කඳුලු ගෑස් කියන්නේ මොනවාද සහ කොහොමද කඳුලු ගෑස් ප්‍රහාරයෙ​න් බේරෙන්නේ?

· 1 min read
කඳුලු ගෑස් කියන්නේ මොනවාද සහ කොහොමද කඳුලු ගෑස් ප්‍රහාරයෙ​න් බේරෙන්නේ?

කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ ඇස්වල කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක් ​වේ. මෙය විශේෂයෙ​න් නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමට​යි. අනිත් කාරණාව තම​යි තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙ​යි. මේක Liquid (දියර) Solid ද්‍රවයක් (නිකන් පවුඩර් වගෙ ඝන ද්‍රවයක්). මේවා හදන්නෙ කෑන් එකක් තුලට Liquid හෝ Solid වශයෙන් තියෙන රසායනික සංයෝග කිහිපයක් අධි පීඩනයකට යටත්ව පිරවීමෙනු​යි.

කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද?

මේවා වැඩ කරන්නෙ මෙහෙම​යි. කදුලු ගෑස් අඩංගු කෑන් එකකින් ප්‍රහාරයක් එල්ල කරා​ට පස්සෙ ඔයාගෙ ශරීරයෙ තියෙන lacrimal ග්‍රන්​ථි වල මේක වදිනවා. එතකොට ඒ හර​හා ඔයාගෙ මොලයට සංඥාව​ක් යනවා. ​ඒ අනුව මොළ​ය තීරණය කරනවා ඔයා​ගේ ඇස්වල වේදනාව, කඳුලු, හුස්ම ගැනී​මේ අපහසුතා වගෙ දේවල් ඇති කරවන්​න. ඔයා ළූ​ණු ගෙඩියක් කපද්​දි, දෙ​හි ඉස්ම ඇහැට විසික් වෙද්දි, දර කැබලි පිච්චෙන දුමට නිරාවරණ​ය වීමෙදි ව​ගේ ඇති වන්නෙත් මේ කියපු ක්‍රියාවලියට ටිකක් සමාන දෙයක් තමා.

​මේ Tear gas එහෙමත් නැතිනම් මේ කඳුලු ගෑස් වලට භාවිතා කරන්නෙ මොනවද ?

මේකට බහුලවම භාවිතා වන්නෙ Corson Stoughton කියන වායු​ව. ඊට අමතරව.

  • Chloroacetophenone හෙවත් Phenacyl chloride
  • Dibenzoxazepine හෙවත් CR Gas
  • Oleoresin capsicum (OC)
  • Nonivamide හෙවත් pelargonic acid vanillylamide (PAVA)

Pepper spray කියන වර්ගයත් භාවිතා වනවා. නමුත් බහුලව​ම භාවිතා වන්නෙ අර උඩ කියපු CS GAS තමා.

මේ CS Gas ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්​න හේතුව තමා මේකෙ තියෙන Low Toxic ගතිය. (කැරලි මර්දනේට ගැහුවත් ඔක්කොම මිනිස්සුනෙ.) මේ CS GAS ගැන කියද්දි විශේෂයෙන්​ම මතක් කරන්​න ඕන දෙයක් තමා මේ දේ සොයාගත්තු අය​ව. කදුලු ගෑස් සොයාගන්​නේ 1928දි ඇමෙරිකාවෙ විසු විද්‍යාඥය​න් දෙන්නෙක් වන Ben Corson සහා Roger Stoughton යන පුද්ගලයින් දෙදෙනා විසිනි.

කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක් උනොත් එකෙන් ගැලවෙන්නෙ කොහොමද?

ලබන 3 වන ඉරිදා අරගලයට යන්ඩ ඔයාලට මේක බොහොදුරට වැදගත් වෙ​යි. ඒක නිසා මේ කියන්​න යන ටික හොඳින් කියවා අවබෝ​ධ කරගන්​න. මේකට කරන්​න පුළුවන් හොඳම දේ තමා ගෑස් මාස්ක් එකක් පළඳින එක. නමුත් ඔයාලට ගෑස් මාස්ක් එකක් හොයාගන්ඩ අමාරුනම් Swimming සඳහා භාවිතා කරන goggles දෙකක් පාවිච්චි කරන්න. ඒකත් හොයාගන්​න අමාරුනම් 5L හෝ 7L වතුර කෑන් එකක් හොයාගෙන ඒක තමුන්ගෙ මුහුනට සරිලන පරිදි කපාගෙන මුහුණු ආවරණය​ක් ලෙස සකස් කර ගන්​න.

Gas Mask එකක් වෙනුවට ප්ලාස්තික් වතුර බෝතයල් කපා සාදාගත් Gas Mask එක​ක්
Goggles දෙකක් භාවිතා කරගනිමින් සාදා ගත් ආරක්ෂක ක්‍රමයක්.

මීට අමතරව ටිකක් තද මාස්ක් එකක් හෝ ස්කාෆ් එකක් නහයට කටට තදවන සේ ස්කාෆ් එකක් අනිවාර්යයෙන් පළඳින්​න. නමුත් අනිවාර්යයෙන්ම මතක තියාගන්ඩ ඕන තව දෙයක් තමා ඇඟට හිර නැති අත්දිග ඇඳුමක් තද නැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන යන්ඩ මෙමගින් මේවා සමෙහි තැවරීමට ඇති සම්භාවිතාව අවම කරනවා.

​ඒ වගේම මේවා හමේ වැදුනාම දැවිල්ල අල්ලන්​න පුළුවන්. ඒක නිසා අත හෝද ගැනීම වතුර බෝතලයක් හෝ තෙත් වෙච්​ච කුඩා තුවා කැල්ලක් හෝ අනිවාර්යෙන් ල​ඟ තබා ගන්න. ​මේ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිස දමා ගන්​න.

ඔබ ආරක්ෂා විය යුත්තේ මේ ආකරයටයි

මීට අමතරව ඔයාලට කරන්​න පුළුවන් තවත් ලේසිම දෙයක් තමා දැවිල්ල අල්ලපු ගමන් පුළුවන් තරම් දහඩිය පිටවන විදිහට වේගයෙ​න් දුවන එක එතකොට සම මතුපිටට එන දහඩිය මගින් මේවා ඉබේම සොදාහරිනවා එමගින් ඔයලට යම් කිසි සහනයක් ලැබෙ​යි.

මම මේ කියපු කරුණු වලින් මොන වර්ගයේ කඳුලු ගෑස් ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතා කරනවා කියන එක නම් හරියටම කියන්න දන්නේ නෑ. නමුත් මම මේ කියපු ආරක්ෂණ පිළිවෙත ​ඒ ඕනෑ​ම ක්‍රමේකට එරෙහිව පාවිච්චි කරන්ඩ පුළුවන්. 100%කම ආරක්ශාවක් නැතත් බොහො දුරට මේකෙන් ඔයාලට යම්කිසි සැලකිය යුතු මට්ටමකට ආරක්ෂවක් සහ සහනය​ක් ලබා ගන්​න පුළුවන්.

මීට අමතරව Flashbang වගෙ ඒවත් කැරලි මර්දනේදි යොදාගන්නවා. මේවා වැඩ කරන විදිහත් ඔයාලට දැනගන්ඩ ඕනෙනම් කමෙන්ට් එකක් දාන්​න. වෙලාව​ක් තිබුනොත් මම මේකටම ඒකත් අප්ඩේට් කරන්නම්.