Loading...
WhatsApp සඳහා එකඟ වීම අනිවාර්‍ය නොවන නව සේවා කොන්දේසි කිහිපයක් රැගෙන ඒමට සූදානම් වන බව වාර්තා වේ

WhatsApp සමාගම මේ වසරේ මුලදී ඔවුන්ගේ Privacy policy එකේ සිදු කල ආන්දෝලනාත්මක update එක පිළිබද ඔබ සියලු දෙනා දන්නවා ඇති. එසේ ලබා දි තිබුනු Privacy Policy එක මගින් WhatsApp සඳහා භාවිතා කරන Number එක ඇතුලුව ඔබගේ ඕනැම WhatsApp පරිශිලක දත්තයක් ඔවුන් ලබා ගන්නා අතර අතර ඒවා Facebook සමග බෙදා ගැනිමටද හැකියාව ලැබෙන පරිදි කොන්දේසියක් ඔබ වෙත ඉදිරිපත් කර තිබුනා. නමුත් එම Update එක සදහා WhatsApp පරිශීලකයන්ගෙන් හොද ප්‍රතිචාරයක් ලැබුනේ නැත. ඔවුන් එහිදී සිදු කලේ WhatsApp සේවාව අතහැර දමා වෙනත් messaging සේවාවන් වෙත මාරු වීම සිදු කරනු ලැබුවා.

මෙම අර්බුදය හමුවේ WhatsApp විසින් තමන්ගේ තීරණය මදකට පිටුපසට ගෙන තම පරිශීලකයන්ට ඔවුන්ගේ නව Privacy policy එක සඳහා එකඟ වීමට මැයි 15 වන දින තෙක් කල් දීම සිදු කරනු ලැබුවා. එහිදීද ඔවුන් මේ සඳහ එකඟ නොවන පරිශීලකයන්ගේ භාවිතාව සීමා කිරීමට සිදු වන බව ප්‍රකාශ කර සිටියා. මේ හරහාද වාසියක් ලබා ගැනීමට WhatsApp සමත් නොවුනු අතර WhatsApp අතහැර වෙනත් සේවාවන් සමඟ එක්වන ප්‍රමාණය වැඩිවත්ම ඔවුන්ට තම පිලිවෙත් ලිහිල් කරමින් නව Privacy policy එක සඳහා එකඟ නොවන්නන්ගේ භාවිතාවන් සීමා නොකරන බව ප්‍රකාශ කිරීමට සිදු උනා.

මෙම සිදුවීමෙන් කලකට පසුව නැවතත් තම සේවා කොන්දේසි කිහිපය රැගෙන එන බවක් පෙනී යන්නේ WABetaInfoහි වාර්තාවක සඳහන් වන කරුණුත් සමඟයි. නමුත් මෙය අනිවාර්‍යෙන් එකඟ වියයුතු කොන්දේසි ලෙස රැගෙන නොඒමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙන බව එහි පැවසෙනවා. ඒ අනුව එම සේවා කොන්දේසි WhatsApp Business සඳහා පමණක් සීමා කිරීමට සූදානම්වනවා.

එහිදී ඔබට ඔබගේ සමීපතමයන් සමඟින් පණිවිඩු හුවමාරුව සහ සබඳතා පවත්වාගැනීමට කිසිඳු බාධාවක් පැනවෙන්නේ නැති නමුත් යම් හෙයකින් ඔබ විසින් WhatsApp business හරහා නිර්මාණය කල ගිණුමක් සමඟ සබඳතා පවත්වන්නේ නම් ඔබට මෙම නව සේවා කොන්දේසි සමඟින් එකඟ වීමට සිදු වනවා. යම් හෙයකින් ඔබ ඒවාට එකඟ නොවුනහොත් ඔබට WhatsApp Business හරහා නිර්මිත WhatsApp ගිණුම් සමඟ සබඳතා පැවැත්වීම අවහිර වනවා.

WABetaInfoහි සඳහන් වන ආකාරයට මෙම නව සේවා කොන්දේසි අදාල වන්නේ WhatsApp Business ගිණුම් වෙත පණිවිඩ යොමු කරන පරිශීලකයන්ට පමණන් වන බවත්, මේ වන විට මෙම නව කොන්දේසි WhatsApp beta සංස්කරණයන්හි දක්නට ලැබෙන බවත් නුදුරේදීම මෙම නව සේවා කොන්දේසි සාමාන්‍ය පරිශීලකයන් වෙත ලබා දෙනු ඇති බවයි. නමුත් තවමත් WhatsApp විසින් මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නැහැ.

Source - XDA-Developers