Loading...
ස්වයංක්‍රීයවම ban වූ WhatsApp ගිණුම් නැවත සමාලෝචනය සඳහා ඉක්මන් ක්‍රමයක් හඳුන්වා දීමට Facebook සූදානම් වේ

Facebook සමාගම විසින් WhatsApp හි නීතිරීති සදහා එකග නොවන පුද්ගලයන්ගේ ගිණුම් ඉවත් කිරිම ස්වයංක්‍රීය පද්ධතියක් හරහා සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් මේ ස්වයංක්‍රීය පද්ධතිය මගින් ද එලෙස නීතිරිති කඩ නොකළ පුද්ගලයන්ගේද WhatsApp ගිණුම් ඉවත් කළ අවස්ථා ද තිබෙනවා.

මේ වෙන විට මෙලෙස WhatsApp ගිණුමක් ඉවත් වු විට එය නැවත ලබා ගැනිමට ඉක්මනින් ක්‍රමයක් නොපවතින අතර Whatsappහි පවතින ස්වයංක්‍රීය පද්ධතිය මගින් නීතිරීති කඩ නොකළ ගිණුමක් වුවද ඉවත් වු විට ඒ සදහා කළ හැකි වෙන්නේ නව දුරකථන අංකයක් සදහා WhatsApp ගිණුමක් සාදා ගැනිමයි.

මේ ගැටලුවට පිළියෙමක් ලෙස Facebook සමාගම විසින් WhatsApp සදහා නව Tool එකක් හදුන්වා දිමට කටයුතු කරමින් ඉන්නවා. ඒ WhatsApp මගින් තහනම් වු / ඉවත් කරන ලද ගිණුම් නැවත ලබා ගැනිමට ඉල්ලිය හැකි in App Tool එකක් ලබා දිම පිළිබඳවයි.

ඒ අනුව WhatsApp ගිණුම තහනමකට ලක් වු විට එම ක්‍රියාමාර්ගය පිළිබඳව යළි විමසිමක් කළ හැකි වෙනවා. මෙලෙස යළි විමසිමක් සිදු කළ විට පැය 24 කාලයක් තුල එම WhatsApp ගිණුම මගින් WhatsApp තුළ යම් නිතී විරෝධී කටයුත්තක් සිදු වි ඇත්දැයි නැවත සමාලෝචනයක් සිදු වෙන අතර ඉන් පසු එම නැවත සමාලෝචනය පිළිබඳව දැනුම්දිමක් සිදු වෙනවා. මෙම කටයුත්ත සදහා ගත වෙන පැය 24ක කාලය තුල WhatsApp Chat History එක මකා නොදැමෙන අතර සමාලෝචනයෙන් පසු ස්වයංක්‍රීය පද්ධතිය මගින් වැරදි ලෙස හදුනාගත් ගිණුමක් නම්, එනම් එම WhatsApp ගිණුම විසින් නීතිරිති උල්ලංඝණය කිරිමක් සිදු කර නොමැති නම් එම WhatsApp ගිණුම නැවත යථා තත්වයට පත් කරනු ඇති අතර මෙම සමාලෝචනය මගින්ද එම ගිණුම විසින් යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් සිදු කර ඇති බව තහවුරුවීමක් සිදු ⁣වුවහොත් එම WhatsApp ගිණුම ඉවත් කිරිමට කටයුතු සිදු වෙනු ඇත.

කෙසේ වෙතත් තවමත් මේ Feature එක WhatsApp සදහා හදුන්වා දි නොමැති අතර ඉදිරි Beta Version එකක් මගින් iOS Beta සදහා මෙය ප්‍රථමයෙන්ම ලබා දෙන් ඇති අතර ඉන් පසු Android Beta Version එක නිකුත් වි අවසන Stable Version එක සදහා මෙය ලැබෙනු ඇත.

Source : WaBetaInfo