X එහෙමත් නැති නම් Twitter, Elon Musk විසින් මිලදී ගත් අවස්ථාවේ සිට මේ දක්වා වෙනස්කම් රැසකට භාජනය වීම සිදු වු අතර මේ වන විට මේ සමාජ මාධ්‍ය ජාලය සඳහා අලුත්ම පහසුකමක් හඳුන්වා දීමට සුදානම් වන බවට මේ වන විට නිල වශයෙන්ම තොරතුරැ වාර්තා වෙනවා.
ඒ අනුව X සඳහා Audio සහ Video Calling පහසුකම ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇතැයි දක්වන්න පුලුවන්. මේ පහසුකම ලබා දීම පිළිබඳව මේ වන විටත් Elon Musk විසින්ම ඔහුගේ නවතම X Post එකක් හරහා ප්‍රකාශයට පත් කර තිබෙන අතරම මේ පහසුකම නිකුත් කරන දිනයක් පිළිබඳව නම් තවමත් තොරතුරැ සඳහන් වන්නේ නැ.
Video & audio calls coming to X:
— Elon Musk (@elonmusk) August 31, 2023
- Works on iOS, Android, Mac & PC
- No phone number needed
- X is the effective global address book
That set of factors is unique.
මේ Audio සහ Video Calling පහසුකම ඔස්සේ ඔබට ඔබගේ iPhone, Android smartphone, Mac හෝ Windows පරිගණකය ඔස්සේ Audio සහ Video Call ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම පහසුකම සඳහා ඔබගේ ජංගම දුරකථන අංකය අවශ්‍ය නොවන අතර මේ වන විටත් භාවිත කළ හැකි Direct Messages මෙන් මෙය භාවිත තළ හැකි වනු ඇත.

මේ පහසුකම සියලු X පරිශිලකයින්ට හිමි වේද නැතිනම් Premium පරිශිලකයින්ට පමණක් හිමිවේද යන්න පිළිබඳව තවමත් තොරතුරැ නොමැති අතර මෙය X Super App එකක් බවට පරිවර්ථනය කිරිමේ එක් පියවරක් ලෙස හඳුන්වා දෙන්න පුලුවන්.
Source: elonmusk