2026 නව වසර ආරම්භ කරමින් WhatsApp සමාගම විසින් සමූහ කතාබස් (Group Chats) වඩාත් පහසු සහ විනෝදජනක කිරීමට නව විශේෂාංග තුනක් හඳුන්වා දී තිබේ. WhatsApp නිල බ්ලොග් අඩවිය සඳහන් කරන පරිදි, මෙමගින් විශාල සමූහයන් තුළ සන්නිවේදනය වඩාත් පැහැදිලි සහ සංවිධානාත්මක වනු ඇත.
Member Tags
විශාල සමූහ කතාබස්වලදී විශේෂයෙන්ම පාසල් මවුපියන්ගේ කණ්ඩායම් හෝ ක්‍රීඩා කණ්ඩායම්වලදී එක් එක් පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීම අපහසු විය හැකි අතර මේ නව Member Tags විශේෂාංගය මඟින් ඔබට එක් එක් සමූහයට ගැලපෙන පරිදි වෙනස් අනන්‍යතාවක් ලබා දිය හැකි වනවා.
මෙම ටැග් එක පෙනෙන්නේ අදාළ සමූහයට පමණක් වන අතර, ඔබේ ප්‍රධාන WhatsApp නම වෙනස් නොවේ. මෙයට අක්ෂර 30ක උපරිම සීමාවක් පවතින අතර, Emoji භාවිතා කළ නොහැකි වනවා.
Text Stickers
ඔබට යම් පණිවිඩයක් වඩාත් කැපී පෙනෙන ලෙස යැවීමට අවශ්‍ය නම්, දැන් ඕනෑම වචනයක් ක්ෂණිකව Sticker එකක් බවට පත් කළ හැකි වනවා. Sticker Search හි ඔබට අවශ්‍ය වචනය ටයිප් කළ විට WhatsApp මඟින් විවිධ වර්ණ සහ මෝස්තර සහිත ස්ටිකර් කිහිපයක් ස්වයංක්‍රීයව නිර්මාණය කර පෙන්වනවා.
Event Reminders
සමූහයක් තුළ යම් උත්සවයක් හෝ රැස්වීමක් සංවිධානය කළ විට එයට සහභාගී වන්නන්ට නියමිත වේලාවට මතක් කර දීම සඳහා දැන් විශේෂ මතක් කිරීම් එනම් Reminders සැකසිය හැකි වනවා. එම Event එක ආරම්භ වීමට පැය කිහිපයකට හෝ දින කිහිපයකට පෙර ස්වයංක්‍රීයව මතක් කිරීමේ පණිවිඩයක් සාමාජිකයින්ට ලැබෙන ලෙසද මෙය සැකසිය හැකියි.
මෙම යාවත්කාලීන කිරීම් මේ වන විට ලොව පුරා පියවරෙන් පියවර නිකුත් කරමින් පවතින අතර ඔබට තවමත් මෙම පහසුකම් ලැබී නොමැති නම්, ඉදිරි සති කිහිපය තුළ ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp යෙදුම නවතම සංස්කරණයට යාවත්කාලීන කර ගැනිම මගින් මේ විශේෂාංගයන් ලබා ගත හැකි වනු ඇත.
Source: blog.whatsapp.com








