Loading...
මොකක්ද මේ ”Spotify’’ කියන්නේ?

අපි කවුරුත් කැමතියි සින්දු අහන්න. හැබැයි ඉතින් අපි සින්දු අහන විදිය එකිනෙකාට අනුව වෙනස් වෙන්න පුලුවන් . ඒ අතරින් Spotify කියන්නේ දැනට ලෝකේ පවතින Android, Windows, Linux, iOS, MacOS යන Computer හා Mobile OS වලට පවතින හොඳම Music App එක. ඒක අවිවාදයෙන් තොරව බොහෝ අය මේ වන විටත් පිලිගන්න දෙයක්. ඒ වගේම තවමත් Google Play Store මත හා Apple App Store එකෙහි Music Category එක යටතේ Rankings වල ලෝකේ #Number 01 තියෙන Music App ඇප් එක.

ඉතින් මෙහෙම කියද්දි ඔයාලට හිතෙනවා ඇති මොකක්ද ඔය තරමට ඕකෙ තියෙන විශේෂත්වෙ කියලා. ඔව් ඒකට හේතු කිහිපයක් තියෙනවා මට දැනෙන පෞද්ගලික හැඟීම අනුව මූලිකම දේ තමයි සින්දුවක් හෝ සම්පූර්ණ ගීත ඇල්බමයක් ඩවුන්ලෝඩ් කරගැනීමේදී මෙහි තියෙන පහසුව සහ කාර්‍යක්ෂම බව. අනෙකුත් හේතුන් කිහිපය මම ඔයාලට විස්තර කරගෙන යද්දි එකින් එක තේරෙන්න ගනීවී.

ප්‍රතිශතයක් විදියට ගත්කල ලෝකේ Spotify වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ iOS User ලා. ඒකට එක් හේතුවක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙ වගේ Browser එකක් හරහා Directly Music Download කරගැනීමට iOS මෙහෙයුම් පද්ධතිය තුල ඇති නොහැකියාව. නමුත් මම එහෙම කිව්වට අදටත් ලෝකේ වැඩි වශයෙන් Spotify පාවිච්චි කරන්නෙ Android Users ලා. ඒ වගේම මම පුද්ගලිකව අඳුරන ඇන්ඩ්‍රොයිඩ් මිතුරන් පවා Music රසවිඳින්නේ මෙම Spotify ඇප් එකෙන්. ඉතින් ඔයාලටම දැන් වැටහෙනවා ඇති ඇන්ඩ්‍රොයිඩ් Users ලත් මේ තරම් Spotify Use කරනව නම් ඒක කොච්චර Friendly ඇත්ද කියලා. හරි දැන් මම පියවරෙන් පියවර අදාල වැදගත්ම පොයින්ට්ස් වලට එන්නම්.

Spotify ශ්‍රී ලංකාවට නෑ කියන්නෙ ඇත්තද?

ඔව්! මේ ඇප් එක ලංකාවට ලෝන්ච් කරල නැහැ. කවුරු ලෝන්ච් කරනව කිව්වත්, මගේ මතය නම් අපේ රටට Spotify දෙන එකක් නැහැ. දකුණු ආසියාවෙ කිසිම රටකට මේ වනවිටත් Spotify දීලා නැහැ ඒවගේම මුලු ආසියා මහද්වීපයෙනුත් සිංගප්පුරුව, මැලේෂියාව, ජපානය, හොංකොං වැනි දියුණු රටවල් 8කට පමණයි මෙම ඇප් එක ලබාදීල තියෙන්නේ. ඒ වගේම අප්‍රිකා මහද්වීපයෙ කිසිදු රටකට Spotify ලබා දී නැති අතර සමස්තයක් විදියට ගත්කල මුලු ලෝකෙන්ම Spotify ලබාදී තිබෙන්නෙ දියුණුතම රටවල් 62කට පමණයි!

ඒ කියන්නෙ අපිට ‘Spotify’ ඩවුන්ලෝඩ් කරගන්න බැරිද ?

ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්! මම ඒකට පහසුම ක්‍රම දෙකක් කියන්නම්.

01. ක්‍රමය

ඔයාලගෙ දුරකතනය iOS හෝ Android වේවා Spotify වලංගු රටක Apple ID එකක් හෝ Google Account එකක් හදාගන්න. දැන් මේක බලපු ගමන් ඔයාලට හිතෙන්න පුලුවන් අපෝ මේක මහ අමාරු වැඩක් කියල ඇත්තම කිව්වොත් කොහෙත්ම මේක අමාරු වැඩක් නෙවෙයි. තවත් විදියකින් කියනවනම් ඔයාට තනියම Sri Lankan Apple ID එකක් හදාගන්න පුලුවන් නම් Spotify තියෙන (US, Canada, UK සහ ඕනෑම spotify support රටක) ඕනෑම Store එකක් ඔයාට ඉක්මනින්ම හදාගන්න පුලුවන්. ඒ වගේමයි Android Account එකක් හදාගන්න විදිහ.

02. ක්‍රමය

පලවෙනි ක්‍රමය ඔයාලට අමාරු වගේනම් ඔයාලට පුලුවන් Vshare, TutuHelper , 25PP Helper, Tongbu යන Stores වලින් Spotify ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඔය 3rd Party Stores වලින් ඇපල් ID එකක් නැතුවම උනත් ඇපස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සහ Android / iOS යන දෙකටම ඒ Stores හතර Support කරන නිසා.

වැදගත්ම දේ තමයි ඔය කියන මොන විදියෙන් ගත්තත් ඔයාලට Spotify ඇප් එකට Log වෙන්න පුලුවන් වෙන්නෙ, ඔයාගේ ෆෝන් එකේ VPN ON කරලා තිබුනොත් විතරයි. මොකද මේක ලංකාවට නැති ඇප් එකක් නිසා ඇප් එකට ලොග් වෙන්න VPN එකක් ඕන නිසා.

(මෙතනදි මම VPN කියන්නෙ මොකක්ද කියල එක්ස්ප්ලේන් කරන්න යන්නෙ නෑ මොකද ඒ මාතෲකාව මේකට අදාල නැති නිසා. ඔයාගෙ ෆෝන් එකේ VPN එකක් නැතිනම් ඔයාලා AppStore එකෙන් VPN එකක් ඩවුන්ලෝඩ් කරල Connect කරගන්න. මම Use කරන්නෙ ‘Betternet’ කියන VPN ඇප් එක)

එතකොට මේ Spotify, FREE ඇප් එකක් ද? Paid ඇප් එකක් ද?

මේක FREE ඇප් එකක්. හැබැයි Trial Version එකක්. ඒ කියන්නෙ මම උඩ කියල තියෙන විදි දෙකෙන් මොන විදියකට ඔයාලා මේක FREE ඩවුන්ලෝඩ් කරගත්තත්, අදාල Trial එක ඉවර වෙනකම් විතරයි ඔයාලට FREE MUSIC ඩවුන්ලෝඩ් කරන්න / OFFLINE අහන්න පුලුවන්. ඉස්සරනම් Free trial එක දවස් 14ක් තිබුනා. ඒත් දැන්නම් දෙන්නෙ දවස් 7ක් විතරයි. ඒ කියන්නෙ ඔයාලා Spotify ඩවුන්ලෝඩ් කරගෙන දවස් 7ක් ගියාට පස්සේ ඔයා Download කරගත්ත Songs ඔයාට OFFLINE අහන්න බැරි වෙනවා. ඊට පස්සෙත් ඔයාට Spotify කලින් වගේම Use කරන්න හිතෙනව නම් ඔයාට සිද්ධවෙනවා මාසෙකට 9.99$ ක් ගෙවන්න.

ඒ උනත් අපිට data කපන් ඔන්ලයින් ස්ට්‍රිමින් විදිහට අහන්න පුළුවන්.

එතකොට ‘Spotify PREMIUM’ කියන්නෙ මොකක්ද ?

ඇත්තම කිව්වොත් Spotify Premium කියන්නෙ ඔයාලට ලැබෙන Free Trial එක ඉවර වුනාම ඔයාලා ගෙවලා ගන්න Spotify Package එකට. Premium Version එකෙයි අර දවස් 7ක් අහන්න දෙන FREE Trial එකෙයි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් Free Trial එකේ අපි කැමති Stream එකකින් සින්දු අහන්න බෑ. එයාලා දෙන කොලිටි එකෙන්ම(128kbps) තමයි අහන්න වෙන්නෙ. ඒත් Premium Version එක මිලදීලා ගන්න අයට High quality(256kbps) සහ Extram (320kbps) කියල අමතර ඔප්ෂන් දෙකක් ලැබෙනවා වඩා හොඳ කොලිටි එකකින් සින්දු අහන්න. ඉතින් මම ඔය කිව්වෙ Free Trial එකෙයි, අපි ගෙවලා ගන්න Premium Version එකෙයි, එක වෙනස් කමක් විතරයි.

Spotify Premium Version එක FREE ගන්න විදියක් නැතිද?

ඒක කරන්න බැරි දෙයක්. Trial Apps Crack කරලා වෙනම ඩුප්ලිකේට් ඇප් එකක්( Ex : YouTube++ , What’s App++ ) විදියට නිපදවන්න ගොඩක් අමාරුයි & එහෙම වෙනවත් ලෝකෙ ගොඩක් අඩුයි.

එතකොට 3rd Party Stores වල තියෙන Spotify++/Patched කියන ඇප් එක මොකක්ද ?

කෙටියෙන්ම කිව්වොත් ‘ඒක වෙනම ආතල් එකක්’

ලංකාවේ iOS ගැන දන්නවා කියල පුරාජේරූ හලන උදවිය කියන කතාවක් තමයි Spotify++ කියන්නෙ Spotify PREMIUM කියලා. එතකොට මම එහෙම කියන අයගෙන් අහනවා Spotify PREMIUM කියන්නේ සින්දු දවස් 7ක් අහන්න ලැබෙන එකටද කියලා ? මොකද ඔය කියන Spotify++ ඇප් එකෙනුත් OFFLINE MUSIC අහන්න පුලුවන් වෙන්නෙ දවස් 7ක් විතරක් නිසා. ඒක නිසා මේ ගැන නිසි අවබෝධයක් නැති අයගෙන් උපදෙස් ලබාගද්දි සැලකිලිමත් වෙන්න කියලා මං ඔයාලට මතක් කරනවා.

ඒ වගේම තමා අය. එයාලටත් එමම තමා.

එතකොට ඔය YouTube එකෙයි, Blogs වලයි තියෙන Spotify PREMIUM FREE කියන කතා බොරුද ?

ඔව් ඇත්තෙන්ම! ඒ හැම විඩීයෝ එකකම / ලිපියකම පාහේ තියෙන්නෙ අර මම කියපු 3rd Party Stores වලින් ඩවුන්ලෝඩ් කරන Spotify++ මෙතඩ් එක. ඒක කිසිම තේරුමක් නැති වැඩක් දවස් 7ක් විතරයි එහෙම OFFLINE අහන්න පුලුවන්! ඉතින් එහෙම බැලුවම ඔයාලට වුනත් තේරුම් ගන්න පුලුවන් එයාලගෙ Video එක මාර්කට් කරගන්න එයාල යොදන ෆේක් ටොපික් එකක් කියලා.

එතකොට ලංකාවටත් Spotify නැතිනම්, Free Trial එකත් දවස් 7යි නම් කොහොමද එහෙනම් ඔය ලංකාවෙ සමහර අය Spotify Use කරන්නෙ?

හොඳ ප්‍රශ්නයක්! ඔය ප්‍රශ්නෙට මමත් වගේම ශ්‍රී ලංකාවේ දැනට Spotify වලින් සින්දු අහන හැමෝම වගේ අදාලයි. ඔය දේ අපේ රට ඇතුලෙ වෙන්නෙ ක්‍රම දෙකකට. පලවෙනි එක තමයි Spotify අපේ රටට නැති නිසා PREMIUM Version එකත් අපිට ශ්‍රී ලංකාවේ Card වලින් Pay කරන්න බෑ. ඒක නිසා එයාල Spotify වලංගු රටක ඉන්න නෑදෑයෙක්ගෙ මාර්ගයෙන් හෝ මිතුරෙකුගේ මාර්ගයෙන් ඔහුගේ Bank Details හරහා Spotify මිලදී ගන්නවා. සහ ඔවුන් සමඟ හවුලේ(Family Sharing Pack) Spotify Use කරනවා. (මේ Page එකේ ඇඩ්මින් තිමිරයාත් එහෙම තමා කරන්නේ)

දෙවනි ක්‍රමය නම්, මෑතකාලයේ Spotify Premium Accounts Hack වෙන්න පටන් අරන් තියෙනවා.ඒ වගේම පිටරට වල ඇතැම් පිරිස් තවත් කෙනෙක්ගෙ Spotify Premium Accounts Hack කර Email & Passwords Sale කරනවා. ඉතින් ඔය ක්‍රම දෙකින් එකක් යටතේ තමයි ශ්‍රී ලංකාවේ කෙනෙක් Lifetime Spotify Premium Music අත්විඳින්නේ.

ඉතින් මම හිතනවා Spotify කියන්නෙ මොකක්ද කියල ඔයාල හැමෝටම අයිඩියා එකක් එන්න ඇති එකක් කියලා. ඒ වගේම සමහර අයට හිතෙනවා ඇති මෙච්චර කට්ටක් කාලා මොන හෙතූවකටද Spotify ගන්නෙ කියලා. ඉතින් එහෙම හිතන අයට මට කියන්න තියෙන්නේ රසවින්දනට සීමා මායිම් නෑ සහ හැමදේම යටයි කියල විතරයි !

මෙය Sagara Mihiran Jayawickrama සොහොයුරා විසින් අප වෙත ලියූ ලිපියකි.