Loading...
තාවකාලික Email එකක් හදාගන්නේ කොහොමද සහ මොනවද මේ temporary email වලින් කරන්න පුළුවන්?

ඔන්න අද අරගෙන ආවේ ගොඩක් අයට වැදගත් වෙන Temp Email ගැන ලිපියක්.

මොකද්ද මේ Temp mail කියන්නේ?

Temp-Mail කියන්නේ ඔයා ගාව දැනට තියන Gmail address එක වගේ අපිට මේල් ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව Disposable Email, 10 Minute Mail, TrashMail වගේ නම් වලිනුත් හඳුන්වනවා.

මොකක්ද අපිට මේකෙන් ලැබෙන වාසිය?

අපිට මේකෙන් වාසි කීපයක් ම ලැබෙනවා.

01. Bulk Emails

අපිට පුළුවන් මේ වගේ temp-mail කීපයක් භාවිතා කරලා එකම සේවාවකට විවිධ නම් වලින් ඇතුල් වෙන්න. මේවගේ වැඩකට Gmail භාවිතා කරොත් ඔයාට සිද්ධ වෙනවා අලුතෙන් account එකක් හදන හැම වෙලේම අලුත් Gmail හදන්න. සාමාන්යෙන් ඒක කරන්න ටිකක් අමාරුයි, මොකද Gmail account එකක් හදද්දි ඔයාගේ ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ඉතිං එක Phone Number එකෙන් Gmail පහක් වගේ තමයි හදන්න පුළුවන්. ඉතින් ඔයාල ගාව Phone Numbers ගොඩක් නැත්තං මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත්.

02. Anonymous Join

මේක නම් ගොඩක් වටින දෙයක්. ඔයාට ඔයාගෙ ඇත්ත නම, ඔයාගේ Personal Email එක හෙළි කරන්නැතුව ඕනම සේවාවට සම්බන්ධ වෙන්න පුළුවන් මේ temp-mail භාවිත කරලා.

03. Promotion email and spam protection

හිතල බලන්න ඔයාල මොකක් හරි site එකකට ගිහිල්ලා ඒක newsletter එකට ඔයාගේ email එක දානවා. ඉතින් ඒ දාපු වෙලාවෙ ඉඳලා ඔයාට එක දිගට Promotion's, Coupon Code's වගේ ගොඩක් දේවල් ඔයාගේ ඊමේල් එකට ඇවිල්ලා ඔයාගේ mail box එක සම්පූර්ණයෙන් පිරිලා යනවා.

අන්න ඒ වෙලාවට ඔයාට පුලුවන් මේ temp-mail භාවිතා කරන්න. ඔයා ඒ අදාළ site එකට මේ temp mail එකක් දුන්න නම් අර එන ඔක්කොම Email's එන්නේ මේ temp mail එකට නිසා ඔයාගේ personal mailbox එක සම්පූර්ණයෙන්ම පිරිසිදුව තියාගන්න පුළුවන්.

04. Unlimited Mails

සාමාන්‍යයෙන් Gmail Account එකක්, Outlook Account එකක් හදනවා නම් අපිට Accounts හදන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඔයාට බැහැ එකම නම්බර් එකකින් account 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හදන්න. නමුත් මේ temp-mail භාවිතා කරද්දි එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඔයාට ඕන තරම් temp email's හදන්න පුළුවන්.

05. Anonymous Mail Sending

මේක නං ඔයාලට ගොඩාක්ම වටින පහසුකමක්. මේකෙන් පුළුවන් ඔයාගෙ ඇත්ත email address එක පෙන්නන්නෙ නැතුව ඕනම කෙනෙක්ට Email එකක් යවන්න.

Temp Mail භාවිතයේ අවාසි

ඉතින් මේ සේවාවේ වාසි වගේම අවාසිත් තියෙනවා. මම මෙතන දකින අවාසියක් තමයි මේකට එන ඊමේල් කාලයක් ඇතුළත, ඒ කියන්නේ දවස් 7ක්‌ හෝ 14ක්‌ ඇතුළත ඩිලීට් වෙලා යනවා. ඒවා ආපහු Recover කරගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඉතින් ඔයා මේ temp-mail භාවිතා කරන්නේ වටින වැඩකට නම් මම ඔයාට කොහොමවත්ම කියන්නේ නැහැ temp-mail භාවිතා කරන්න කියල. ඒ වෙනුවට ඔයාට භාවිතා කරන්න පුලුවන් email service කිහිපයක් ගැන විස්තරයක් මම ඉදිරියේදී ලිපියකින් අරගෙන එන්නම්.

Temp Mail හදන්නෙ කොහොමද?

දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති කොහොමද temp mail හදාගන්නේ කියලා. ඇත්තටම ඒක හරිම ලේසි වැඩක්. ඔයාට temp-mail හදා ගන්න පුළුවන් වෙබ් සයිට් කීපයක්ම මම පහලින් දාලා තියනවා.

temp-mail.org
mail.tm
emailondeck.com
cryptogmail.com
yopmail.com
tempr.email

මේ වගේ තව සේවා විශාල ප්‍රමාණයක් Google එකේ ඔයාට බලාගන්න පුලුවන්.

නමුත් මෙතන තියෙන ගොඩක් සේවා වල තියෙන email address දැනටමත් ගොඩක් අය පාවිච්චි කරලා එක එක දේවල් වලට යොදාගෙන තියෙන නිසා සමහර ප්‍රසිද්ධ සේවාවලින් මේ email Ban කරලා දාලා තියෙනවා. ඒක නිසා ඔයා මේ email address භාවිතා කරල මොකක් හරි සේවාවකට ඇතුළුවෙන්න හැදුවොත් සමහරවිට ඔයාට ඒක කරන්න බැරි වෙන්න ඉඩකඩ තියෙනවා.

Ban වෙච්ච සේවාවකට ඇතුල් වෙන්නේ කොහොමද?

හොඳයි දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති Ban වෙච්ච සේවාවලට ඇතුල් වෙන්නේ කොහොමද කියලා. ඒක ඉතාමත් ලේසි වැඩක්. මම මේකට යොදාගන්නෙ yopmail.com කියන service එක.

දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

ඉස්සෙල්ලම අපි මේ සයිට් එකට යන්න ඕනේ. ඒකෙ ෆොටෝ එකක් මම පහලින් දාලා තියනවා.

Yopmail Home

ඉතින් මම මේ කොටු කරල තියෙන තැනට ඔයා කැමති විදියකට අකුරු ඉලක්කම් දාලා username එකක් හදාගන්න පුළුවන්. මම මේකෙදි recommend කරන්නේ ටිකක් unique username එකක් දාන්න කියලා. ඒ කියන්නේ අකුරු 15ක්‌ 20ක්‌ වගේ තියෙන username එකක්. මම හදපු එකත් ඔයාලට උඩ ෆොටෝ එකෙන් බලාගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ එතන දකුණු පැත්තෙ තියෙන ඊතලයේ උඩ click කරන්න. ඊට පස්සේ ඔයාව mailbox එකට අරගෙන යයි.

දැන් ඔයාට පේනවා ඔයා දාපු username එකත් එක්ක @yopmail.com කියල email address එකක් හැදිලා තියෙනවා.

Mail Box


ඔයාට කරන්න තියෙන්නෙ මේ email address එක කොපි කරගන්න. ඊට පස්සේ මේ Copy කරගත්ත email address එකේ අගට තියෙන @yopmail.com කියන එක අයින් කරල දාල එතනට @lk-mail.org කියන එක දාගන්න.

ඔයාට මේ @lk-mail.org කියන Domain වගේම පහලින්  දාල තියෙන ඕනෑම domain එකක් භාවිතා කරන්න පුළුවන්.

@yopmail-1.org
@yopmail-2.org
@yopmail-3.org
@yopmail-4.org
@yopmail-5.org

දැන් ඔයාට පුළුවන් ඔය email address එක භාවිතා කරල ඕනම සේවාවකට join වෙන්න. ඔයා ඒ සේවාවට Join උනාට පස්සේ එන activation email එක, activation code එක ඔයා අර හදපු email box එකට නිකම්ම එනවා.

Temp Mail භාවිතා කරලා Anonymous Email එකක් යවන්නේ කොහොමද?

මේකත් හරිම ලේසි ක්‍රමයක් මේ වැඩේට භාවිතා කරන සේවාව තමයි ᐅ Tempr.email කියන සේවාව.

මේ සේවාවේ ෆොටෝ එකක් මම ඔයාලට පහලින් දාලා තියනවා.

TEMPR.EMAIL Home

හරි අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.

ඉස්සෙල්ලම ඔයාට කරන්න තියෙන්නෙ අර අපි කලින් කියපු සේවාවේ වගේම Unique Username එකක් ටයිප් කරල ඔයා කැමති Domain එකක් තෝරන එක. ඔයාට Default වැටිල තියෙන ඩොමේන් එක තමයි @temper.email. මම නම් ඔයාට Recommend කරන්නේ මේ ලිස්ට් එකේ යටම කලුපාටින් තියන් Domain එකක් use කරන්න කියලා. (අළු පාට වෙලා තියෙන Domain Use කරන්න එපා).

මෙතනදි ඔයා කැමතිනම් ඔයාගේ mailbox එකට password එකක් දා ගන්නත් පුළුවන්.
හරි දැන් ඔයාට තියෙන්නේ mailbox එකට enter වෙන්න. Mailbox එකට එන්ටර් උනාට පස්සේ ඔයාලාට බලාගන්න පුළුවන් Write an e-mail කියල button එකක්. ඔයාට තියෙන්නේ ඒක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාට සාමාන්‍ය Gmail වල තියෙනවා වගේ Interface එකක් දකින්න ලැබෙනවා.

ඔයාට කරන්න තියෙන්නේ ඔයාට mail එක යවන්න ඕනේ කෙනාගේ email එක, සබ්ජෙක්ට් එක සහ අදාළ content එක එතනට දාලා පහල තියෙන captcha එකත් fill කරලා ඊමේල් එක සෙන්ඩ් කරන්න.

ඔන්න ඉතින් ඔයා සාර්ථකව ඊ මේල් එක Send කරා.

ඔයාට මේ සේවාවත් අනිත් Temp Mail සේවා වගේම භාවිතා කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. ඉතිං ඔයාට පුළුවන් ඒක ගැන තව ටිකක් අධ්‍යනය කරල බලන්න.