Loading...
ව්‍යවසායකයා, Online ව්‍යවසායකයා සහ Freelancer

ව්‍යවසායකයා යන්නට ඈත අතීතයේ සිටම විවිධ නිර්වචන, එහෙමත් නැත්තම් definitions විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

ඒ අනුව ව්‍යවසායකයා යන්නට පහතාකාරයට නිර්වචනය වෙලා තියෙනවා.

  1. ව්‍යවසායකයා අවධානම් දරන්නෙකි (Risk Taker) - Cantillon  - 1775
  2. ව්‍යවසායකයා සංවිධායකයෙකි (Organizer) - ව්‍යවසායකයා නිෂ්පාදන සාධක සංයෝග කරනු ලබන ආර්ථික නියෝජිතයෙකි. නැතිනම් සංවිධායකයෙකි - J B Say
  3. ව්‍යවසායකයා නවෝත්පාදන සිදුකරන්නෙකි (Innovator) - ව්‍යවසායකයා යනු නවෝත්පාදන තුලින් ලාභ උපරිම කිරීමට උත්සාහ කරන ආරථික මිනිසෙකි - J A Schumpeter - 1991
  4. ව්‍යවසායකයා නිතරම වෙනසක් සොයන ඊට ප්‍රතිචාර දැක්වීමෙන් එය තමන්ගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගන්නෙකි - Peter Drucker

මේ විදිහට විවිධ ආකාරයේ නිර්වචන අතුරින් වර්තමානය වන විට වාණිජ ලෝකයේ පිලිගන්නා නිර්වචනය වන්නේ

"මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනය හෙවත් නව නිෂ්පාදන බිහිකිරීමත් නව ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගෙන ඒවායේ නියලීමත් ව්‍යවසායකත්වය ලෙස හැදින්වේ."

ව්‍යවසායකයා යනු ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ යෙදෙන්නා වේ. මේකම Online වෙනකොට අර කියපු කතාව online කරන කෙනා Online entrepreneur වෙනවා.

එතකොට කවුද මේ Freelancer කියන්නේ?

Freelancer කෙනෙක් කියන්නේ තනියෙන් වැඩකරන කෙනෙක් ඔහු / ඇය කිසියම් ආයතනයකට හෝ පුද්ගලයකුට දිගුකාලීනව බැඳී නැහැ. මෙයා කරන්නේ තමන්ගේ දැනුමෙන් ස්වාධීනව වෙනත් අයෙකුගේ අවශ්‍යතාවයකට අදාලව ඇති සේවාව සැපයීම විතරයි. බලමු ඇත්තටම වෙන දේ මොකක්ද කියල. එතනින් තීරණය කරන්න ඔයා කවුද කියන එක.
ප්‍රතිලාභය

Freelancer කෙනෙක් කියන්නේ එයා කරන දෙයට ගෙවීමක් ලබන කෙනෙක්. ඒ සඳහා ඔහු/ඇය project එකකට හෝ පැයකට අදාල rate එකෙන් ඒ ගෙවීම් කිරීම ලබනවා. Freelancer කෙනෙක් ලිවීම, ඩිසයින් කිරීම, උපදේශන සෙවා සැපයීම, වගේ විවීධ සේවා සපයනවා. ඒ වගේම Freelancing කියන්නේ business එකක් එහෙමත් නැත්තම් ව්‍යාපාරයක් පටං අරගෙන "ව්‍යාපාරිකයෙක්" වෙන්න තියෙන හොඳ අවස්ථාවක්.

එතකොට ව්‍යවසායකයෙක්, එහෙමත් නැත්තම් Entrepreneur කෙනෙක් කරන්නේ මොකක්ද? මුලින් කිව්වා මතක ඇතිනේ නව්‍යතා සම්පාදනය කරනවා කියන එක. ඒ කියන්නේ අළුත් දෙයක් හෝ අදහසක් හොයාගෙන ඒක ව්ඩි දියුණු කරලා ඒ හරහා ප්‍රතිලාභ ලබනව කෙනෙක්. මේකට ව්‍යවසායකයා භාවිතා කරන්නේ බොහෝ වෙලාවට වෙනත් අයගේ සලි. ඒ කියන්නේ ආයෝජන අවස්ථා, ණය වගේ දේවල් අරගෙන තමයි මෙයා මේක කරන්නේ. කොටින්ම කියනව නම් ව්‍යවාසායකයෙක් කියන්නේ නින්දෙනුත් සල්ලි හොයන කෙනෙක්. ව්‍යවසායකයෙක් ලබන්නේ ලාභ. නැතුව තමන් කරන දෙයකට ගෙවීමක් නෙවෙයි. ඒ කියන්නේ ගාස්තුවක් නෙවෙයි.

අරමුණ

Freelancer කෙනෙක්ගේ අරමුණ වෙන්නේ, තමන්ට boss කෙනෙක් නැති steady job එකක්, සුපිරි වැඩ ටිකක් කරන්න, ඒ වගේම තමන්ගේ හැකියාවන් වර්ධනය කරගෙන ඉදිරියට අයකරන ගාස්තුව වැඩි කරගන්න එක.

ව්‍යවසායකයෙක්ගේ අරමුණ තමයි, තමන් නවෝත්පාදනය කරපු සේවාව හෝ නිෂ්පාදනය හරහා දිගුකාලීනව ලාභ ලබමින් එය ස්ථාවර කරගෙන අවදානම පාලනය කරගෙන ඉදිරියට පවත්වාගෙන යාම. වයවසායකයෙක් විදිහට එයාල කරන්නේ long-term profit machine එකක් හදන එක.
හොඳම එක

ගොඩක් වෙලාවට Freelancer කෙනෙක් තවත් Freelancersලා hire කරලා එයාලට වැඩ දෙනකොට ඇඟට එන දෙයක් තමයි, මං Entrepreneur කියන එක. නෑ ඔයා වැරදියි. ඔයා කරන්නේ Freelancersලව manage කරන එක, ඔයාට කරගන්න බැරි අධික වැඩ ටික වෙන අය ලව්වා කර ගන්න එක. එතනදි ඔයාට එන ගාස්තුවෙන් කොටසක් ඔයා hire කරපු කෙනාට ගෙව්වම ඔයාට ඉතිරිවෙන්නේ ලාභයක් නෙවෙයි තමන්ගේ ගාස්තුවෙන් ඉතුරු කොටස නිසා ඔයා උපයලා තියෙන්නේ ලාභයක් නෙවෙයි, ඔයාට කරගන්න වෙලාවක් නැති නිසා ඒ වෙනුවට අඩු මුදලට ගත්තු කෙනාට ගෙවලා තමන්ගේ වැඩේ කරපු එක විතරයි. එතන මොනම විදිහකින්වත් නවෝත්පාදනයක් වෙලා නෑ. ඒක නිසා ඔයා ව්‍යවසායකයෙක් නෙවෙයි. ඔයා තාමත් Freelancer කෙනෙක්.

ව්‍යවසායකයෙක්ට ස්ථිර ගෙවීමක් නෑ, ඔහු ලබන්නේ ලාභ. අවදානමක් දරණවා, ඔහුගේම නිර්මාණයක් හරහා ආදායම් උපයන්නේ. මොහෝ විට ව්‍යවසායකයෙකුට තම ඉපයීම හරි හැටි නොලැබෙන්නත් පුළුවන්.

එතකොට වර්තමානයේ Fiverr එකේ Freelance කරන අය එහෙම ඇයි තමන් Online Entrepreneur කෙනෙක් විදිහට හඳුන්වා ගන්නේ?

ඇත්තටම එතන වෙලා තියෙන්නේ ලොකු misunderstand එකක් සහ නොමඟ යැවීමක්. Fiverr එක හරහා වැඩ ගන්න ඔයා නෙවෙයි Entrepreneur, Fiverr platform එක හදපු කෙනා තමයි Entrepreneur. Micha Kaufman සහ Shai Wininger කියන දෙන්නා දැක්කා Freelancersලා ඉන්නවා, ඒ Freeancersලගෙන් වැඩ කරගන්න අය ඉන්නව. මේ අයට connect වෙන්න platform එකක් නෑ. ඒකට හරියන platform එක හදල දුන්නා. අද වෙනකොට අධික ලාභයක් ලබන ව්‍යාපාරයක් වෙලා ඉවරයි.

පවතින ගැටළුවක් දැක්කා, ඒකට විසඳුමක් දුන්නා. ඒක තමයි ව්‍යවසායකත්වය. නැතුව Logo එකක් හැදුවා කියන එකවත්, Web site එකක් ගහල දුන්න කියන එකවත්, Servers resell කරා කියන එකවත්, App එකක් හදලා දුන්නා කියන එකවත් ව්‍යවසායකත්වය නෙවෙයි.

තව උදාහරණ කිහිපයක් දෙන්නම් ලංකාවෙන්.

  • හෙළකුරු - ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන ලංකාවේ අයට තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි සිංහල කීබෝර්ඩ් එකක් කියන එක. ඒක දැකපු කෙනෙක් ඒකට විසඳුමක් ගෙනාවා, Helakuru කියල. දැන් අවුරුදු ගාණක් වෙනවා, මේ වෙනකොට Helakuru app එක ආදායම් උපයන තත්වයට ඇවිල්ලා. එතන්ට වෙනකන් කරපු දේවල් තමයි Dhanika අයියගේ ව්‍යවසායකත්වය.
  • WinkAR - WinkAR කියන්නේ Arimac සමාගම විසින් නිපදවපු ලෝකේ ප්‍රථම AR newspaper advertising platform එක. මේකට අදහස ආවේ Chamira අයියට. ඒ හරහා කාට හරි ලංකාවේ Newspaper එකක දාන දැන්වීමක් AR type එකට ඔයාගේ මොබයිල් එකෙන් ප්ලේ කරල බලන්න පුළුවන්. පුවත්පත් දැන්වීම් කලාව වෙනත්ම අතකට අරගෙන ගියේ චමීර අයියගේ ඒ ව්‍යවසායකත්වය නිසා.
  • Ideamart Appmaker - Ideamart Appmaker කියන්නෙ mobile app එකක් හදාගන්න බැරි අයට app එකක් හදාගන්න තියෙන platform එකක්. App එකක් හදාගන්න බැරි අයට විනාඩි 5කින් එකක් හදාගෙන ඒකෙන් මුදල් උපයන්න පුළුවන් විදිහට platform එකක් හදපු අය මිසක්, ඒ platform එක use කරලා app හදලා සල්ලි හම්බු කරන ඔයාල Entrepreneur කෙනෙක් වෙන්නේ නෑ, හැබැයි ඒ platform එකක් හදපු අය තමයි Entrepreneur.

මේ වගේ තව ගොඩක් උදාහරණ දෙන්න පුළුවන්.

මෑතකදි දැක්කා Online Entrepreneur කියන එකට හරි අපූරූ නිර්වචනයක් කෙනෙක් දීලා තිබ්බා. ඒකේ තිබ්බේ,

"Online Entrepreneur - තමන්ගේ Product එකක් or Service Set එකක් online / digital platforms use කරලා තමන්ගේ schedule එකකට වැඩ කරන සහ තවත් අයට රැකියා දෙන කෙනෙක්"

මේ නිර්වචය තුල කොහේවත් ව්‍යවසායකත්වය, එහෙමත් නැත්තම් Entreprenuer කියන එක ගෑවිලාවත් නෑ. මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාපරිකත්වය විතරයි. ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියන්නේ එහෙන් පිටින්ම වෙනස් දෙන්නෙක්. පැටලෙනවා වගේ නම් ආයෙම උඩ කියල තියෙන ටික කියවන්න සහ ලේසියට මෙන්න ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියල ආයෙම.

"මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනය හෙවත් නව නිෂ්පාදන බිහිකිරීමත් නව ව්‍යාපාරික අවශ්‍යතා හඳුනාගෙන ඒවායේ නියලීමත් ව්‍යවසායකත්වය ලෙස හැදින්වේ."

Entrepreneur කියන එකට Online කියල adjective එකක් ඇඩ් උනා කියල වෙනම නිර්වචනයක් පාදුර්භූත වෙන්නේ නෑ, ව්‍යවසායකත්වය කියන්නේ ව්‍යවසායකත්වය. ඒක Online කරන කෙනා Online Entrepreneur වෙනවා. එච්චරයි.

ඔයා කොතනද? සමහරෙක් විසින් මවා පෙන්වා ඇති ඔයා Online Entrepreneur කෙනෙක් කියල. ඒත් ඒ බොහොමයක් තාමත් Freelancersලා.

හැබැයි අමතක කරන්න එපා, ඕනෑම කෙනෙකුට ව්‍යවසායකයෙකු වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා, ඒකට මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරාටම මදි. නවෝත්පාදනයක් කරන්න ඕනේ. (නවෝත්පාදනය කියන්නෙ අළුත් Logo එකක්, website එකක් හදන එක එහෙම නෙවෙයි ඈ) හරියට දැන් එන ෆෝන්ස් වල default සිංහල keyboard එකක් ආවත් අපි තාමත් ෆෝන් එකක් ගත්තු ගමන් හෙළකුරු දාගන්නවා වගේ නවෝත්පාදනයක් කරන්න ඕනේ. මොකද ලෝකේ පළවෙනි සිංහල කීබෝර්ඩ් එක ඒක නිසා.