Loading...
Trusted Platform Module නොහොත් TPM යනු කුමක් ද?

TPM කියන්නේ මොකද්ද කියලා ඔයාලා මීට කලින් දැනගෙන හිටියේ නැතත් මේක ගැන windows 11 නිකුත් වෙනවාත් සමඟම හැමෝම මේ ගැන කතා කරන්න පටන් ගත්තා. අපි අද මේ ලිපියෙන් කතා කරමු TPM කියන්නේ මොකද්ද කියලා.

TPM නොහොත් Trusted Platform Module මේක ප්‍රමාණයෙන් mother board එකේ තියෙන පොඩි chip එකක්. බොහෝ විට මෙය CPU එකෙන් හරි Memory එකෙන් හරි පිටතින් පිහිටා තිබෙනවා. ඔයාගේ mother board එක 2016න් පස්සේ නිශ්පාදිත එකක් නම් බොහෝවිට ඒකේ තියෙන්නේ TPM 2.0 chip එකක්. ඊට කලින් නිශ්පාදිත එකක් නම් ඒකේ තියෙන්නේ TPM 1.2 chip එකක්.

මොකක්ද TPM එකෙන් වෙන්නේ ?

මෙහෙම හිතන්න. ඔයාගේ ගෙදරට ඔයා ඇතුල් වෙද්දි ඔයාට සිද්ද වෙනවා ⁣username එකයි password එකයි දෙන්න. ඔයා ලඟ එහෙම key එකක් නැත්තම් ටික වෙලාවකින් alarm එක වදින්න ගන්නවා. TPM එකෙන් කරන්නෙත් මේ වගේ දෙයක්මයි.

Full- Disk encryption එකක් සහ TPM එකක් පාවිච්චි කරන අලුතම PC එකක් Power Button එක ඔබලා start කරද්දි TPM chip එකෙන් key එකක් එවනවා. හැම දේම සාමාන්‍ය විදිහට ආරක්ෂිතව සිදුවෙනවා නම් Drive – Encryption එක Unlock වෙලා ඔයගේ PC එකේ OS එක open වෙනවා.

සමහර විට hacker කෙනෙක් ඔයාගේ PC එක හොරෙන් access අරන් Encrypted Drive එක inside අවුල් කරන්න හදනවනම් ඔයගේ PC එක Boot-up වෙන්න දෙන්නෑ. මේක තමයි TPM එකේ ප්‍රධාන කාර්‍යය. ගොඩක්ම Outlook සහා Thunderbird වගේ Email තියෙන ඒවගේ මේ TPM use වෙනවා. ඒ වගේම bit locker සඳහාත් මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්.

බොහෝ දෙනෙකුට Windows 11, Support කරේ නැත්තේ ඔයාලගේ TPM එක තිබිලත් ඒක Enable කරලා නැති නිසා. ඔයා අලුතෙන් ගත්ත PC එකක් නම් මේක ගොඩක් දුරට enable වෙලා නෑ. ඒක අපිට manually enable කර ගන්න පුලුවන්.

Intel usersලා BIOS වලට, ගිහින් බලන්න Security වල තියෙනවා TPM security/state කියලා. ඒක enable කර ගන්න. On කියලා තියෙන්නේ. ඊට පස්සේ අයේ restart කරන්න. එතකොට හරි යයි.

AMD use කරන අයගෙ තියෙන්නේ PSP FTPM කියලා. ඒකට ගිහින් enable කර ගන්න.

එහෙම නැත්නම් BIOS වලට ගිහිල්ලා ආයේ බලන්න PTT security කියලා තියෙනවා. PTT කියන්නේ Intel Platform Trust Technology කියන එක. එකේ තියෙන PTT On කියන එකට tick එක දාලා Restart කරන්න. එතකොටත් Missing වෙලා තියෙන TPM එක enable වෙනවා.

ඔයාගේ Bios වල මේ දේවල් පෙන්නන්නේ නැතිනම් Bios update කරගෙන ඉන්න. ඊට පස්සේ ඉහත පියවර ආයේ අනුගමනය කරන්න.

Device Manager -> Security Devices වලට ගියාම Trusted Platform Module 2.0 කියලා පෙන්නනවා නම්  ඔය⁣ගේ TPM Chip එක Enable කරලා තියෙන්නේ. දැන් ඔයාගේ PC එකට මේ TPM Chip එක Enable කරාම ඉහත කිව්වා වගේ ආරක්ෂාවත් ලැබිලා තියෙනවා.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු.