Loading...
GTA 6 නිකුත් කිරීම 2026ට කල් යයි?

මේ වෙලාවෙ global game community එක 2025 දී release වෙනක​න් ඉවසිල්ලක් නැතුව බලාගෙන game එකක් තමා GTA 6 කියන්නෙ.

Rockstar හිටපු සංවර්ධකයකු වන Obbe Vermeij පවසන්නෙ GTA 6 2026 ට කල් දැමීම ලබන වස​රේ මැයි මාසයේ පමණ නිවේදනය කිරීමට ඉඩ ඇති බවයි. වැඩි දුරටත් GTA 6 එළිදැක්වීම 2026 ට කල්යෑමට ඇති ඉඩ, කරුණු දක්වමින් සදහන් කරේ 2007 සිට 2008 දක්වා කල් දැමූ GTA 4 උදාහරණයට අරගෙනයි.

Vermeij හට අභ්‍යන්තර තොරතුරු කිසිවක් නොමැති බවද අවධාරණය කරයි. GTA 6 නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව තිබෙන්නෙ සැප්තැම්බර් මාසයේය. GTA නිකුත් කිරීම 2026 ට කල් යැව්වොත් එය 2025 මැයි මාසයේදී නිවේදනයක කිරීමට වැඩි ඉඩක් ඇති බව ඔහු සදහන් කළේය. තවද game එක පිළිබද සමාගම 100% සෑහීමකට පත් වන තුරු එය එළිනොදක්වන බවයි ඔහු සදහන් කරේ.

මේ පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු දැනගැනීමට androidwadakarayo අප සමගම රැදී සිටින්න.

Source: www.ign.com