Loading...
Whatsapp two-step verification option එකේ වැදගත්කම සරලව දැනගමු

මේක වැදගත් වෙන්නේ phone එක නැති උනොත් හරි ඔයාගේ sim එක නැති උනොත් හරි WhatsApp වල ආරක්ශාවට. මෙහෙමයි ඔයාගේ sim එක වෙන කෙනෙක් අතට පත් උනොත් එයාට පුලුවන් ලේසියෙන්ම ඔයාගෙ සිම් එකට WhatsApp account එකක් හදලා ඔයාගේ chat backups උනත් download කරගන්න.

මෙන්න මේ ප්‍රශ්නෙදි අපිට වැදගත් වෙනවා WhatsApp two step verification option එක . මේ option එක හරහා ඔයාගේ WhatsApp account එකට pin number එකක් හරි ඔයාගේ email address එකක් හරහා ඔයා වෙන device එහෙකින් ආයෙත් WhatsApp එකට join වෙනවා නම් මේ pin number එක හරි email address එක හරි use කරලා ඔයාගේ WhatsApp account එක restore කරගන්න පුලුවන්.

සරලවම කිවුවොත් මේ හින්දා ඔයාගෙ sim එක වෙන කෙනෙක් අතට ගියත් එයාට ඔයාගෙ number එකට WhatsApp account එකක් හදන්න බැහැ,මොකද කලින් ඔයා Add කරපු pin number එකයි email address එකයි නිසා එයාට ඒ අවස්තාව නැති වෙනවා.

දැන් අපි බලමු මේ option එක ඔයාගෙ WhatsApp account එකට Add කරගන්නේ කොහොමද කියලා.‌‌ඔයා WhatsApp එකේ settings වලට ගිහින් account යන්න,ඊට පස්සේ two step verification option එකට යන්න දැන් යට තියෙන enable button එක touch කරන්න.‌‌එතකොට ඔයාගෙන් ඉල්ලනවා numbers 6 ක pin එකක් ඕකට ඔයා කැමති pin number එකක් දෙන්න,ඔය pin number එක මන් කලින් කිවුවා වගේ අවස්තාවක ඔයාට වැදගත් වෙයි,ඒ නිසා කොහෙහරි මතක් වෙන තැනක ලියලා තියාගත්තත් කමක් නැහැ.

හරි දැන් pin number එක දීලා next ගියාම ඔයාගෙන් email address එකක් ඉල්ලයි ඒක optional උනත් ඔයා ඒක අනිවාරෙන්ම දෙන්න මොකද  pin number එක අමතක උනොත් ඔයාට email address එක හරහා හරි account එක restore කරගන්න පුලුවන්, ඒ වගේම තව දෙයක් ඔයාට මේ pin number එක අමතක උනොත් ඔයාට ඔය email address එක එකට email එකක් යවලා එකෙන් two step verification option එක disable කරගන්න පුලුවන්.

තව දෙයක් මේ pin එක අමතක වෙන එකට පිලියමක් විදිහට සතියකට වතාවක් මේ pin එක ඉල්ලනවා. මේක නිසා pin එක අමතක වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා.