Loading...
අපි ඇයි Virus Guard එකක් භාවිතා කල යුත්තේ...

Malwares, Ransomwares, spams සහ අනෙකුත් සියලුම Virus වර්ග අද ලෝකයෙ ගොඩක් හිසරදයක් වෙලා තියෙන දෙයක්. අවාසනාවක වගේ අපේ අය නම් කියන්නෙ “අනේ ඔය Ransomware එකක් ආවයි කියල මගේ machine එකේ මොනා කියල ගන්නද. ඔන්න ඔහේ මේ virus guard එකම crack කර දාගෙන ඉන්නවා.” කියල. මොකද ගොඩක් දෙනෙක් හිතන්නෙ virus guard එකක් දාගෙන හොඳ protection එකක් දෙන්න ඕනේ company එකක් කරනව නම් ඒ වගේ වැදගත් details තියෙනව නම් විතරයි කියල.

ඇත්තටම කිව්වොත් එහෙම නෑ. ඔයා වැඩිය හිතන්නෙ නැති පොඩි දෙයක් උනත් cyberattack කරන අයට ගොඩක් වටින දෙයක් වෙන්න පුලුවන්. සමහරවිට ඔයා නොවදැනුවත්වම ඔයා යන sites වලින් ඔයාගේ webcam එක access කරල ඔයා දිහා බලන් ඉන්නවා වෙන්න පුලුවන්. ඔයාට එන emails වල keylogger වගේ tools attach කරල එවල ඔයාගෙ passwords, emails වගේම ඔයාගේ credit/ debit cards වල detail පවා ගන්නවා වෙන්න පුලුවන්.

ඉතින් ඔයාලා හිතනවද මේ cracked antivirus එකකින් ඔයා ඒ බලාපොරොත්තු වෙන protection එක හරි විදියටම හම්බෙනවා කියල? නෑ කොහෙත්ම නෑ. හොඳට මතක් තිය ගන්න. සල්ලි වලට තියෙන antivirus guard එකක් ඔයාට free දෙන්න තරම් මේ cyber අවකාශේ දානපතියො නෑ කියලා. එහෙම දෙන්නෙ ඔයාගෙනුත් දෙයක් බලාගෙනයි. Cracked antivirus එකක් දා ගන්නවා කියන්නෙ නිකන් හරියට ගෙදරට හොරෙන් පැනපු මනුස්සයට ගේ බලා ගන්න දුන්න වගේ වැඩක්.

ඒ නිසා අද අපි කතා කරමු paid Antivirus එකක් ගන්න එකෙන් ඔයාට තියෙන වාසි මොනාද කියල.

1. Malware වලට එරෙහි ආරක්ශාව

Malware එකක් කියන්නෙ Worms, Trojan horse, Spyware වගේ හෙන වදකාර programs වලට. මේකේන් ඔයාගෙ PC/Laptop වලට සැලකියයුතු හානියක් කරන්න පුලුවන්. මේ වගේ programs බොහොම ලේසියෙන් ඔයාගෙ PC/Laptop වලට එන්න පුලුවන් Malicious websites, Pirate software, Malicious email links වගේ දේවල් වලට ඔයා නිතරම යනවා නම්. උදාහරණයක් විදියට ඔයාට Photoshop cc අලුත්ම version එකේ cracked එකක් ගන්න torrent sites වලට යනවා නම් ඔයා virus වලට අඬගහල ගෙන්න ගන්නවා වගේ වැඩක් වෙන්නෙ.

ඉතින් කොහොම උනත් ඔයා හරි විදියෙ හොඳ security එකක් හම්බෙන antivirus එක භාවිතා කරනව නම් ඔයාට මේ ගැන ඒ තරම් බය වෙන්න දෙයක් නෑ. මොකද නිතරම antivirus එක update එකේ තියෙනව නම් මං අර උඩ කිව්ව ජාතියේ site එකකට ඔයා නොදැනුවත්ව යන්න හැදුවත් antivirus එක මගින් ඔයා ඒ site එකට යන එක වලක්වනවා.

2. Ransomware වලට එරහි ආරක්ශාව

Ransomware ගැන කිව්වොත් මේ කරදරකාරි programs වලින් භයානකම එක මේක කිව්වොත් නිවැරදියි. මොකද මේක තමයි හැම වෙලාවකම වෙනම developer team එකක් හරහා නිතරම develop වෙන එකම program එක මං දැනුවත්ව. මේකෙදි වෙන්නෙ ඔයාගේ PC/Laptop එකේ තියෙන ඔයාගේ හැම data එකක්ම ඔයාට තියා කිසි කෙනෙක්ට ආයේ යතා තත්වෙට ගන්න බැරි විදියට encrypt කරන එක. ඔයාට මේක ආයේ තිබ්බ විදියට හදා ගන්න ඕනෙ නම් ඉතින් මේ program එකේ developers ලට Ransom එකක් එහෙමත් නැත්නම් කප්පම් මුදලක් ගෙවන්න සිද්ද වෙනවා.

Developers ල කියන විදියට එහෙම එයාලා ඉල්ලන කප්පම් මුදල ඔයා BTC (Bitcoins) හරහා ගෙවීමක් කරාම ඔයාට Decryption code එකක් ඔයාට එවනවා. මෙයාලට payments කරන්න තියෙන්නෙ electronic money විදියට නිසා කිසිම විදියක් නෑ මේක කරන්නෙ කව්ද කියල track කර ගන්න. මේ වගේ එකක් antivirus guard එකකට උනත් අල්ල ගන්න එක එච්චර ලේසි නෑ virus guard එක නිතරම update කරල තියා ගන්නෙ නැත්නම්. ඉතින් cracked virus guard ගැන කවර කතාද.

3. Email වලින් ආරක්ශාව

මං නම් හිතන්නෑ ලංකාවෙ එතරම්ම ලොකුවට emailing භාවිතා වෙනවා කියල මොකක් හරි website එකකට signup/log in වීමකදි ඇරෙන්න. නමුත් emailing කියන්නේ සෑහෙන වැඩක් ගන්න පුලුවන් එකක්. ඉතින් මේ emails හරහා එනවා හරි අපූරු phishing emails ඕන තරම්. හරියට “ඔයා අලුත්ම iPhone 11 pro max එකක් win කරල තියෙනවා ඒක ගන්න නම් ඔයා මේ link එකෙන් ගිහින් signup වෙන්න. අපි අයකරන්නෙ 1$ courier charge එකක් විතරයි මේකට. ඒ නිසා credit/debit card info දාන්න.” කියල.

ඉතින් ඔය තැන් වල අපේ credit/debit cards info එහෙමත් enter කරනවා. හිතන්න. එක්කෙනෙක්ගෙන් 1$ උනාට ඒ වගේ කොච්චර එක දවස්කට එක විනාඩියකට හම්බෙනවා ඇතිද කියලා. ඔයා හොඳ antivirus එකක් නම් පාවිච්චි කරන්නෙ ඔයාට මේ වගේ කරදරකාර phishing emails වලිනුත් බේරෙන්න පුලුවන්

4. පෞද්ගලික දත්තව සඳහා ආරක්ශාව

Spyware වගේ programs වලට පුලුවන් ඔයාගේ වටින තොරතුරු එකතු කර ගන්න. හරියට bank account details, emails, Passwords වගේ දේවල්. ඉතින් මේ වගේ දේවල් එයාල ඔයාගෙන් අරං නිකන් ඉන්නෙ නෑ. ලොකු ලොකු ගණන් වලට විකුණනවා. සමහර companies වලට email address list එකක් කියන්නෙ සල්ලි උල්පතක් වගේ. මොකද ඒ email address වලට emails යවල එයාලගේ business එක තව grow කර ගන්න පුලුවන් නිසා.

5. පරිගණකයේ කාර්‍යක්ශමතාවය වැඩි කර ගැනීමට

උඩ කිව්ව කරුණු වල තියෙනවා වගේ programs ඔයාගේ PC/laptop එකෙත් run වෙනව නම් ඔයා සාමාන්‍යෙන් PC එක පාවිච්චි කරනවට වඩා PC එකේ performance අඩු ගතියක් දැනෙන්න පුලුවන්. ඒකට හේතුව මේ programs හැම එකක්ම ඔයාගේ background task වල නිතරම run වෙනවා. ඒ නිසා HDD Space, RAM usage, CPU usage එක සෑහෙන පාවිච්චි වෙනවා මේ programs වලට. කොටින්ම ඔයාට open කරපු window එකක් close කර ගන්න බැරි තරමටම PC එක freeze වෙන්න පුලුවන්.

ඉතින් මේ කිව්ව කරුණු 5 තමයි ඔයා හොඳ genuine Antivirus එකක් ගන්න එකෙන් ඔයාට ලැබෙන වාසි. ඔයාලම හිතල බලන්න. තවදුරටත් cracked antivirus එකක්ම use කරනවද නැත්නම් genuine antivirus එකක් use කරනවද කියල. ගොඩක් අය හිතන්න පුලුවන් antivirus ගොඩක් මිලෙන් අධිකයි කියල. ඇත්තටම එහෙම නෑ. ඔයාට ගැලපෙන සාදාරණ ගානකට හොඳ antivirus එකක් ඔයාට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. ඉතින් එහෙනම් ඇයි තවත් බලාන ඉන්නේ.