Loading...
WhatsApp beta සඳහා self-destructing photos පහසුකම ලබා දීමට කටයුතු කරයි

WhatsApp සදහා මේ වන විට නව Features රැසක් හදුන්වා දි තිබෙන අතරම හදුන්වා දෙමින්ද පවතිනවා. ඒ අනුව පසුගිය දිනක වීඩියෝ හුවමාරු කරගැනීමට පෙර එම වීඩියෝ වල sound mute කිරීමේ හැකියාව WhatsApp Beta Userලා වෙත ලබා දි තිබුණා.

WhatsApp betaහි නිල Blog අඩවිය වන WABetainfo හි නිල Twitter ගිණුම ඔස්සේ තවත් නව Feature එකක් පිළිබඳ විස්තර පල කර තිබෙනවා. ඒ Disappearing Photos යැවිමේ පහසුකමක් පිළිබඳව තොරතුරුයි.

ඒ අනුව මෙහි දි පෙර අපිට Disappearing වෙන ආකාරයට Photos යැවිමට හැකියාව ලැබෙනවා. යැවිමට අවශ්‍ය Photo එක තොර ගත් පසු ලැබෙන Edit Section එකේ නිල පැහැති නව Button එකක් දැක ගැනිමට හැකියාව ලැබෙනවා. එය මත Click කල පසු “This media will disappear, once you leave this chat” ලෙස Pop-Up Notification එකක් ලැබෙනවා. එනම් Disappear ආකාරයට එවන Photos අපි එම Chat එකෙන් ඉවත් වු පසු අතුරැදන් වි යනු ඇත. මෙය කලකට පෙර WhatsApp සදහා හදුන්වා දුන් Disappearing Messages Feature එකටම සමාන වෙනවා.

මේ තුලින් ඔබේ WhatsApp Chat එකේ ඇති ජායාරූප ආදිය වෙනත් කෙනෙකු සතු විමේ හැකියාව අවම වි යනු ඇති බවයි ඔවුන් දක්වන්නේ. ඒ වගේම මේ Photosවල Screen Shot එකක් Receiverට ලබා ගත හැකි වනු අතර ඒ පිළිබඳ Sender දැනුම්වත් විමක් සිදු වන්නේ නැ. එනම් මේ අකාරයට එවනු ලබන Photos Save කිරිමේ හැකියාව නොලැබෙනු ඇත.

WhatsApp සදහා අලුත් Feature එකක් වෙන මෙය Facebook සමාගමට නම් අලුත් Feature එකක් බවට පත් වෙන්නේ නැ. ඒ ඔවුන්ගේ Instagram සදහා මේ හා සමානම Photos & Videos Disappearing Feature එකක් මිට පෙර ලබා හදුන්වා දි ඇති බැවිනි. කෙසේ වෙතත් මේ Feature එක දැනට Beta Userලා සදහා පමණක් ලබා දි ඇති අතර ඉදිරි සති කිහිපය තුල මේ Feature එක සහිත Stable Version එකක් Android හා iOS Userලා සදහා නිකුත් කරනු ඇත.

Source : Gizmochina, Wabetainfo