Loading...
ක්‍රිකට් ක්‍රීඩාවේ දී භාවිතා වන Ultra Edge Technology ක්‍රියාත්මක වන්නෙ කොහොමද?

Asia Cup එක අපේ ලංකාවේ කොල්ලෝ ටික අවුරුදු 8කට පස්සේ ආයේ ගෙනාපු හින්දා මේ දවස් වල ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ක්‍රිකට් ගැන. ඉතින් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවැත්වුණු අවසන් මහා තරගයේ පාකිස්තාන පිති කරුවෙකු වන Iftikhar Ahmedගේ උඩ පන්දුවක් කඩුළු රකින්නා වන කුසල් මෙන්ඩිස් විසින් රැකගත් අතර එය ඒ අවස්තාවේදී විනිසුරු විසින් දැවීයාමක් ලෙස තීරණය ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් නායක දසුන් ශානක තෙවන විනිසුරු වෙත මෙය යොමු නොකළ අතර තරඟයේ විකාශය අතරතුර පෙන්වූ දර්ශන වලින් එය Iftikhar පිත්තේ ගැටුණු බව දිස්විණි. මේ සඳහා Ultra Edge නම් තාක්ෂණයක් භාවිතා කරන අතර මේ සිදුවීමෙන් පසු බොහෝ දෙනෙක් මේ Ultra Edge තාක්ෂණය කියන්නේ මොක්දද කියලා හොයන්න උනන්දු වුණා. ඉතින් ඒකට උත්තර තමයි අද මම ගෙනාවේ.

Ultra Edge තාක්ෂණය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දුවක් යැවීමෙන් පසු පන්දුව පිත්තේ ගැටුනේද නැද්ද යන්න විනිශ්චය කිරීමට භාවිතා කරන පද්ධතියක්. පිතිකරුවා පිටුපස තියෙන Stumps microphones තුළින් සහ ක්‍රීඩාංගනය වටා කැමරා සවි කර ඇති කැමරා තුළින් පන්දුව සහ එය නිකුත් කරන ශබ්දය නිරීක්ෂණය කරනවා.

සංඛ්‍යාත මට්ටම් මත පදනම්ව පිත්ත, pad එක සහ ශරීරය විසින් නිකුත් කරන ශබ්ද අතර වෙනස හඳුනා ගැනීමට මෙම stump මයික්‍රෆෝනය සමත් වනවා. පන්දුව පිත්ත අසලට ගිය විගස, පිතිකරුවාගේ දෙපස තබා ඇති කැමරා, පිටියේ ප්‍රතිවිරුද්ධ අන්තවල තබා ඇති කැමරා දෘශ්‍ය නිරූපණයක් සඳහා පන්දුව හඹා යනවා. එවිට ශබ්ද මයික්‍රෆෝනය චලනය මත පදනම්ව ශබ්දය ලබාගෙන එය oscilloscope වෙත යවනු ලබනවා. මෙම oscilloscope තරංගවල ශබ්ද සංඛ්‍යාත මට්ටම් පෙන්වනවා. කැමරා සහ stump එකෙහි combination (සංකලනය) පන්දුව පිත්තේ වැදුනේද යන්න තීරණය කිරීමට විනිසුරුවන්ට උපකාර වනවා.

oscilloscope

මෙම Ultra Sound වල ක්‍රියාකාරීත්වයේ දෝෂ ඇතිවීමට හේතු කිහිපයක් තිබෙනවා. වඩාත්ම සුලභ හේතුව වන්නේ පන්දුව පිත්ත අසලට පැමිණීමට පෙර ශබ්ද වල තරංග ආයාමය තුළ spike එකක් දැකගත හැකි වීමයි. මෙය stump mic එකෙහි ඇති විය හැකි දෝෂයක් නිසා හෝ පන්දුව යවන අවස්ථාවේ මයික්‍රෆෝනය මගින් ලබා ගන්නා වෙනත් ශබ්ද නිසා විය හැකිය. පන්දුව පිත්තේ වදින අවස්ථාවේදීම පිත්ත බිම වැදීම මයික්‍රෆෝනය මගින් අනාවරණය කරගත් ශබ්දය වෙනස් වීමට ද ඉඩ තිබෙනවා. ශරීරයට ආසන්නව ඇති පිත්ත පසුකර යාමෙන් පසු පන්දුව සිරුරේ වැදීමෙන් අනාවරණය වන ශබ්ද ද මෙසේ ශබ්ද වෙනස් වීමට හේතු වනවා.

හොඳයි මම හිතනවා ඔයාලට මේ article එකෙන් ultra edge කියන්නේ මොකද්ද සහ ඒක වැඩකරන විදිය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. නැවතත් මේ වගේම ලිපියකින් හමුවෙමු සුභ දවසක්!