Voice messages සඳහා වන Playback speed පහසුකම WhatsApp beta සංකරණය සඳහා නිකුත් කරයි

· 1 min read
Voice messages සඳහා වන Playback speed පහසුකම WhatsApp beta සංකරණය සඳහා නිකුත් කරයි

WhatsApp Voice Messages සදහා මිට මසකට පමණ පෙර WabetaInfo Twitter ගිණුමේ දැක්වු පරිදිම වෙනස් Play Back Speeds මගින් Voice Messages සදහා සවන්දිමේ හැකියාව ලබා දි තිබෙනවා.

ඒ අනුව WhatsApp Beta Usersලා සදහා මේ වෙන විට මේ Feature එක සහිත Beta Update එක නිකුත් කර තිබෙනවා. මිට අනුව ඔබ WhatsApp Voice Message එකක් Play කරන විට එහි දකුණු පස කෙලවරේ Play Back Speed සංකේතය දැකිය හැකි වෙනවා. ඒ මගින් ඔබට අවශ්‍ය Play Back Speed එක සකසා ගත හැකි වෙනු ඇත.

Play Back Speed සංකේතය මගින් ඔබට අවශ්‍ය පරිදි Play Back Speed එක 1x, 1.5x හා 2x ආදි ලෙස සකසා ගත හැකියි.

මේ වෙන විට මේ Play Back Speed එක සහිත Beta Update එක බොහෝ WhatsApp Beta Usersලා සදහා ලැබි ඇති අතර ඉදිරියේ එය WhatsApp Stable Version එක සදහාත් ලබා දෙනු ඇත.

Source : WhatsApp Beta Info

Related Articles