් වලට නොයා ඉන්න ඕන කියන එක. ඒ සයිට් වලට යෑම අත්‍යවශ්‍ය නෑනෙ. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිතා කළා නම් රටේ නමත් රැකගන්න පුළුවන්. Reddit ලංකාවෙ අංක එකට ආවත් කිසි ගැටළුවක් නෑනෙ.

ගිහින් එන්නම්, ඔබට ජය!

reddit
Reddit is a network of communities based on people’s interests. Find communities you’re interested in, and become part of an online community!