ඔයා කවද හරි credit card එකක් පාවිච්චි කරල කඩේකින් බඩු අරන් තියනවද? ඒ වගේම කවද හරි Western Union පාවිච්චි කරලා පිටරටකින් සල්ලි ගෙන්නගෙන තියනවද?
දැන් හිතල බලන්න කවදාවත් ඔයාට Western Union පාවිච්චි කරලා බඩු ගන්නයි visa card එකකින් පිටරට ඉඳන් සල්ලි ගෙන්න ගන්නයි පුලුවන් වෙයිද?
බෑ නේද?
ඒ ඇයි?
ඒ අපි එදිනෙදා පාවිච්චි කරන financial services ඔක්කොම මහා ලොකු මුල්‍ය ජාලයක පොඩි පොඩි කොටස් විදිහටයි තියෙන්නේ. රටකින් රටකට නීති වෙනස් වෙනවා. ඒ හින්ද තමයි ඒ විදිහට බෙදිලා තියෙන්නේ. visa card එකක් ගත්තොත් card එක අයිති කෙනාගෙ බැංකුවයි ඒ කෙනා බඩු ගන්න කඩේ මුදලාලිගේ බැංකුවයි එක්ක visa network එක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ගනුදෙනුවක් උනාට පස්සේ දවස් කීපයක් ගිහින් තමයි ඒ බැංකු දෙක අතර cash settle වෙන්නෙ. මෙතන අතරමැදියෝ ගොඩක් ඉන්න නිසා තැනකින් තැනකට සල්ලි ගමන් කරද්දී fees විදිහට ලොකු මුදලක් යනවා. western union ගත්තත් එහෙමයි.
මේ වගේ efficiency එක හරිම අඩු system එකකින් අයින් වෙලා ඊට වඩා 1000 ගුණයක් efficient system එකකට මාරු වෙන්න බැරි වෙයිද? ඒ වගේ efficient system එකක තියෙන්න ඕනේ ගුණාංග මොනවද?
පළවෙනි එක තමයි ඒ වගේ network එකකට පුලුවන් වෙන්න ඕනේ මුල්‍ය වටිනාකමක් (monetary value) ඉතාම අඩු fee එකකට, පුළුවන් තරම් ඉක්මනට, ඒ වගේම බොහොම ලේසියෙන් තැනකින් තැනකට යවන්න. මේ හුවමාරු කරන මුල්‍ය වටිනාකම තියෙන්න ඕනේ digitally native (ඒ කියන්නේ digital විදිහට පමණක් තියන) asset එකක.
දෙවනියට ඒ network එක කිසිම කෙනෙක්ගේ වාරණ වලට ඒ වගේම එක එක රටවල් වල ආණ්ඩු වල නීති රීති බලපෑම් වලට යටත් වෙන්නේ නැති එකක් වෙන්න ඕනේ. කොටින්ම කියනවනම් සිමා මායිම් නැති, ඕනේ කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් open network එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකෙ base layer එක, ඒ කියන්නේ ඒකෙ පාදමේ ලොකුම වැඩේ තමයි network එකේ ආරක්ෂාව (security) සහතික වෙන එක. රටවල් ගණනාවක් එකතු වෙලා ඒ network එක attack කලත් කිසිම විදිහේ බාධාවක් නොවී network එක run වෙන්න හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ පාදම උඩ හැදෙන secondary layers වලින් ගොඩක් ඉක්මනට ඒ වගේම fee එකක් නැතුව ගනුදෙනු සිදුකරගන්න පුලුවන් වෙන්න ඕනේ. cash settle වෙද්දී අර asset එක තමන්ට කැමති විදිහට ඩොලර්, යුරෝ, රුපියල්, dialog star points වගේ ඕනෙම දේකට මාරු කරගන්න හැකියාවත් තියෙන්න ඕනේ.
ඉතින් එහෙම network එකක් තියනවද?
ඔව් ඒ තමයි Bitcoin..!
Bitcoin network එක කියන්නේ ලංකාවේ විදුලි භාවිතය වගේ කීප ගුණයක විදුලියක් හැමදාම පාවිච්චි වෙන, මේ සඳහාම නිපදවල තියන ASIC miners කියන පරිඝනක ලක්ෂ ගණනක් පැය 24 පුරා හැමදාම ක්‍රියාකරන, ලෝකේ හැම රටකම වගේ පැතිරිලා තියන nodes කියල හඳුන්වන පරිඝනක ලක්ෂයක් විතර තියන, හැමදාම වර්ධනය වෙන ජාලයක්.මේ network එක ඇතුලේ තියනව bitcoin කියල asset එකක්. ලෝකේ තියෙන්න පුළුවන් උපරිම bitcoin ගාන මිලියන 21යි. මේක සතොෂි කියල කුඩා ඒකක මිලියන 100 කට බෙදන්න පුළුවන්. Network එක ඇතුලේ සිද්දවෙන ගනුදෙනු ඔක්කොම block chain එකක, ඒ කියන්නේ open decentralized database එකක, සටහන් වෙනවා.
කාගේ හරි ගාව තියන සතොෂි ටිකක් තව කෙනෙක්ට යවන්න කරන්න තියෙන්නේ යවන්න ඕනේ කෙනාගේ bitcoin address එකට wallet app එකක් පාවිච්චි කරලා අදාල වටිනාකම send කරන එක (QR code එකක් scan කරලා ලේසියෙන් මේක කරන්න පුළුවන්). මේ ගනුදෙනුව base layer එකේ කරනවනම් පොඩි fee එකක් යනවා. ඒ වගේම finalize වෙන්න විනාඩි 10ක් විතර යනවා. ඒත් lightning network කියන secondary layer එක පාවිච්චි කරලා කිසිම fee එකක් නැතුව ක්ෂණිකව අදාල ගනුදෙනුව සිදු කරගන්න පුලුවන්. Bitcoin ලැබෙන කෙනාට පුළුවන් මේ network එක භාවිතා කරන Strike වගේ app එකක් use කරලා එයාට ලැබුන සතොෂි ටික ඩොලර්, යුරෝ වගේ කැමති මුදලකට හරවන්න.
ඉතින් මේ විදිහට මට කඩේකින් බඩු ගන්නයි රටකින් රටකට සල්ලි යවන්නයි bitcoin network එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මට ඕනේ මුදලාලිගේ හරි සල්ලි ලැබෙන කෙනාගේ හරි QR code එක විතරයි. මේ පොඩි උදාහරණ දෙකක් විතරයි. මේ වගේ එදිනෙදා වෙනස් වෙනස් සේවා පාවිච්චි කරලා අපි කරන තව ගොඩක් දේවල් අපිට bitcoin පාවිච්චි කරල කරගන්න පුළුවන්.
Internet එක එන්න කලින් අපි පත්තර බලන එක, චිත්‍රපටි බලන එක, සින්දු අහන එක, කඩේකින් බඩු ගන්න එක, බිල් ගෙවන එක වගේ දේවල් කලේ වෙනස් වෙනස් තැන් වලට ගිහින්. නමුත් internet එක නිසා ඒවා ඔක්කොම එකම network එකක් පාවිච්චි කරලා කරගන්න අපිට පුළුවන් වෙලා තියනව. Bitcoin කියන්නෙත් මේ වගේ network එකක්. තවම bitcoin පටන්ගත්ත විතරයි. මේ විදිහට ඉස්සරහට එන bitcoin companies වලින් අපි දැන් කරන ගොඩක් දේවල් bitcoin network එක පාවිච්චි කරලා කරගන්න ඉඩ ලැබෙයි.