Loading...
බොහෝ Admin Controls සහිතව WhatsApp Communities විශේෂාංගය එළිදැක්වීමට Meta සමාගම සූදානම් ​වේ

ප්‍රමුඛ පෙළේ Encrypted Messaging Platform එකක් වන WhatsApp, Communities නමින් නව විශේෂාංගයක් ලබා දීම සදහා කටයුතු කරමින් සිටින බව අප මීට පෙර ඔබට වාර්තා කරනු ලැබුවා. ඒ අනුව මීට දින කිහිපයකට පෙර ඒ සඳහා වන Update එක තෝරාගත් WhatsApp Beta පරිශීලකයින් වෙත නිකුත් කළා.

එහිදී Adminවරුන්ට බොහෝ Controls හිමි වනු ඇති බව අපි එම ලිපියෙන් වාර්තා කළා ඔබට මතක ඇති. ඒ අයුරින්ම Adminවරුන්ට බොහෝ Controls හිමිවී ඇති අතර තවත් විශේෂාංග කිහිපයක්ම මේ සඳහා එකතු කර තිබෙනවා.

මේ Whatsapp Commiunities පහසුකම බොහෝ සෙයින් Facebook Groupsවලට සමාන වන අතර Facebook Groups වෙත මෑතකදී එකතු කරන ලද Sub-groups Feature එකත් මේ Whatsapp Commiunities වෙත එකතු කර තිබෙනවා.

  • Message Reactions - WhatsApp Communities වෙත යවන ලද Messages සඳහා එහි සිටින වෙනත් පුද්ගලයින්ට තෝරාගත් Emoji කිහිපයකින් React කිරීමට හැකියාව ලැබෙනවා.
  • Admin Delete - WhatsApp Communities වල ඇති ඕනෑම පණිවිඩයක් admin වරුන්ට මකා දැමීමේ හැකියාව
  • File Sharing - WhatsApp Communities වෙත 2GB පමණ විශාලත්වයකින් යුතු Files Share කිරීමට හැකියාව ලබා දී තිබෙනවා.
  • Larger Voice Calls - නවීකරණය කරන ලද UI එකක් සහිතව පුද්ගලයින් 32කට Voice/Video Calls එකවර ලබා ගත හැකි වනවා.

මේ Communities වල UI එක තවමත් සංවර්ධනය කරමින් පවතින අතර හැකි ඉක්මනින් මේ පහසුකම සියලුම WhatsApp පරිශීලකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ. 2021 වසරේ Whatsapp හි ඈතිවූ Privacy Issue එක හේතුවෙන් Whatsapp වෙතින් ඉවත්ව Telegram, Signal වැනි Messanging Platforms වෙත ගිය පරිශීලකයින් නැවත Whatsapp වෙත යොමු කර ගැනීම උදෙසා; මෙලෙස Whatsapp හි නොමැති වෙනත් Messanging Platforms තුල ඇති features ලබා දීමට හේතුවක් වනවා.

Source: WhatsApp Blog, TechCrunch