පසුගිය වසරේදී Individual Chats සහ Group Chatsවල Message Pin කිරීමේ පහසුකම WhatsApp සඳහා ලබා දෙනු ලැබුවා. එහිදි එක Message එකක් පමණක් මෙලෙස Pin කර තැබිය හැකි වුවා.
එම විශේෂාංගයේම තවත් වැඩි දියුණු කිරීමක් ලෙස මේ වන විට WhatsApp හි Individual Chats සහ Group Chatsවල Message තුනක් දක්වා Pin කර තැබිමේ පහසුකම ලබා දී ඇති බව WhatsApp සඳහා වන නිල X ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
if you like pinning a message, you’re going to love pinning three
— WhatsApp (@WhatsApp) March 21, 2024
📌 because you can now pin up to 3 messages in your chats
ඒ වගේම මෙලෙස Pin කරන Message පැය 24ක්, දින 07ක් සහ දින 30ක් වශයෙන් Pin කර තැබීමටත් හැකියාව ලබා දී තිබෙනවා. එම කාලය ඉකුත් වු පසු ස්වයංක්‍රීයවම එම Message එක Unpin වනු ලබනවා.
ඒ වගේම Group Chatsවලදී Adminට Group Membersලාට ද Message Pin කිරීමේ හැකියාව ලබා දිය හැකි වනවා. එලෙස Group Chatsවලදී Message එකක් Pin කළ විට ඒ බව Group Membersලාට එම Group Chat එක තුළම දැනුම් දෙනු ලබනවා.
Source: www.gsmarena.com WhatsApp on X