Loading...
Chinese smartphones මෙච්චර මිලෙන් අඩු ඇයි?

චීනයේ manufacture වෙන smartphones ගැන කතා කරද්දි ලෝකයේ භාවිතා වන smartphones වලින් බහුතරයක් ම manufacture වෙන්නෙ චීනයේ. Apple සමාගමේ HQ, labs ඇමරිකාවේ තිබුනත් Apple products manufacture වෙන්නෙ චීනයේ. ඕනෑම smartphone company එකක supply chain එකට නැතුවම බැරි රටක් තමා චීනය කියන්නේ. Smartphone එකක processor එක, finish එක, display, battery, camera වගේ මොකක් හරි කොටසක් චීනයේ manufacture කොට හෝ assemble කර තිබීමේ හැකියාව බොහෝම වැඩියි.

Chinese smartphones ගැන කතා කරද්දි Meizu, Xioami, Elephone, Lenovo, ZTE, Huawei වගේ brands කීපයක් ගැනම කියවෙනවා. ඒ හැම brand එකක් ම වගේ අනෙකුත් රටවල නිපදවෙන smartphone brands වලට වඩා බොහෝ අවස්ථාවන් වල මිලෙන් අඩුයි. ඇයි එහෙම වෙන්නෙ?

අපි ඒ ගැන හොයලා බලමු.

1. Cheap labour and cost of production

Production costs අඩුවෙන් පවත්වාගෙන යන්න ගොඩක්ම බලපාන්නේ cheap labour, cheap transportation facilities, space reserve කරගන්න තියෙන convenience එක වගේ දේවල්. ඉතින් මේකට දකුණු චීනය කියන්නෙ ideal ම පැත්තක්. ලොව පුරා tech productsවල manufacturing plant එක විදිහටදකුණු චීනයේ ගුවාංශු පලාත ප්‍රසිද්ධයි.ඒ වගේ පසුබිමක manufacture වෙන නිසා මොවුන්ට හැකියාව ලැබෙනවා cheap price එකකට විකුණන්න.Tech products වලට වගේම චීනයේම manufacture වෙන smartphones සදහාද සැලකිය යුතු වාසියක් ලාබයක් මේ තුලින් ලැබෙනවා.

2. Online marketing හේතුවෙන් Marketing cost එක අඩුයි.

Xiaomi වගේ companies ඒ ගොල්ලන්ගෙ products ඉන්දියාවෙ වගේ රටවල sell කරන්න ගොඩක් ම පාවිච්චි කරන්නෙ online marketing strategies. Online methods නිසා storage costs වලට යන වියදම ගොඩක් ම අඩුයි. ඒ වගේම අතරමැදියන්ට යන වියදමත් මේ මගින් අඩු කරගන්න පුලුවන්. Chinese companies ගොඩක් වෙලාවට adopt කරගන්න technique එක තමා social media, web sites හරහා සිය marketing වැඩ කටයුතු කරන එක. ඉතින් මෙන්න මේ දේ නිසා cost එක අඩු වෙනවා. ඒ තුලින් ඔවුන්ට පුලුවන් කම ලැබෙනවා තමන්ගෙ smartphones අඩු price එකකට විකුනන්න.

3. යොදාගනු ලබන parts වල මිළ අඩුයි.

ඔව් මෙන්න මේ කාරනයත් ගොඩක් බලපානවා අඩුවට smartphone එකක් විකුණන්න. Xioami, හුවාවේ, Lenovo, ZTE, කියන්නේ චීනේ මෙන්ම චීනයෙන් පිටතත් ගොඩක් ජනප්රිය smartphone brands. ඉතින් මේ devices වල display, finish එක, processor වගේ කාරණා වලදී මේ companies විශිෂ්ඨ ලෙස smartphones ඉදිරිපත් කරන්නට සමත් වෙලා තියෙනවා.

Online stores වල අඩුවට තියෙන colourful smartphones වල පවා ඉහල මට්ටමේ facilities සහ features තියෙනවා කියලයි බැලූ බැල්මට පේන්නේ. ගොඩක් cheap smartphones වලට චීනයේ use කරන්නේ Mediatek processors. Mediatek chipset වල prices Snapdragon Qualcomm වලට වඩා ගොඩක් cheap. ඒ වගේම චීනයේ smartphones බහුතරයකම තියෙන්නෙ Samsung හෝ Sony cameras.

ඉතින් ඒ cameras ගොඩක් අඩුවෙන්ගන්න චීනයට හැකියාව තියෙනවා. High resolution displays use කරත් quality එකෙන් පොඩ්ඩක් අඩු displays තමා බොහෝවිට චීන smartphones වලට use කරන්නේ. Device එක manufacture කරන්න ඕනගොඩක් parts වල අයිතිකරුවන් වෙන රටවලද හිටියත් manufacturing process එක වෙන්නෙ චීනයෙයි. තනි රටකදි හදන නිසා shipping costs, transportation costs, extra duties වගේ දේවල් වලින් තොරව රට තුලදීම සම්පූර්ණ product එක manufacture කිරීමට හැකිවීම නිසා ඒක Chinese companies වලට ලොකු වාසියක් විදිහට හඳුන්වන්න පුලුවන්.

4. Chinese smartphones වල තියෙන අඩු durability එක.

Smartphones කියන්නෙ නිතර ම අලුත්වෙන field එකක්. ඉතින් එතනදි Huawei, Xiaomi, Lenovo, Oppo වගේ ලොකු companies හැරුණම අනිත් පොඩි companies research and development වගේ දේවල් වලට කරන වියදම අඩුයි. ඒ නිසාම චීන smartphones බොහොමයක durability එක ගැන ඇත්තේ ගැටළුකාරී තත්වයක්.

  • Device එක අනවශ්‍ය විදිහට heat වීම.
  • Charging pins, audio jacks වගේ දේවල් වල durability එක අඩු වීම
  • පොඩි අනතුරක් උනත්ඉක්මණින් කැඩී බිදී යෑම.
  • දෝෂ සහගත තත්වයන් ඉක්මණින්ම ළඟාවීම

වගේ technical faults චීන smartphones වල ඉක්මනට වෙන්න පුලුවන්. වැදගත් ම කාරණය තමා හැම smartphone එකකම මෙහෙම වෙන්නෙ නෑ. ඒත් විශාල මිල අඩුවිමක් පෙන්නලා විකුණන device එකක මේ වගේ දේවල් වෙන්න පුලුවන්.

ඉතින් මෙන්න මේ වගේ හේතු කීපයක් නිසා තමා Chinese smartphone මිල අතින් ගොඩක් ලාභ වෙන්නේ. ඉතින් මෙතනදි customer ට price benefit එක වගේම විවිධ අවාසිත් තියෙනවා. ඒ අවාසි දැනගෙන smartphone එකක් buy කරද්දි ඔයාට ඔයාගෙ utility එක maximize කරගන්න පුලුවන්.